NSBM හරිත සරසවිය අද සිසු අයිතියට

    October, 26, 2016

    හෝමාගම පිටිපන පිහිටි NSBM හරිත සරසවිය අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරේ.

    අක්කර 26ක භූමි භාගයක පිහිටා ඇති මෙම සරසවියේ ගොනැගිලි වපසරිය වර්ග මීටර් 80,000ක් පමණ වේ.

    මෙහි එකවර සිසු සිසුවියන් 30,000කට පමණ අධ්‍යාපනය හැදෑරිය හැකි අතර මේ සඳහා රුපියල් බිලියන 10.2ක් ආයෝජනය කොට ඇත.