සැම්සුන්ග් ගැලැක්සි S5 පැටියා උපදී. ලෝකයම අවධානයෙන්

    June, 17, 2014

    සැම්සුන්ග් ගැලැක්සි S5 ස්මාර්ට් ජංගම දුරකතනය කුඩා ප්‍රමාණයේ දුරකතනයක් ලෙසින්ද එළි දැක්වීමට සැම්සුන්ග් සූදානම් වන බවත් එහි මිල සාමාන්‍ය S5 දුරකතනයේ මිලට වඩා අඩුවනු ඇති බවත් වාර්තා වේ.

    මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Samsung Galaxy S5 Mini යනුවෙන් නම්කර තිබෙන අතර S4 ස්මාර්ට් ජංගම දුරකතනයේ කුඩා ප්‍රමාණයේ දුරකතනය සැම්සුන්ග් සමාගම විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී ඩොලර් 350 ක මිලකට එළි දැක්වීය.

    කුඩා ප්‍රමාණයේ S5 ස්මාර්ට් දුරකතනයේ තිරය අඟල් 4.5 ක් පමණ වනු ඇතැයි විශ්වාස කරන අතර මෙය S4 ජංගම දුරකතනයේ අඟල් 4.3 ක් වන තිරයට වඩා විශාල වේ.

    සැම්සුන්ග් ගැලැක්සි S5 විශාල දුරකතනයේ උපාංගම කුඩා දුරකතනය සඳහාත් යොදාගනු ඇතැයි සඳහන්ය.