• Ada Derana BIZ Sinhala
  • PropertyGuru
  • sri lanaka

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල පස්වන වරටත් ශ්‍රී ලංකාවේ ආරම්භ වෙයි

July, 4, 2022

PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් මස 2 වනදායින් අවසන් වන බව දන්වා සිටියි. පස්වන වරටත් වාර්ෂික පැවැත්වෙන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල (ශ්‍රී ලංකාව) වසරේ විශිෂ්ටතම දේපළ සංවර්ධනකරුවන්, ව්‍යාපෘති සහ සැලසුම්කරුවන් ඇගයුමට ලක්කරයි.  2022 වසරේ මෙම සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට 2022 සැප්තැම්බර් 2 –  අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 19-22 සැප්තැම්බර් - පරිශ්‍ර  නිරීක්ෂණය , 26 සැප්තැම්බර් අවසාන විනිශ්චය ,14 ඔක්තෝම්බර් සම්මාන ප්‍රධානෝත්සවය , 09 දෙසැම්බර් 2022 – කලාපීය සම්මාන ප්‍රධානෝත්සවය වේ.

මෙවර 2022 සම්මාන උළෙල සඳහා කාණ්ඩ 57ක් යටතේ සුදුසුකම් ලබන සමාගම් හට තරඟ කළ හැකි අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ESG සහ තිරසාර සැලසුම් සහ ඉදිකිරීම් සඳහා විශේෂ පිළිගැනීම් මෙන්ම වාණිජ ව්‍යාපෘති සඳහා විවිධ ගෞරව පිළිගැනීම් හිමිකර ගැනීමට අදාළ සමාගම් හට හැකියාව හිමිවේ. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්‍යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ. මෙහිදී මාලදිවයින තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය සහ මාලේ නගරය තුල හොඳම නේවාසික ව්‍යාපෘතිය  සඳහා සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

https://www.asiapropertyawards.com/en/nominations වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙය කර්මාන්ත සහ මහජනතාව සඳහා ද විවෘත සම්මාන උළෙලකි. මෙහි සියලුම තරඟකරුවන් අතරින් ජයග්‍රහකයින් තෝරා ගනු ලබන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන දිගු තෝරා ගැනීම් ක්‍රියාපටිපාටියකට පසුව වීම සුවිශේෂී වේ.  HLB Sri Lanka, මෙවර සම්මාන උළෙලේ නිල අධීක්ෂක වශයෙන් කටයුතු කරන අතර, සම්පුර්ණ සම්මාන උළෙල ඉහළ විනිවිදබාවයකින් සහ උපරිම සාධාරණත්වයකින් සිදුකිරීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරයි.

2022 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණය කරන ප්‍රධාන ජයග්‍රහකයින් සඳහා දෙසැම්බර් මස 9 වන දින තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 17වන PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ  ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ.

පසුගිය වසරේ පැවැත්වුණු සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ Home Lands Skyline (Pvt) Ltd විසින්, Best Developer සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන හතක් හිමිකර ගන්නා ලදී. 2005 දී ආරම්භ කරන ලද PropertyGuru Asia Property Awards, දේපල සංවර්ධන, ඉදිකිරීම්, ගෘහ නිර්මාණ ශිල්පය, අභ්‍යන්තර සැලසුම් සහ තිරසාර ගොඩනැගිලි සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ විශිෂ්ට දෑ සොයමින් ඒවා අගය කරමින්, අන්තර්ජාතික තලයට එම නිර්මාණ සහ අදාළ නිර්මාණ සැළසුම්කරුවන් රැගෙන යාමට කැපවී ක්‍රියා කරයි.  දැනට මෙම සම්මාන උළෙල, ඕස්ට්‍රේලියාව, චීනය, හොංකොං, මැකා සහ ජපානය ඇතුළු කලාපයේ ගතික දේපල වෙලඳපොලවල් රැසක් ආවරණය කරමින් වාර්ෂිකව පවත්වයි. තවද, 2020 සහ 2021 වර්ෂ තුළ මෙම සම්මාන උළෙල ඔන්ලයින් ආකාරයට ප්‍රජාවට නැරඹිය හැකි ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර, එය මිලියනයකට අධික පිරිසක් විසින් නරඹා ඇත.

පස්වැනි PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ, නිල cable TV හවුල්කරු ලෙස History Channel , PropertyGuru දේපළ වාර්තා සඟරාව නිල සඟරා සහකරු ලෙස දනිල මහජන සම්බන්ධතා සහකරු ලෙස PR WIRE,   නිල ESG සහකරු ලෙස Baan Dek Foundation, සහ නිල අධීක්ෂණ සහකරු ලෙස HLB Sri Lanka ක්‍රියාත්මක වනු ඇත.   වැඩිදුර විස්තර awards@propertyguru.com වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.