Odel සහ Insomnia කටුනායක ගුවන්තොටුපොළට

    December, 31, 2024

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මගී පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමවලට අයත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් 04ක් වසර 03ක කාලසීමාවකට පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම්කරුවන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 03 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අලෙවිසැල් දෙකක් පවත්වාගෙන යාම සඳහා වන මෙහෙයුම්කරුවන් වශයෙන් පිළිවෙලින් M/s Odel PLC සහ M/s Insomnia (Pvt) Ltd තෝරා ගැනීමටත්, අනෙකුත් අලෙවිසැල් සඳහා නැවත ලංසු කැඳවීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.