Siemens – ඩිමෝ බද්ධ ව්‍යාපාරයට රු. මිලියන 4,500 ක කොන්ත්‍රාත්තුවක්

    November, 7, 2019

    ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ පැකේජ 4 ලොට් A සංරචකය යටතේ දෙහිවල ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශයන්හි ප්‍රාථමික උපපොළ, බෙදාහැරීමේ උපපොළ සහ කේබල් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ Siemens Limited විසින් ශ්‍රී ලංකාවේ සීමාසහිත ඩිමෝ (පෞද්ගලික) සමාගම සමඟ ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 4,594.43කට සමාන මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.