September, 27, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
තව ද 2024 වසරේ ගත වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල 7%කින් ඉහළ ගොස් ඇති අතර මහ බැංකුව සිය දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.
September, 6, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි.
මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
August, 7, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජූලි මාසයේ දී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජූලි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් වේ. මෙය 2024 ජූනි මාසයේ දී වාර්තා වී ඇති ඩොලර් මිලිය 5,605 ට වඩා 0.6% ක අඩු වීමකි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීමව විශේෂත්වයකි.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
April, 5, 2024
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මගින් පෙන්වා දේ.
ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6% කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් තිබේ. එහිදී 2024 පෙබරවාරි මාසය අවසානයේ දී මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 4.48 ක්වූ විදේශ විනිමය සංචිතය 2024 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් බිලියන 4.91 ක් දක්වා වැඩි වී ඇත.
මේ අතර 2024 මාර්තු මාසය තුළ දී මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 ක් දක්වා 9.1% කින් ඉහළ ගොස් තිබේ.
මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
July, 6, 2023
2023 ජූනි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව එ.ජ ඩොලර් බිලියන 3ග5ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
වැඩි දියුණු වූ ගෙවුම් ශේෂ තත්ත්වය පිළිබිඹු කරමින් රජය 2023 ජූනි මස 09 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි HS කේත 286කට අදාළ ආනයන සීමා ලිහිල් කළ අතර තෝරාගත් අයිතම සඳහා තවදුරටත් පවතින ආනයන සීමාවන් ලිහිල් කිරීම කඩිනමින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආර්ථිකයට අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් හමුවේ මෙම ආනයන සීමා ලිහිල් කිරීම මගින් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ දැඩි පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
2023 අංක 05 දරණ මුදල් ප්‍රත්පත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
May, 4, 2023
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 අප්‍රේල් මාසය තුළ දී 2.2% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මහ බැංකුව පවසන පරිදි 2023 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,694 ක්ව පැවති නිල සංචිත වත්කම් අගය 2023 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇත.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 2,629 සිට ඩොලර් මිලියන 2,691 ක් දක්වා 2.4%කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
February, 7, 2023
2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර් බිලියන 2.12 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,898 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.7%ක ඉහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 1,863 සිට ඩොලර් මිලියන 2,064 ක් දක්වා 10.8% කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය ද පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 29 ක් දක්වා 5.7% කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.
January, 5, 2023
2022 දෙසැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,896 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය 2022 නොවැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,806 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 5%ක ඉහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 දෙසැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 1,733 සිට ඩොලර් මිලියන 1,862 ක් දක්වා 7.4% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයද පසුගිය දෙසැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 27 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 3.2% කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.
November, 5, 2022
2022 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,704 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,779 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.2%ක පහළ යාමක් වේ.
මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 1,683 සිට ඩොලර් මිලියන 1,609 ක් දක්වා 4.4% කින් අඩු වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

October, 6, 2022
අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් මෙන්ම අපනයන ඉපැයීම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 2022 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළ වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය.
විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණවල වර්ධනයක් මෑතකදී දක්නට ලැබුණ අතර ඉදිරි කාලයේදී සංචාරක ක්ෂේත්‍රය යතා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් ඉහළ යෑම හේතුවෙන් දේශීය බැංකු පද්ධතියෙහි විදේශ විනිමය ද්‍රවශීලතාව යම් වර්ධනයක් වාර්තා කළේය. විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින පීඩන මධ්‍යයේ වුවද විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්හි එවැනි වැඩිදියුණු වීම් මගින් ඉදිරි කාලය තුළ ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීම සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.
මේ අතර අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ සිදු වූ සාපේක්ෂ අඩු ගනුදෙනු ප්‍රමාණය හේතුවෙන් 2022 සැප්තැම්බර් මස මැද සිට බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය නොවෙනස්ව පවතී. 2022 සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ කොන්දේසි වලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබා ගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.
විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා බලධාරීන්, මූල්‍ය හා නීති උපදේශකයින්ගේ සහාය ඇතිව රටේ බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කඩිනම් කරමින් සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.