Samsung නව්‍යකරණයන් අත්දැකීම් යුගයේ (Age of experience) පෙරමුණ ගනී

    January, 14, 2020

    - Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU

    සාමාන්‍යයෙන් නව වසරක් ආරම්භවීම යනු ගතවූ වසර සහ එළඹෙන අනාගතය දෙස විමසුම් සහගත දැක්මකින් බැලීමට සුදුසුම කාලයකි. අභියෝග ජයගනිමින් නව අවස්ථා විවර කරගනිමින් ඉදිරියට යාම සඳහා හොඳම අවස්ථාවක් බවට මේ මොහොත පත්කරගැනීමට හැකිය.

    ලාස් වේගාස් නුවර පැවැත්වෙන CES 2020 ලෝකයේ දැවැන්තම පාරිභෝගික තාක්ෂණික සම්මන්ත‍්‍රණයයි. සෑම වර්ෂයකම මම ඉතා බලාපොරොත්තු සහගතව සිටින අවස්ථාවක් ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. තාක්ෂණය නිසි ආකාරයට භාවිතා කිරීම සහ අපගේ ක්ෂේත‍්‍රයෙහි වඩාත් නව්‍යකරණයන් ඒකරාශී කරමින් ජනයාට දැකබලා ගැනීමට ඉඩහසර ලබා දෙන අවස්ථාවක් ලෙසද මෙම සම්න්ත‍්‍රණය හැඳින්විය හැකිය.

    නැවත වතාවක් Samsung ශ‍්‍රී ලංකා නියෝජනය කරමින් Samsung සම්මන්ත‍්‍රණයට සහභාගී වන්නට ලැබීම ගැන මා අඩම්බරයට පත්වන බව කිව යුතුයි. ලෝකය වෙනස් කරන තාක්ෂණික නව්‍යකරණයන් පිළිබඳව මෙවර එහි සාකච්ඡාවට බඳුන් විය. නව දශකයන් ආරම්භ වන වර්ෂයක් වීම නිසා මෙවර සම්ම්න්ත‍්‍රණයට වැඩි අගයක් හිමිවන බවත් කිව යුතුයි. මෙය පසුගිය දශකයක කාලය දෙස නැවත හැරී බැලීමක් කරන්නට අප පොළඹවන වර්ෂයක්.

    ගතවූ දශකය අපගේ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත් විට විශාල සංවර්ධනයක් සිදුවූ දශකයක් බව මගේ කල්පනාවයි. මෙම දශකයේදී ස්මාර්ට් ජංගම දුරකථනය අපේ ජීවිතවල අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විණි. 2010 වර්ෂයේදී අප අතරට පැමිණි Internet of Things (IoT) යනු ගතවූ දශකයේදී තාක්ෂණික වශයෙන් පෙරට පැමිණි තවත් වැදගත් ක්ෂේත‍්‍රයකි. වර්තමානයේදී අප අත ඇති ජංගම දුරකතන බහුතරයක් IoT තාක්ෂණයෙන් සමන්විත ඒවාය. ඒවා එකිනෙක සම්බන්ධ කරමින් අපගේ පාරිභෝගිකයින් අතර සබ`දතා ශක්තිමත් කරන්නට අපි කටයුතු කරන්නෙමු. විශේෂයෙන්ම පසුගිය දශකයේ ඉස්මතුව ආ තාක්ෂණයන් අතර කෘත‍්‍රීම බුද්ධිය (AI) පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අපගේ එදිනෙදා ජීවිතය හැඩගැස්වීමේ සහ මෙහෙයවීමේ බලපෑම් සහගත දායකත්වයක් ලබා දෙන තාක්ෂණයක් ලෙස එය හැඳින්විය හැක.

    මෙම පසුබිම තුළ ලාස් වේගාස් නගරයේ අපගේ හමුවීම එළඹෙන නව දශකය දෙස සුබවාදී දැක්මක් ලබා දෙනු ඇත. Samsung සමාගම අනාගත අවස්ථාවන් කල් තබා දක්නා සමාගමකි. AI සහ IoT තාක්ෂණයන්හි සංවර්ධනයත්, 5G තාක්ෂණයෙන් ලැබෙන සවිබලයත් සමග බුද්ධිමය සබඳතා සහිත ලෝකයක් පිළිබඳ අපගේ දැක්ම යථාර්තයක් කරගැනීමට 2020 වර්ෂය වඩාත් හොඳ ආරම්භයක් ලබා දී තිබේ.

