මෙන්න! ලංකාවට පැමිණි නවතම Nissan 370Z මෝටර් රථය

    May, 9, 2014

    ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම විසින් Nissan 370Z මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

    Nissan 370Z යනු නිසාන් සමාගමේ Z මෝටර් රථ මාලාවේ හයවන පරම්පරාව ලෙසින් සැලකෙන අතර මීට පෙර සමාගම විසින් වෙළඳ පොළට නිකුත් කර තිබුණේ 350Z මෝටර් රථයයි.

    Nissan 370Z මෝටර් රථය මේ වනවිට සමාගමේ යුනියන් පෙදෙසේ තිබෙන ප්‍රදර්ශනාගාරයේ පාරිභෝගිකයින් වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇත.

    ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම මෝටර් රථයයි.