SLT Hong Kong Limited වසා දමයි

    June, 30, 2014

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධ හොංකොං හි, ක්‍රියාත්මක වූ SLT Hong Kong Limited යන සමාගම වසා දමා තිබේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ 2014 මැයි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සමාගම වසා දැමූ බවයි.

    ගෝලීය ටෙලිකොම් සමාගම් වලට සහ හොංකොං හි, ව්‍යාපාරික ගනුදෙනු කරුවන්ට IP transit, IPVPN, IPSL සේවා ලබාදීම සඳහා මෙම සමාගම ආරම්භ කර තිබූ අතර එහි ව්‍යාපාරික කටයුතු ලාභදායී නොවීම නිසා මෙසේ වසා දමා තිබෙන බව වැඩිදුරටත්  අප වෙත අනාවරණය වේ.