PARKLAND බිල්ඩිම රුපියල් 8 බැගින් මහජනයාට විකුණයි

    March, 10, 2017

    කොළඹ 02 PARKLAND පරිශ්‍රයේ හිමිකරුවා වන RIL Property Ltd සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් කිරීමට තීරණය කර තිබේ.

    මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 120 ක් රුපියල් 8.00 බැගින් නිකුත් කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇත.

    රුපියල් මිලියන 960 ක අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා සිදුකරනු ලබන මෙම කොටස් නිකුතුව 2017 අප්‍රේල් 04 වැනි දා සිට මහජනයාට විවෘත වේ.

    කොළඹ 02 පාක් විදියේ පිහිටි PARKLAND ගොඩනැගිල්ල මහල් 22 කින් යුතු කාර්යාල සංකීර්ණයකි.