Renuka Agri Foods සතු සමාගමක් විකුණයි

    February, 28, 2014

    Renuka Teas Ceylon (Private) Limited සමාගමේ සියයට 100 ක කොටස් රුපියල් මිලියන 96.8 කට Renuka Shaw Wallace PLC සමාගමට Renuka Agri Foods PLC සමාගම විසින් විකුණා තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, මෙම ගනුදෙනුව සිදුවී තිබෙන්නේ සමූහය තුළම සමාගම් දෙකක් අතරයි.

    මෙහිදී, විකුණා තිබෙන්නේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 1.2 ක් සහ සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 1.2 ක ප්‍රමාණයකි.

    මෙම ගනුදෙනුව මගින් ලබාගත් මුදල් Renuka Agri Foods PLC සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වන වැවිලි, කෘෂි කාර්මික කටයුතු, නිෂ්පාදන, අලෙවිකරණ, අපනයන, වැඩි දියුණු කිරීම සඳහාත් පොල්, කිරි සහ පළතුරු නිෂ්පාදන දේශීයව බෙදා හැරීම සඳහාත් යොදා ගැනීමට සමාගම සැලසුම් කර තිබේ.