SLT Digital Services සමාගම “WEB4U”සේවාව දියත් කළ වගයි

    August, 8, 2019

    අසීමිත පහසුවකින් ඔබේ ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට දැන් ඉඩ සැලසේ

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී සමාගමේ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Info Services (Pvt.) Ltd තම ඩිජිටල් සේවාවන් සඳහා නව මානයක් එක් කරමින්  “WEB4U” වෙබ් අඩවි නිර්මාණය කිරීමේ සේවාව පසුගියදා හඳුන්වා දෙන ලදි. SLT Digital Info Services (SLTDS)  විසින් ලබා දෙනු ලබන ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා මෙම සේවාව මගින් වෙබ් අඩවියක් වෙනුවෙන් සීමිත මුදලක් වැය කිරීමේ හැකියාව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උදෙසා අවම ගාස්තු යටතේ නවීන වෙබ් පිටුවලින් සමන්විත අන්තර්ජාල අවකාශයක් ලබා දීම සිදු කෙරේ. තමන්ගේම අන්තර්ජාල අවකාශයක් තුළ සිය ව්‍යාපාරික කටයුතු ආකර්ෂණීය ලෙස ප‍්‍රවර්ධනය කරගැනීමට කදිම අවස්ථාවක් මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලැබෙනු නොඅනුමානය.

    මෙම සේවාව ලබා ගැනීමට පෙර කොන්දේසි යටතේ අත්හදාබැලීමේ වෙබ් සංස්කරණ නොමිලේ ලබා දෙන අතර රු. 200 සිට මාසික ගාස්තු යටතේ වෙබ් පැකේජ මාලාවක්ම ලබා දීමට SLT Digital Info Services  සමාගම සූදානම්ය. මෙහිදී පාරිභෝගිකයන්ට තෝරාගත හැකි තවත් විශේෂාංග අතර dedicated හෝ උප ඩොමේන, 25 දක්වා වන වෙබ් පිටු ප‍්‍රමාණයක්, ජංගම දුරකතන හා උපාංග සඳහාම සහාය දක්වන වෙබ් අඩවියක්, නිපැයුම් නාමාවලි, .com ඩොමේන් නාම, විද්‍යුත් තැපැල් ගිණුම්, Search Engine Optimization (SEO), වෙළෙඳ ලාංඡුනයක් නිමවා ගැනීම, අන්තර්ගත රචනය, සමාජ මාධ්‍ය නාලිකා නිර්මාණය හා පවත්වාගෙන යාම සහ පහසු ගෙවීමේ ක‍්‍රමයක් මත පාරිභෝගිකයා වෙනුවෙන් අදාළ ගිණුම් කළමනාකරණ කටයුතු ආදිය ඇතුළත්ය.

    මෙම නව සේවාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් SLT Digital Info Services (Pvt) Ltd  හි ප‍්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා සඳහන් කළේ ‘සිය ආදායම වැඩිකර ගැනීමට මෙන්ම සන්නාමය ප‍්‍රචලිත කරගැනීම සඳහා නවෝත්පාදනාත්මක ක‍්‍රම සොයමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට මෙමගින් වටිනා අවස්ථාවක් උදා වන බවට’ තමන් විශ්වාස කරන බවයි. ඒ මහතා වැඩිදුරටත් පළ කළ අදහස් පහත දැක්වේ.

    ‘‘ව්‍යාපාරික ආයතනවලට රටේ ආර්ථික තත්ත්වයන්හි අභියෝග මධ්‍යයේම වුවද සීමිත මුදලක් වැය කරමින් තමන්ගේ ව්‍යාපාරික ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට මාහැඟි අවස්ථාවක් උදා කරන අන්තර්ජාල අවකාශ තුළ සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා වන කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් වශයෙන්ද “WEB4U” සේවාව හ`දුන්වා දිය හැකියි. ඔබගේ සුවිශේෂී අවශ්‍යතාවන්ටම සරිලන ලෙස සකස් කරනු ලබන ආකර්ෂණීය හා නිර්මාණාත්මක මෙන්ම පරිශීලකයන්ට පහසුදායී වෙබ් අඩවියක් පවත්වා ගැනීමටද මෙම ප‍්‍රයත්නය උපකාරී වනු ඇති.

