Samsung Galaxy Unpacked Foldable නව්‍යකරණයේ මීළඟ පරම්පරාව වෙනුවෙන් ගමන් අරඹයි

    August, 18, 2022

    දශකයකට වැඩි කාලයක් පුරා නවෝත්පාදන, ඉංජිනේරු හා විවිධාකාරයේ සැමරීම් ලොවට විවර කළ Samsung විශිෂ්ටත්වය තුළ ලොව පුරා සිටින පාරිභෝගිකයින් එක් තැන් කළ නවතම Samsung Galaxy නව්‍යකරණ නිෂ්පාදනයන් එළි දැක්වීමේ උච්චතම අවස්ථාව ලෙස Samsung Galaxy Unpacked හඳුන්වා දිය හැකිය.

    2009 වසරේ එහි ආරම්භයේ පටන්ම හුදෙක් නව නිෂ්පාදන එළිදැක්වීමකට එහා ගිය ලොව පුරා Samsung පරිශීලකයින් එකට එක් කළ සුවිශේෂි අවස්ථාවක් විය. Samsung හි සෑම නව නිෂ්පාදනයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන දහස් ගණනක් වූ සේවකයින්ගේ ප‍්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකි මේ තුළින් Samsung පාරිභෝගිකයින්ගේ සැබෑ හරය හා ජංගම දුරකතන කර්මාන්තයට නව ජවයක් සපයමින් ඉදිරි පරම්පරාවේ Galaxy නවෝත්පාදනයන් අත්විඳීමටද අවස්ථාවක් සපයා ඇත.

    ලෝකය නව අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් විවර වන විට Samsung හි අසමසම නවතම foldable නිර්මාණශීලීත්වයට ගැලපෙන ආකාරයේ Galaxy හි විවෘත දර්ශනය හරහා Unpacked ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර සිටියි. නව තාක්ෂණයන් නව්‍යකරණය කිරීම පමණක් නොව එහි අලෙවිකරණ ප‍්‍රවේශය නව්‍යකරණය කිරීම එහි අරමුණයි. ඒ වෙනුවෙන් Samsung විසින් සිය Galaxy අත්දැකීම් සෑම කෙනෙකුටම විවෘත වන බව සහතික කරනු ඇත.

    සුවිසල් Galaxy අත්දැකීමක්

    Galaxy හි මීළඟ Unpacked අත්දැකීම් ලබා ගැනීම සඳහා මග විවර කරමින් Samsung විසින් නව නිෂ්පාදන මෑතකදී දියත් කිරීමත් සමඟ පෙරට වඩා සුවිසල් ලෝකයක් පිළිබඳ පෙන්වා දෙන ආකාරයේ ප‍්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරනු ලබයි. (>) සංකේතයට වඩා විශ්වය විශාලය. එය නියෝජනය කරනු ලබන්නේ එහි අද්විතීය foldable සාධකයන්හි හැඩය පමණක් වෙනස් නොවන ආකාරය හා Samsung එහි උපාංග සමඟ අන්තර්ක‍්‍රියා කරන ආකාරය වෙනස් කිරීම පිළිබඳවයි.

    එහිදී ස්මාර්ට් ජංගම දුරකතනයන් සතු හැකියාවන් ලෙස මෙතෙක් හඳුනාගත් දේ වෙනස් කරමින් Samsung විසින් මෙම නවතම නිෂ්පාදන පෙළ තුළින් කටයුතු කිරීමට, ක‍්‍රීඩා කිරීමට හා ජීවිත ආකර්ෂණය කර ගැනීමට නව ක‍්‍රමයන් ගෙන එනු ලබයි.

    හයිබි‍්‍රඞ්හි හොඳම දේ ගෙන එමින්

    මෙම වසරේ නවතම උපාය මාර්ගය වන Unpacked නව යුගයක් වැළඳ ගනු ඇති අතර දැනට ක‍්‍රියාත්මක හා ක‍්‍රියාත්මක නොවන අවස්ථාවන්හි හොඳම දේ උකහා ගනිමින් එය තව තවත් යහපත් තත්වයට ගෙන එනු ලබයි.

