SAP B One සඳහා Technomedics සම්මාන දිනයි

    February, 12, 2020

    SAP Ace හිදි SAP Business One implementation සදහා ශ්‍රීලාංකික සමගාමක් සම්මාන දිනූ මුල්ම අවස්ථාව

    වෛද්‍ය උපකරණ කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන Technomedics, 13 වන SAP ACE සම්මාන උළෙලේදී පාරිභෝගික විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි. Technomedics විසින් වැඩිදියුණු කළ SAP Business One පද්ධතිය වෙනුවෙන් මෙම සම්මානය හිමිකරගෙන තිබේ.

    ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Technomedics සුප්‍රකට Ernst & Young හි උපදේශකත්වය සහ මඟ පෙන්වීම යටතේ සහ Pristine Solution හි සහයෝගය ඇතිව SAP Business One පද්ධතිය වැඩිදියුණු කළේය. ජාත්‍යන්තර තත්වයේ ERP පද්ධතියක් දක්වා මෙම SAP Business One පද්ධතිය තාක්ෂණික ක්‍රමෝපාය රැසක් එක්කරමින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායමට හැකිව තිබේ.

    Technomedics, Pristine Solution හා එක්ව මෙරට පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් වඩාත් විශ්වාසනීය ලෙස SAP Business One ERP පද්ධතිය වැඩිදියුණු කිරීමට සමත්ව තිබේ. මෙම මැදිහත්වීම අගය කළ SAP ACE විනිශ්චය මණ්ඩලය මෙවර සිය සම්මාන උළෙලේදී එම වැඩිදියුණු කළ SAP Business One ERP පද්ධතිය ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමා තිබේ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ Technomedics International හි අධ්‍යක්ෂ ලීනස් ජෙගනාදන් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සැපයුම්කරු වශයෙන් Technomedics සමාගම ලත් මෙම ඇගයීම පිළිබඳ අතිශය සතුටට පත්වන බවයි. ලොව රටවල් 125ක විහිදුනු සහකරුවන් සමූහයකගෙන් සමන්විත Technomedics International 1996 දී මෙරට පිහිටවූ බවත්, මේ වනවිට 250 කට අධික සේවක පිරිසකගෙන් සැදුම් ලත් Technomedics ආයතනය මෙරට ප්‍රමුඛතම වෛද්‍ය සැපයුම් සමාගම බවට පත්වෙමින් ක්ෂේත්‍රයේ උසස්තම උපකරණ සහ සේවා සැපයුම් කරුවා බවට පත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. සේවා සැපයීමේදී උසස් තත්වය සහ විශ්වාසය නිරතුරුවම මූලික කරගන්නා බව පෙන්වා දුන් ඒ මහතා වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහ නියාමන ආයතන වල විශ්වාසය දිනූ නාමය බබවට මේ වනවිට Technomedics පත්ව ඇති බවද සඳහන් කළේය. එම විශ්වාසය සහ කැපවීම SAP ACE සම්මාන උළෙලේදී ඇගයීඹට පත්වීඹ සම්බන්ධයෙන් තමන් නිහතමානීව සතුටට පත්වන බව ද හෙතෙම කියා සිටියේය.

    මෙරට විවිධ සමාගම් 150කට පමණ ERP යෙදවුම් සපයමින් Pristine Solutions ලබා තිබූ අත්දැකීම් සහ ගොඩනාගනෙ තිබූ පාරිභෝගික විශ්වාසය මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා අතිශය වැදගත් වී තිබේ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ Pristine Solutions (Pvt) Ltd හි උපදේශක අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ Pristine Solutions යනු ශ්‍රී ලංකාවේ 100 ඉක්මවූ ERP යෙදවුම් යෙදවූ එකම දේශීය SAP හවුල්කරු බවයි. වසර 10කට අධික කාලයක් තුළ මෙරට සේවාදායකයින් 150 කට අධික සංඛ්‍යාවක් වෙත මෙම සේවාව සපයමින් සිටින සිය සමාගම අවස්ථා 4කදී ආසියා පැසිෆික් මට්ටමේ සම්මානයට පවා පාත්‍ර වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

    Ernst & Young හි අධ්‍යක්ෂ ශානක ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට මහා පරිමාණ ERP යෙදවුම් ක්‍රියාත්මක කිරීම සඳහා Ernst & Young දැරූ ප්‍රයත්නය මේ වනවිට මල්පළ ගැන්වී ඇති බවයි.

    දකුණු ආසියානු කලාපයේ සියලුම SAP පාරිභෝගිකයින් ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අදාල සේවා සපයන සමාගම්වල ඇති ශක්‍යතාව ඇගයීම සඳහා වසර 12ක් පුරා මෙම SAP ACE සම්මාන උළෙල පවත්වනු ලබයි. මෙවර එම සම්මාන උළෙල 13 වන වරට පැවැති අතර මේ වනවිට SAP ව්‍යාපෘති 1500 කට අධික ප්‍රමාණයක් ඔවුන් විිසින් නිරීක්ෂණය කර තිබේ. ඒ අතරින් 180ක් පමණ ඇගයීමට ලක්කරමින් ජයග්‍රාහකයින් බවට පත් කර තිබේ. මෙම SAP සම්මාන උළෙල සඳහා නාමයෝජනා භාරගනු ලැබූවේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, සහ නේපාලය යන රටවල් වලිනි. මෙම රටවල් වල ඇති අනිකුත් සමාගම් අභිබවා Technomedics මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම ශ්‍රී ලංකික සමාගමක් SAP ACE සම්මානය හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

    SAP හි රන්වන් සහකරුවෙකු වන Prisitne Solutions බොහෝ ඩිජිටල්කරණ ක වැඩසටහන් රැසක් සඳහා මූලික වී කටයුතු කරයි. Block Chain, Artificial Intelligence , Iot, image pro-cessing, video processing සහ virtual reality ඒ අතරින් සමහරකි. දශක දෙකකට අධික කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, මාල දිවයින, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය යට රටවල පාරිභෝගිකයින් දෙසීයකට අධික පිරිසක් වෙත ජීවන විද්‍යාව, තේ අපනයනය, ඇඟලුම්, පොල් නිෂ්පාදන, නිෂ්පාදනය, අලෙවි සහ බෙදාහැරීම් , ආහාර පාන යනාදීි ක්ෂේත්‍ර රැසක් සඳහා වෘත්තිය මට්ටමේ විසඳුම් සැපයීමට Prisitne Solutions දායක වී තිබේ.

    මෙරට ගෞරවනීය සන්නාමයක් වන Technomedics උසස් තත්වයේ, පිරිමැසුම්දායක වෛද්‍ය සහ සෞඛ්‍ය විසදුම් සපයන ප්‍රමුඛතම සමාගමක් වන අතර Surgical, Radiology, Homecare, Neuro,Urology, Cardiology, Laboratory equipment, Hospital Furniture සහ Turnkey රෝහල් ව්‍යාපෘති ආදිය සඳහා සිය සේවා සපයමින් සිටියි.