• Ada Derana BIZ Sinhala
  • Commonwealth Games 2022
  • Men’s and Women’s teams
  • Rugby
  • Signature
  • sri lanaka

Signature විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා සංචිත බලගන්වයි

June, 27, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගීවන ශ‍්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක‍්‍රීඩා "නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග‍්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වන ලදී.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ වන විටත් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා පත් කර ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ අංක 1 පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා විසින් සැමට දැරිය හැකි මිල ගණන් යටතේ ගුණාත්මක පිරිමි ඇඟලුම් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා 1990 දී Signature සන්නාමය ශ‍්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. එතැන් පටන්,Signature සන්නාමය මෙරට පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත‍්‍රයේ වෙළඳ ප‍්‍රමුඛයා බවට ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය විය.

පැවතුණු කොවිඞ් වසංගත තත්ත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසින්, මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට වසර දෙකකට ආසන්න කාලයක් දේශීය හා ජාත්‍යන්තර ක‍්‍රීඩා ඉසව් සඳහා සහභාගි වීමට අවස්ථාවක් නොලැබුණි. එබැවින් පැවැත්වීමට නියමිත මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා ඉමහත් උද්‍යෝගයෙන් සූදානම් වන අපගේ පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායමට නව ප‍්‍රබෝධයක් ලබා දීමේ අරමුණින්, ක‍්‍රීඩා ”නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග‍්‍රාහකත්වය දැක්වීමට Signature ඉදිරිපත් වී තිබේ.

හමීඩියා ව්‍යාපාරය සමූහය වසර ගණනාවක සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට ඉමහත් සහයෝගයක් දැක්වූ ආයතනයකි. සමාගම 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය සඳහා ක‍්‍රීඩා ඇඳුම් අනුග‍්‍රාහකයන් වූ අතර මෑතකදී පැවැත්වුණු බස්නාහිර පළාත් රග්බි තරඟාවලි සඳහාද සහය ලබා දී ඇත. ශ‍්‍රී ලංකා රග්බි සමඟ ඇති කරගත් මෙම නව සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට සහය දක්වමින් එහි ප‍්‍රමිතිය ඉහළ නංවාලීමට Signature විසින් දරන උත්සාහයේ එක් පැතිකඩකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Signature සන්නාම කළමණාකරු අම්ජාඞ් මරික්කාර් මහතා අදහස් දක්වමින්, ” ශ‍්‍රී ලාංකීය තරුණයන් අතර වඩාත් ප‍්‍රචලිත පිරිමි ඇඳුම් සන්නාමය ලෙසන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන ශ‍්‍රී ලංකා රග්බි සංචිතයේ "නිල ඇඳුම් සහකරු” වීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙම තරඟ ඉසව්ව අපගේ රග්බි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශක්තිය සහ හැකියාව ලොවටම ප‍්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපගේ රග්බි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප ආයතනය ආඩම්බර වන අතර ඔවුන්ට තරඟාවලියේ ජයග‍්‍රහණය කරා යෑමට සුභ පැතුම් එක්කරනවා.”

1989 වසරේ දී ස්ථාපිත කළ Signature සන්නාමය, formal සහ casual ඇඟලුම් කාණ්ඩ යටතේ ශ‍්‍රී ලංකාව තුළ වඩාත් විශ්වාසය දිනූ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙසට පත්ව තිබේ. ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Signature සන්නාමය විසින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාවට හඳුන්වා දී තිබේ. Signature පිරිමි ඇඟලුම්, ඩුප්ලිකේෂන් පාර, Marino වෙළඳ සංකීර්ණය, පානදුර, මාතර, කල්මුනෙයි, අනුරාධපුර, යාපනය, හලාවත පිහිටි Signature Exclusive" Signature- X, Signature Studio ප‍්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා ප‍්‍රමුඛ පෙළේ වෙළෙන්දසැල් වෙතින් ලබා ගත හැකිය.