    ලොව පුරා සිටින පාරිභෝගිකයින්හට විනෝදජනක, නිර්මාණශීලී, ආකර්ෂණීය හා මින් පෙර අත්නොවිඳි  පසුබිමක් තුළ සැම්සුන් නිෂ්පාදන ලබා ගැනීමට මෙන්ම ඒවා ගවේෂණය කිරීමට ඉඩ සලසන නව මන:කල්පිත හා අත්දැකීම් සහිත සිදුවීම් අවකාශයන් හඳුන්වාදීමද එහිදී සිදු වේ.

    නවෝත්පාදනය යනු රැඩිකල් අදහසක් පමණක් නොව එය අපගේ දෛනික ජීවිතය වඩා යහපත් ලෙස පරිවර්තනය කරන ආකාරයේ නව අත්දැකීම් සඳහා මාවතක් වේ. මනා නවෝත්පාදනයන් තාක්ෂණය අභිබවා යමින් අන් කවරදාටත් වඩා සුවිසල් හැකියාවන් අප වෙත ගෙන එමින් අපගේ එදිනෙදා ජීවිතය සාර්ථක කරන අතරම සුවපහසු කිරීමද සිදු කරනු ලබයි.

    මෙම අත්දැකීම් Samsung හි ඉදිරි කටයුතුවල ශක්තිය හා උද්යෝගය සමඟ සම්බන්ධ සමීප කලාපයන් වන ලන්ඩනයේ පිකාඩිලි සර්කස් (Piccadilly Circus) මෙන්ම නිවියෝර්ක්හි Meatpacking District අවකාශයන් හදවත් තුළට ගෙන එනු ඇත. ලොව පුරා ව්‍යාප්තව සිටින Galaxy රසිකයින්, මාධ්‍යවේදීන්, හවුල්කරුවන් හා Samsung හි සේවකයින් එකට එක් කරනු ලබන මෙම සිදුවීම් පෙර නොවූ විරූ ලෙස නවතම Samsung නිෂ්පාදන හා නවෝත්පාදන ගවේෂණය කිරීමටද ඔවුන්ට ඉඩ හසර සළසනු ලබයි.

    හොඳම දේ  “Yet to Come”

    විවිධත්වය සහ සුබවාදීත්වය සමඟින් බෝරා දම් (Bora Purple) පැහැය තුළින් සිය නිෂ්පාදනයන් සිදු කිරීමේ අවසරය ලබා දී ඇති Samsung සමස්ත නගරයම දම් පැහැයෙන් බබලවනු ඇත. පසුගියදා දියත් කළ ‘Yet to Come’ foldable වීඩියෝවේ මග නොහැරිය හැකි trans-Atlantic premier වෙනුවෙන් Samsung සහ BTS අත්වැල් බැඳ ගනු ඇත.

    එම වීඩියෝව සම්පූර්ණ නැවත පළකිරීම දිවා කාලයේදී නිවියෝර්ක් ටයිම් චතුරස‍්‍රය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකදී මෙන්ම ලොව පුරා ජනප‍්‍රිය විකාශන කිහිපයක පළකරමින් මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරනු ඇත.

    Samsung Newsroom, Samsung.com සහ Samsung හි YouTube නාලිකාව මත Unpacked නැරඹිය හැකියි. එසේම Galaxy Unpacked සජීවීව විකාශනය වන විට ඔබගේ Samsung Members app හරහා සම්බන්ධ විය හැකි ක‍්‍රියාකාරකම් රැසක්ද වේ. ඔබේ කැමැත්ත විමසීම්, game වැනි දේ ඒ අතර වේ. තවද Samsung Sri Lanka Facebook  හා Youtube හරහාද Unpacked අවස්ථාව සජීවීව නැරඹිය හැකිය.