Viva ELITE වලින් පසුව කරළියට එන පොඩි කාරය මෙන්න

    August, 11, 2014

    මැලේසියානු පෙරුඩුවා (Perodua) සමාගම විසින් නිපදවූ වීවා මෝටර් රථ සඳහා ලංකාවේ තිබෙන්නේ විශාල ඉල්ලුමකි. වීවා මෝටර් රථ මෙරට මහ පාරේ නිතර දකින්නට හැකිය.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වීවා මෝටර් රථයෙන් පසුව පෙරුඩුවා (Perodua) සමාගම විසින් තවත් කුඩා මෝටර් රථයක් නිපදවා තිබෙන බවත් එය ළඟදීම එළිදැක්වීමට සූදානම් වන බවයි.

    මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Perodua Axia නමින් වන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වන බවත් සුපුරුදු පරිදි ජපාන ඩයිහට්සු සමාගම සමග එක්ව නිපදවා තිබෙන බවත් සඳහන්ය.
    Perodua මෝටර් රථ බාහිර සැලසුම් මැලේසියානු සමාගම විසින් නිර්මාණය කළද එම මෝටර් රථවල අභ්‍යන්තර කොටස් වලින් වැඩි කොටස ඩයිහට්සු සමාගම හා ටොයොටා සමාගම විසින් නිපදවා තිබේ.

    එයට හේතුව වන්නේ Perodua සමාගමෙන් කොටසක් ජපාන ඩයිහට්සු සමාගමට අයත් වීමත් ඩයිහට්සු සමාගම සහ ටොයොටා සමාගම අතරද ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් තිබීමයි.
    මේ අනුව, වාර්තා වන ආකාරයට Daihatsu Ayla මෝටර් රථය Perodua Axia යනුවෙන් සන්නාමකරණය කර තිබේ.

    මෙම මෝටර් රථය එළි දැක්වීමෙන් Perodua සමාගම තරගයක් ලබාදීමට සූදානම් වන්නේ Kia Picanto, Hyundai i10 සහ Chevrolet Beat යන මෝටර් රථ වලටයි.

    දැනට මාධ්‍ය ඔස්සේ නිකුත්වී තිබෙන Perodua Axia මෝටර් රථයේ සේයාරූ මෙන්න. Perio02oi0Peroperod