Resus Energy වැඩි බලය Trydan Partners යටතට

    February, 22, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ බලශක්ති කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Resus Energy PLC හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට Trydan Partners සමාගම අද (22) දිනයේ දී සමත් විය.

    Resus Energy PLC සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ NDB Capital Holdings PLC සතුව තිබූ කොටස් 10,388,284 ක් Trydan Partners විසින් අද දිනයේ දී මිල දී ගනු ලැබූ අතර එය Resus Energy PLC කොටස් ප්‍රාග්ධනයෙන් 17.8% ක් විය.

    මෙහිදී එක් කොටසක් ගනුදෙනු වූ මිල රු.26.30 ක් ලෙසින් සටහන් වූ අතර අදාළ සම්පූර්ණ ගනුදෙනුවේ වටිනාකම රුපියල් 273,211,869.20 ක් ලෙසින් වාර්තා වුණි.

    මෙම ගනුදෙනුවට පෙර Resus Energy PLC හි 14.51% ක කොටස් අයිතිය Trydan Partners සතුව පැවතිණි. අද දින සිදුවූ මෙම ගනුදෙනුවත් සමගම එම ප්‍රමාණය 32.31% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අනුව Resus Energy PLC සමාගමේ මෙතෙක් විශාලතම කොටස්කරුවා වූ ACL Cables PLC අභිබවා යාමට Trydan Partners සමත් වී තිබේ. මීට පෙර Resus Energy PLC හි 31.71% ක කොටස් අයිතිය ACL Cables PLC සතුව පැවතිණි.