කොට්ටාව නගරය සංවර්ධනය කිරීමට නව සැලසුමක් එයි

    May, 9, 2014

    දකුණු අධිවේගී මාර්ගයේ මාකුඹුර පිවිසුමට ආසන්නතම නගරය වන කොට්ටාව නගරය සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රධාන සැලසුමක් සකස් කර තිබේ.

    මෙහි පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් කොට්ටාවේ පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සතු අක්කර 04 ක ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට සූදානම් වේ.

    මෙම සැලසුමට අනුව, කොට්ටාව නගරය තුළ වෙළෙඳ සංකීර්ණයක්, වාණිජ මධ්‍යස්ථානයක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයක් හා අනෙකුත් මහජන පහසුකම්  ඉදිකිරීමට නියමිතය.

    රජය වැඩිදුරටත් පවසන්නේ මෙම සංකීර්ණයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාලවල ප්‍රාදේශීය කාර්යාල ස්ථාපනය කරන බවයි.

    කොට්ටාව නගරය තුළ මගීන්ට පාර මාරුවීම සඳහා විදුලි ගුවන් පාලම් තුනක්ද ඉදිකිරීමට රජය සූදානම් වනබව පසුගියදා අප විසින් අනාවරණය කළේය.