ආනයන සීමා තව දුරටත් ලිහිල් කිරීමට කඩිනම් සැලසුම්

    July, 6, 2023

    2023 ජූනි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව එ.ජ ඩොලර් බිලියන 3ග5ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

    වැඩි දියුණු වූ ගෙවුම් ශේෂ තත්ත්වය පිළිබිඹු කරමින් රජය 2023 ජූනි මස 09 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි HS කේත 286කට අදාළ ආනයන සීමා ලිහිල් කළ අතර තෝරාගත් අයිතම සඳහා තවදුරටත් පවතින ආනයන සීමාවන් ලිහිල් කිරීම කඩිනමින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ආර්ථිකයට අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් හමුවේ මෙම ආනයන සීමා ලිහිල් කිරීම මගින් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ දැඩි පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

    2023 අංක 05 දරණ මුදල් ප්‍රත්පත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.