RIL දේපළ සඳහා අධි ඉල්ලුමක්

    April, 4, 2017

    අද (04) දින විවෘත කරන ලද RIL ප්‍රොපර්ටි ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා මේ වන විට ඉදිරිපත් කළ කොටස් ප්‍රමාණයට වඩා අයදුම්පත් ලැබී ඇති බව සමාගම නිවේදනය කර සිටී.

    රු. 8.00 බැගින් කොටස් මිලියන 120 ක් මෙහිදී නිකුත් කිරීමට නියමිත අතර අද සවස 4.30 ට මෙම කොටස් නිකුතුව අවසන් කරන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.