PIA – ශ්‍රීලංකන් ගනුදෙනුවටත් දූෂණ චෝදනාවක්

    February, 6, 2017

    ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානා තුනක් අර්ධ කල්බදු පදනම මත පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන PIA ගුවන්සේවය විසින් ලබා ගැනීම හරහා සිදුවූ ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටී.

    පාකිස්තානු පුවත්පතක් වන The Nation පුවත්පත අනාවරණය කරන පරිදි මෙම ගනුදෙනුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන පාකිස්තානු Federal Investigation Agency හි විමර්ෂකයෙකු කියා සිටින්නේ ඉතා ඉහළ මිලකට අදාළ කල්බදු ගැනීම සිදුව ඇති බවයි. ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් මිලියන 993සමුච්ඡිත අලාභය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් මෙම තීරණය ගනු ලැබූ බවත් ඒ වන විට PIA ගුවන් සේවයේ අලාභය 2016 තෙවන කාර්තුව වන විට රුපියල් බිලියන 300 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

    පාකිස්තානයේ ඇතැම් පුද්ගලික ගුවන් සේවා සමාගම් විසින් ගුවන්යානා කල්බදු ගන්නා මිල මෙන් සියයට 60-100 ත් අතර ඉහළ මිලකට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් යානා කල්බදු ගැනීම සිදුව ඇතැයි මෙහිදී සඳහන් වේ.

    පාකිස්තානයේ The Nation පුවත්පතේ පළ වූ සම්පූර්ණ වාර්තාව පහතින් කියවිය හැකිය.

    http://nation.com.pk/newspaper-picks/02-Feb-2017/fia-probes-corruption-charges-against-pia