September, 17, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (17) දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.5 ක් ලෙසින් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදෙස් පාර්ශව දෙකක් අතර සිදු වූ කොටස් ගනුදෙනුවකි.
එහිදී OVERSEAS REALTY (CEYLON) PLC සමාගමේ කොටස් 299,414,169 ක්, කොටසක් රු. 14.70 බැගින් හුවමාරු වී ඇති අතර එහි අලෙවිකරුවා වී ඇති එම සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ JIANGSU TAO SHING PEE EDCUATION FOUNDATION ආයතනයයි. ඒ අනුව මෙම කොටස් Shing Kwan (Pte) Ltd විසින් කොටස් 142,578,176 ක් සහ Peeli Limited විසින් කොටස් 156,835,993 ක් වයෙන් මිල දී ගෙන තිබේ.
මෙම කොටස් හුවමාරුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 4.4 කි. මේ අනුව අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම වූ රුපියල් බිලියන 4.58න් 96%ක්ම නියෝජනය වී ඇත්තේ මෙම ගනුදෙනුවෙනි.
Video Story