    ‘අත්දැකීම් යුගයක්’ නිර්මාණය කරමින්, පාරිභෝගික අවශ්‍යතා තේරුම්ගත හැකි බුද්ධිමය සහකරුවෙක් ලෙස ක‍්‍රියාකරමින් Samsung නව්‍යකරණයන් වඩාත් ඵලදායී ලෝකයක් නිර්මාණය කිරීමට දායක වේ

    පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්හි වෙනස්කම් සිදුවීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම අපගේ සමාගමට සාර්ථකව ඉදිරියට යාම සඳහා සත්‍ය වශයෙන්ම හේතු වේ. වේගවත් නාගරීකරණය, ජනගහණ වර්ධනය වැනි සාධක අපේ ලෝකය වෙනස් කරමින් පවතියි. මෙම සිදුවෙමින් පවතින වෙනස්කම් නිසා නව්‍යකරණයන් සිදුකිරීමේ ගණනය කළ නොහැකි තරම් නව අවස්ථා නිර්මාණය වෙමින් තිබෙන අතර, පාරිභෝගිකයාට හා සමාජයට නව අගයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. ජනතාව සෑම විටම තමන්ට ලැබෙන දෙයට වඩා යමක් බලාපොරොත්තු වෙති. නව තාක්ෂණයන් වඩාත් අර්ථවත් ලෙස ඔවුන්ගේ ජීවිතවලට අදාල වන අත්දැකීම් වැඩියෙන් ලබන්නට ඔවුහු කැමති වෙති.

    නව දශකයක ඇරඹුමේදී තාක්ෂණය ‘අත්දැකීම් යුගයකට’ පිවිසෙනු අපට පෙනී යයි. ඔබේ පුද්ගලික අවශ්‍යතාවන්ට පිළිතුරු ලබා දෙන එකිනෙකාට අනන්‍ය තාක්ෂණයක් හරහා එය සිදුවෙමින් පවතී.  එක් තැතැත්තෙකු වශයෙන් ඔබ භාවිතාකරන ජංගම උපකරණයන්ට හඳුනාගැනීමට හැකියාව පවතින බවත්, ඩිජිටල් සහ භෞතික ලෝකයේ සීමා ඉක්මවමින් ඔබ ජීවත්වන නගර හා ප‍්‍රජාවන් සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකිරීමට දායක වන බවත් එයින් අදහස් කෙරේ.

    අත්දැකීම් යුගය (The Age of Experience) අතීතයේ මෙන් නොව තාක්ෂණය වඩාත් පුද්ගල බද්ධ සබඳතාවයක් බවට පත්කරන්නට උපකාරී වනු ඇත. වැඩි උපකරණ සංඛ්‍යාවක් සමග ඔබේ ජීවිතය වෙනස් කිරීමට දායකවනවා වෙනුවට, ඔබේ උපකරණ අසීමිතව ඔබ වෙනුවෙන් ක‍්‍රියාත්මක වනු ඇත. ඔබේ අවශ්‍යතාවයන් ඉක්මනින් ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙන ‘බුද්ධිමය සහයෝගීතාකරුවෙකු’ සිටීම කොතරම් පහසුවක් දැයි මොහොතකට කල්පනාකර බලන්න.

    මේ අත්දැකීම් යුගයේදී පෙරමුණ ගනිමින් Samsung සමාගම සුවිශේෂී දායකත්වයක් ලබාදීමට සූදානමින් සිටී. IoT, AI සහ 5G තාක්ෂණයන්හි අපි සිදුකර තිබෙන ආයෝජන හා ලබා දෙන නායකත්වය හෙට දවසේ තාක්ෂණික භාවිතාවන් අද දවසට රැගෙන ඒමට හැකියාව ලබා දී තිබේ.

    ඉහත සඳහන් කළ සෑම තාක්ෂණික වර්ධනයක්ම භාවිතා කිරීමට කැපවෙමින් එහි ප‍්‍රතිලාභ පාරිභෝගිකයා අතට පත්කරන්නට අපි කටයුතු කරන බව CES හිදී අදහස් හුවමාරු කරගන්නට මම අපේක්ෂා කරමි. අපේ අත්දැකීම් වඩාත් යහපත් කිරීමට හා වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය සතුව විශාල වගකීමක් තිබෙන බව මගේ විශ්වාසයයි. නව්‍යකරණයන් යනු මානව හැකියාවන් ඉහළ නැංවීම බව Samsung සමාගම විශ්වාස කරන අතර, අපේ වටිනා පාර්ශවකරුවන් සමග එක්ව තාක්ෂණික හැකියාවන් සංවර්ධනය ඔස්සේ මිනිස් ජීවිත වඩාත් දියුණුවට රැගෙන යාමට කටයුතු කරන්නෙමු. අත්දැකීම් යුගය 2020 වර්ෂයට සහ ඉන් ඉදිරියට තාක්ෂණික සංවර්ධනයන් ඉහළින් අත්වි`දගැනීමට හැකියාව උදාකරනු ඇතැයි මම විශ්වාස කරනවා.

    නව්‍යකරණය යනු අපගේ අවසාන ඉලක්කය නොවන අතර, වඩාත් ඵලදායී ලෝකයක් නිර්මාණය කරන්නට ආරම්භක පියවර කරගනිමින් පාරිභෝගිකයින්ගේ සිට නව්‍යකරණ නිර්මාණකරුවන් දක්වා සහ ඔබේ නිවසේ තාක්ෂණ භාවිතාවන් දක්වා හෙට දවස වෙනුවෙන් එකමුතුව කටයුතු කරන්නෙමු.

    අප සතුව තවත් බොහෝ දේ ඇති අතර, 2020 සහ ඉන් ඉදිරියට අත්දැකීම් යුගය පිළිබඳව වැඩි දුරටත් අදහස් බෙදාගැනීමට මම ඉතාමත් කැමැත්තෙන් සිටිමි.

    ඡායාරූපය - Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU මහතා