Online freelancing වැඩිම පිරිස කුරුණෑගලින් – මාසයකට ලක්ෂ 2 උපයන අයත් ඒ අතර

    February, 2, 2017

    Online freelancing හෙවත් අන්තර්ජාලය හරහා ස්වාධීනව කටයුතු කරමින් මුදල් උපයන 17,000 – 22,000 ක් අතර පිරිසක් මෙරට සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහති පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනු ලැබීය. ලර්න්ඒෂියා ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී ඇත.

    Online freelancing ක්ෂේත්‍රය තුළ කටයුතු කරන වැඩිපිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිටින බවට හඳුනාගැනීම, මෙම සමීක්ෂණයෙහි සුවිශේෂී කරුණක් ලෙස මහාචාර්ය සමරජීව මහතා මෙහිදී හෙළිදරව් කළේය.

    තවද Online freelancing වැඩකටයුතු හරහා සාමාන්‍ය වශයෙන් එක් අයෙකු රුපියල් විසිදහසක් පමණ මාසිකව උපයනු ලබන බවත්, ඒ අතර මාසයකට රුපියල් ලක්ෂ දෙකක පමණ ඉපයීමක් සිදුකරන අය ද සිටින බවත් මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වූ බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමඟ අද දෙරණ Biz 24x7 කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=3ZzurcU5IjA&feature=youtu.be