SLIIT හි CODE විසින් මෙරටේ පළමු වරට නොමිලේ පවත්වන AI/ML මාර්ගගත පාඨමාලාව ආරම්භ කරයි

    May, 24, 2022

    SLIIT විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Centre for Open and Distance Education - CODE) විසින් මාර්ගගත (Online) අධ්‍යාපනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරමින් ස්වයං-වේගවත් පාඨමාලාවක් සහිත අංගසම්පූර්ණ, ස්වාධීනව සංවර්ධනය විය හැකි මාර්ගගත වේදිකාවක් ආරම්භ කරන ලදී. CODE හි අරමුණ වන්නේ තරුණයින් හට ඉහළ ඉල්ලුමක් සහිත වූ කුසලතා වලින් සංවර්ධනය වීමට අවශ්‍ය හැකියාව ලබා දෙමින් ඔවුන්ගේ එම දක්ෂතාවයන්ට අනුව කර්මාන්ත තුළ පවතින පුරප්පාඩු හිඟය පිරවීම සඳහා ඔවුන්ව අනුයුක්ත කර ගැනීමය.

    SLIITහි පරිගණක පීඨයේ, කර්මාන්ත සම්බන්ධීකරණ ඒකකය විසින් ස්ථාපිත කරන ලද මෙම මධ්‍යස්ථානය මඟින් මෙම මාර්ගගත පාඨමාලාව, SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වය ඇතිව, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ඇතුළු SLIIT සමග එක්ව සිටින කර්මාන්ත වෘත්තිකයන්ගේ සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විය.

    CODE විසින් ඉදිරිපත් කරනු ලබන ආරම්භක පාඨමාලාව වන්නේ ඉංජිනේරුවෙකු වීමට අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයෙකු සඳහා වැඩි දියුණු කර ඇති  ‘කෘතිම බුද්ධිය/යාන්ත්‍රික අධ්‍යයන ඉංජිනේරු පළමු අදියර’ (Artificial Intelligence/Machine Learning Engineer Stage 1) වන AI/ML පාඨමාලාව වේ. අනෙක් පාඨමාලා දෙක වන්නේ 'Cyber Security' සහ 'Cloud Computing' යන පාඨමාලය. අති නවීන තාක්‍ෂණයන්ගෙන් හා ප්‍රායෝගික බවින් යුතුව සකස් කරන ලද මෙම සවිස්තරාත්මක පාඨමාලා තුළින් තරුණ තරුණියන්ගේ රැකියා අවශ්‍යතාවයන් උපරිම ලෙස ඉටු කර ගැනීමට හැකි වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT පරිගණක පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දිමාල් ජයවර්ධන මහතා මෙසේ පැවසීය. "SLIIT විසින් කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට කැමති සිසුන් හට පාඨමාලා සහ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය උපාංග ලබා දෙමින්

    නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති වේදිකාවක් ලෙස CODE ස්ථාපිත කර ඇත. CODE මගින් පිරිනමනු ලබන පාඨමාලා ස්වයං අධ්‍යයනයෙන් වේගවත්ව සිදු වන අතර පාසල් හැර යන අයට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම කර්මාන්ත වෘත්තිකයන්ටද එකසේ වැදගත් වනු ඇත. CODE හි පළමු පාඨමාලාව වන ඉංජිනේරු AI/ML පළමු අදියර මගින් ඉංජිනේරුවෙකු ලෙස තම වෘත්තිය දියුණු කර ගැනීමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට විශාල සහයක් වනු ඇත. එම පාඨමාලාවෙන් අනතුරුව අදියර 2 සහ 3 ආවරණය වන පරිදි තවත් පාඨමාලා දෙකක් පැවැත්වේ. සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් පුළුල් පිරිසකට ප්‍රයෝජනවත්වන අයුරින්, ඊට අදාළ අධ්‍යාපනය ලබා දීම සඳහා වන අපගේ මෙහෙවරේ කොටසක් ලෙස මෙම දුරස්ථ අධ්‍යාපන වේදිකාව ක්‍රියාත්මක කිරීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා.CODE වේදිකාව නොමිලේ පාඨමාලා සඳහා විවෘත වේදිකාවක් වන අතර, සමාජයේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට සහ ඊට දායක වීම සඳහා වන SLIIT හි කැපවීම ද සුවිශේෂී වේ.

