රුවන්පුර අධිවේගිය ඉංගිරියෙන් ගැලනිගම පිවිසුමට

    July, 10, 2014

    යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය පැල්මඩුල්ලේ සිට ඉංගිරිය දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉංගිරියේ සිට දැනට තිබෙන මාර්ගය මගින් දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට මෙම අධිවේගී මාර්ගය සම්බන්ධ වනු ඇති බවත් වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා කියයි.

    “රත්නපුර අධිවේගී මාර්ගය ඉදිවන්නේ ඉංගිරියේ සිට පැල්මඩුල්ල දක්වායි. ඒ සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ රජයේ ඉඩම් හා වගුරු බිම් බහුල ප්‍රදේශයක්. මේ නිසා, ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සඳහා එතරම් කාලයක් ගත වෙන එකක් නෑ.“

    යනුවෙන් අමාත්‍යවරයා අප සමග කීය.

    මෙම මාර්ගයේ වැඩ මේ වසරේ ආරම්භ කිරීම සඳහා ණය ලබාගැනීමට චීන පාර්ශවයක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.