Oneworld ගුවන් සේවා සන්ධානය සිය මගීන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් පාරිභෝගික තොරතුරු මාලාවක් හඳුන්වාදෙයි

    July, 4, 2020

    සිය ගනුදෙනුකරුවන් සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සැපයීම සඳහා වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානය විසින් තොරතුරු මාලාවක්  හඳුන්වා දී ඇත. එමගින්  ගෝලීය ගුවන් සේවා  සන්ධානයේ සාමාජික ගුවන් සමාගම් ඔවුන්ගේ මගීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය  වෙනුවෙන් ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරයි.

    Oneworld.com මගින් ලබාදෙන මෙම තොරතුරු කේන්ද්‍රය හරහා, භූමියේ ක්‍රියාත්මක කර ඇති විවිධ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සහ වන්වර්ල්ඩ් සාමාජික ගුවන් සමාගම් මෙන්ම වන්වර්ල්ඩ් ගෝලීය ජාලයේ ප්‍රධාන ගුවන්තොටුපළවල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එකවර පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ. ගුවන් සන්ධානය හරහා බහු-අංශ චාරිකා වල යෙදෙන ගනුදෙනුකරුවන්ට, එක් එක් සාමාජික ගුවන් සමාගම් ඔවුන්ගේ ගුවන් සංචාරයේ දී ගනු ලබන සෑම පියවරකදීම ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින බවට සහතික විය හැකිය.

    සාමාජික ගුවන් සමාගම් විසින් හඳුන්වා දී ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග අතරට සෘජු පිරික්සුම් ස්ථාන, ගුවන් යානා පිරිසිදු කිරීම, ගුවන් තොටුපලවල සහ විවේකාගාරවල පාරිභෝගික ස්පර්ශක ස්ථාන වලදී ගත යුතු ක්‍රියාමාර්ග, සංචාරය සඳහා පිටත්වීමට පැමිණි පසු ගනු ලබන ක්‍රියාවලියේ දී පෞද්ගලික දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැළඳීම වැනි තොරතුරු ඇතුළත් වේ.  ගුවන් යානා වල HEPA (ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් අංශු වාතය) භාවිතා කිරීම ඇතුළු පියවරයන් ද  ඊට අමතරව ඇතුලත් වේ.

    මෙම තොරතුරු කේන්ද්‍රය මගින්, ගනුදෙනුකරුවන්ට තමන් කැමති වන්වර්ල්ඩ් ගුවන් සේවාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ නවතම තොරතුරු පහසුවෙන් දැක ගත හැකිය. එසේම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් ජාලයේ ප්‍රධාන ගුවන් තොටුපලවල හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද පාරිභෝගිකයින්ට සොයා බැලිය හැකිය.

    oneworld ප්‍රධාන විධායක නිලධාරී රොබ් ගර්නි (Rob Gurney) මෙසේ පැවසීය. “වන්වර්ල්ඩ් සාමාජික ගුවන් සමාගම් සඳහා ආරක්ෂාව සැමවිටම ප්‍රමුඛතාවය දී තිබේ. මෙම අභියෝගාත්මක කාලවලදී පියාසර අත්දැකීම් වෙනස් වන අතර අපගේ සාමාජික ගුවන් සමාගම් පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. අද අප හඳුන්වා දුන් තොරතුරු කේන්ද්‍රය  එම කැපවීමේ තවත් පියවරක් වන අතරම එම නිසාම  ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන විට ඊටත් වඩා මනසට සහනයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ” යැයි ඒමහතා වැඩිදුරටත් පැවසීය.