    CODE වේදිකාව මගින් සිසුන් වෙත ලබා දෙන පළමු පාඨමාලාව වන SLIIT AI පාඨමාලාව මූලික, අතරමැදි සහ විශේෂඥ මට්ටම් වලින් සමන්විත වන අතර, Artificial Intelligence සහ Machine Learning සම්බන්ධ මූලික කරුණු පිළිබඳ ආවරණය වන ආරම්භක පළමු අදියර සහිත, AI හා සම්බන්ධ කර්මාන්තයේ එක් එක් ක්ෂේත්‍ර වල විශේෂඥතාවයන් භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

    මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ TensorFlow සහ PyTorch ඇතුළුව කර්මාන්තයේ වඩාත්ම නවීන මෙවලම් සහ තාක්ෂණයන් පිළිබඳව හඳුන්වා දෙමින් සිසුන් සඳහා ප්‍රායෝගික සහ සෘජු මැදිහත්වීමේ ප්‍රවේශයක් ද ඇතිවය. පාඨමාලා සැලසුම් කර ඇත්තේ ද පුද්ගලයෙකුට වැඩසටහනෙහි මූලික කරුණු වලට නිරාවරණය වීම සහතික කරමිනි.

    පාඨමාලාවට අදාළ පාඩම් සතිපතා හඳුන්වා දෙනු ලබන අතර සහභාගිවන්නන් අන්තර්ගතය අධ්‍යයනය කිරීම, ප්‍රශ්නාවලියේ ඇගයීම් සම්පූර්ණ කිරීම සහ පාඨමාලාව සම්පූර්ණ කර සහතිකය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීම අවශ්‍ය වේ. පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, සහභාගිවන්නන් සඳහා SLIIT වෙතින් පිරිනමනු ලබන ‘පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සහතිකය’(Certificate of Completion) හිමිවනු ඇත.

    CODE විසින් පාසල් හැර යන්නන්ට, තොරතුරු තාක්ෂණ නොවන ඒ ආශ්‍රිතව වැඩසටහන් හදාරන උපාධිධාරීන්ට සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති අය සඳහා  AI/ML පාඨමාලාව හැදෑරීම සඳහා ඇතුළත් වී ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කර ගැනීමට ආරාධනා කරයි. සියලුම පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර, එක් එක් පාඨමාලාව සඳහා සහභාගීවන සංඛ්‍යාවෙහි සීමාවක් පනවා නොමැත.

    SLIIT හි CODE වේදිකාව හරහා පැවැත්වෙන පාඨමාලා මඟින් සිසුන්ට විදේශ රැකියා ලබා ගැනීමට, දුරස්ථ රැකියාවල නියැලීමට හෝ ශ්‍රී ලංකාවේ ප්‍රකට තොරතුරු තාක්ෂණ සමාගම්වල පවා රැකියා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. තවද ඔවුන්ගේ රැකියා නිපුණත්වය උපරිම කර ගැනීම සඳහා මෙම පාඨමාලාව ඔවුන්ව සවිබල ගන්වනු ඇත.

    SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. ''මේ දවස්වල අපගේ ජීවිතය තුළ ඩිජිටල්කරණය නොවුණු දේවල් බොහොම අඩුයි. Covid-19 වසංගතය අපට ඉගැන්වූයේ අන්තර්ජාලය හරහා වැඩි වැඩියෙන් වැඩ කළ හැකි බවයි. අධ්‍යාපනය යනු පසුගිය දශකය තුළ පරිවර්තනය වීමට පටන් ගත් තවත් එක කර්මාන්තයක්. බොහෝ පිරිස් මාර්ගගත අධ්‍යාපනය වෙත යොමු වීම හේතුවෙන් අධ්‍යාපන රටාව මන්දගාමීවීමක් හෝ වෙනස් වීමක් සිදුවී නැහැ. එබැවින් SLIIT හි අපගේ කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ නව අදහස්, එනම් CODE වැනි වේදිකා ආරම්භ කිරීම, වර්තමාන තරුණ තරුණියන්ට විවිධාකාර අංගසම්පූර්ණ මාර්ගගත පාඨමාලා සඳහා ප්‍රවේශයක් සකසා දෙනවා. සිසුන්ට ඔවුන්ගේ නිවෙස් වලම සුව පහසුව සිටිමින් මෙම ප්‍රවේශය ලබා ගත හැකිය. වඩාත්ම වැදගත් වන්නේ ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයක් වන AI/ML පාඨමාලාව හැදෑරීමයි. ඒ අනුව මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් සමඟ සිසුන්ට දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් දියුණු වීමට සහ නව අවස්ථා සඳහා දොරටු විවර කිරීමට අමතර ප්‍රතිලාභයක් ද හිමි වෙනවා. තවත් ඉදිරියේදී විවිධ පාඨමාලා සකස් වෙමින් පවතින අතර, මෙම වේදිකාව ඉදිරි වසරවලදී තවත් දියුණු වනු ඇති බවට මම විශ්වාස කරනවා. විශේෂයෙන් එය සහභාගීවන්නන්ගේ සීමාවකින් තොරව නොමිලේ පැවැත්වෙන වැඩසටහනක් වීම නිසා තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත වෙනත් ක්ෂේත්‍රවල දැනුම එක්රැස් කිරීමට කැමති සියල්ලන්ටම එය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.''

    දැන් ලියාපදිංචි වන්න: https://code.sliit.org/