    ව්‍යාපාරික ආයතනවලට ආවේණික අවශ්‍යතා ඉටු කිරීම සඳහා අවශ්‍ය නිවැරදි උපායමාර්ග, නිර්මාණාත්මක ශක්‍යතාව හා නවීන තාක්‍ෂණයෙන් අනූන සේවාවක් ලෙස “WEB4U”  ස`දහන් කළ හැක. ඔබේ ව්‍යාපාරික සන්නාමය අදාළ ඉලක්ක ගනුදෙනුකාර කාණ්ඩයට ඉතාම පහසුවෙන් හා නවෝත්පාදනාත්මක ලෙස ව්‍යාප්ත කිරීම තුළින් වේගවත් ව්‍යාපාරික වර්ධනයක් ලබා ගැනීමට ඇති හැකියාව මෙම සේවාව මගින් තහවුරු කෙරේ. එමෙන්ම, ඔබේ වෙබ් අඩවිය වෙත පිවිසෙන පුද්ගලයන් ඉක්මනින්ම ඔබගේ පාරිභෝගිකයන් බවට පරිවර්තනය කරනු සමත් අති දක්‍ෂ වෙබ් සංවර්ධකයන්, ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පීන් හා අන්තර්ගත රචකයන් ඇතුළත් විශේෂඥ කණ්ඩායමක් අප සතුය.

    ඔබ සතුව ඇත්තේ සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් හෝ අඩු මුදල් ප‍්‍රමාණයකින් ඔබේ සන්නාමය ප‍්‍රවර්ධනය කරගැනීමට අදහස් කරන නව ව්‍යාපාරයක් නම්, ඔබ වැය කරන සෑම රුපියලක්ම අපතේ නොයා මුදල් උපදවන ඵලදායී ආයෝජනයක් වන බව සහතික කෙරෙන ඔබටම ආවේණික වෘත්තීමය වෙබ් අඩවියක් ලබා දීමේ හැකියාව අප සතුයි.’’

    බලපිටිය මහතා තවදුරටත් මෙසේද අදහස් පළ කළේය. ‘‘ව්‍යාපාරික ආයතනයක් වෙනුවෙන් අන්තර්ජාල පැවැත්මක් තිබීම යනු අද වන විට නොසලකා හැරිය නොහැකි අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. ඇතැම් විට ඔබ දැනටමත් තනිව වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට උත්සාහ දරා තිබෙන්නට හැකි අතරම ඉතාම අඩු මුදලකට එම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර පවත්වා ගැනීම සඳහා ඉතාම විශ්වසනීය සමාගමක් තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ බාධක හා දුෂ්කරතාවලට මුහුණ පාන්නටත් ඇති. ඔබේ අවශ්‍යතාව එය නම්, ඔබට ගැලපෙන හොඳම සේවාව අප සතු බව නිසැකවම කියන්නට පුළුවන්. විශ්වසනීය සමාගමක් වශයෙන් “WEB4U” සේවාව තිළිණ කරමින් වෙළෙඳපොල තුළ ඇති හිදැස පිරවීම සඳහා ඔබ වැනි ව්‍යාපාරයන් සවිමත් කිරීමට දායක වීම අපේ අරමුණයි’  WEB4U (www.web4u.lk)  යනු SLTDS සමාගම විසින් සපයනු ලැබෙන අඩු ගාස්තු සහිත හා ඔබේ මුදලට සරිලන උපරිම සේවාවක් ලබා දෙන වෙබ් අඩවි නිර්මාණ සේවාවක් වන අතර සුළු හා මධ්‍ය ව්‍යවසායයන්ට හා නව ව්‍යාපාරයන්ට සාර්ථකත්වය කරා ගමන් කිරීමට මගපැදීම එහි විශේෂ අවධානයකි. ගෙවන මුදලට නිසි වටිනාකම ලබා දෙන වෘත්තීමය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කිරීම මෙම සේවාව හරහා සිදු කෙරේ.  WEB4U සේවාවෙහි නිර්මාණාත්මක, ආකර්ෂණීය පෙනුමක් සහිත, එමෙන්ම පරිශීලකයන්ට ඉතාම පහසුදායී වන වෙබ් අඩවි ඔබේ ව්‍යාපාරික සාර්ථකත්වය ඉහළ නැංවීමට ඉවහල් වන හොඳම ප‍්‍රවර්ධන මෙවලම වනු ඇකි බව නිසැකය.’