SAGT සෙමින් වැඩ නිසා මිලියන 250 ක පාඩුවක්

    April, 19, 2017

    කොළඹ වරායේ පළමු පුද්ගලික අංශ තොටුපළ පර්යන්තය වන South Asia Gateway Terminal (SAGT) හි සේවකයින් විසින් ක්‍රියාවට නංවා තිබූ සෙමින් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් මිලියන 250 ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.

    අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබා දිය යුතු බෝනස් දීමනා සම්බන්ධයෙන් පැන නැඟුණු මෙම ගැටළුව හේතුවෙන් අප්‍රේල් 07 දින සිට එහි සේවකයින් සෙමින් වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ අතර ඊයේ (18) බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ ක්‍රියාමාර්ගය අද (19) සිට අත්හිටුවා තිබේ.

    මෙම කාලපරිච්ඡේදය තුළ දී නෞකා 30 කට පමණ සේවා සැපයීම සිදු කෙරී නොමැති බවත් එහිදී සාමාන්‍ය වශයෙන් පැයකට සිදුකෙරෙන බහලුම් මෙහෙයුම් 35 සිට 10 දක්වා පහත ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හි SAGT ප්‍රධාන විධායක නිලධාරී Erwin Haaze කියා සිටින්නේ අදාළ කාලය තුළ සිය මෙහෙයුම් අඩපණ වීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ සිය ගනුදෙනුකරුවන් තේරුම් ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වන බවත්, අදාළ කාලපරිච්ඡේදය තුළ දී ඇති වූ බලපෑම අවම කිරීම පිණිස වරාය අධිකාරිය, JCT හා CICT පර්යන්තවලින් ලද සහාය අගය කරන බවත්ය.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, APM Terminals, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා Peony investments, SAGT හි ප්‍රධාන කොටස්කරුවන් වේ.