PC Pharma හි, 25% ක අයිතිය ඇඩම් ඉන්වෙස්ට්මන්ට් අතට

    June, 25, 2014

    පී.සී.එච්. හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ ඖෂධ, වෛද්‍ය උපකරණ, මෙරටට ආනයනය කර බෙදා හරින PC Pharma සමාගමේ 25.71% ක කොටස් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් මිලදීගෙන තිබේ.

    මේ අනුව, 2014 ජුනි 23 වනදා සහ ජුනි 25 වනදා කාලයේදී ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම PC Pharma සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 25.9 ක් මිලදීගෙන ඇත.

    මෙහිදී, කොටසක් රුපියල් 1.20 සිට රුපියල් 1.50 ක් දක්වා වූ මිලකට මිලදීගෙන තිබෙන අතර ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පවසා තිබෙන්නේ 2014 ජුනි 23 වනදා PC Pharma හි, කොටස් මිලියන 18.5 ක් මිලදීගත් බවයි.