QR ඉන්ධන කෝටාව සතිපතා වෙනස් වෙයි

    July, 28, 2022

    QR ක්‍රමවේදය හරහා එක් එක් රථය වෙනුවෙන් ලබා දෙන ඉන්ධන කෝටාව සතිපතා වෙනස්විය හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකාර චමින්ද සමරකෝන් මහතා පවසයි.

    සංස්ථාව සතුව තිබෙන ඉන්ධන සංචිතය පදනම් කර ගනිමින් මෙම කෝටාව සෑම ඉරිදා දිනයකදීම යාවත්කාලීන කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    "සතියේ ඉන්ධන කෝටාව ඉරිදාට තමයි අපි යාවත්කාලීන කරන්නේ. ඒකේදී මූලික පදනම වෙන්නේ අපේ අතේ තිබෙන ඉන්ධන සංචිතය. අපිට තෙල් ලැබුණොත් මේ කෝටාව වැඩි කරන්න පුළුවන්. අපේ සංචිතය අඩුවෙනවා නම් මේ කෝටා එකත් අඩු කරන්න සිදුවෙයි."