SLT-MOBITEL හඳුන්වා දුන් Adventures of Kimaki ක්‍රීඩාව දැන් නව මුහුණුවරකින්

    May, 18, 2022

    නව විශේෂාංග රැසක් සමග තෑගි දිනාගැනීමටත් අවස්ථාව

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL 2020 වසරේදී මුලින්ම හඳුන්වා දුන් Kimaki ජංගම දුරකථන/පරිගණක ක්‍රීඩාවේ දෙවැනි අදියර දියත් කිරීම පසුගියදා සිදු විය. නව විශේෂාංග රැසක් සමගින් වැඩිදියුණු කර ඇති මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඩේටා සහ වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙය හඳුන්වා දීම සඳහා පැවති විශේෂ උත්සවයට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන් සහ, ක්‍රීඩාව නිර්මාණය කළ Arimac Lanka (පුද්.) සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Adventures of Kimaki ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය, තම පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සොයා යන අතර මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම්වලින් මෙම ක්‍රීඩාව සමන්විත වෙයි. සියල්ලන්ට විවෘත ක්‍රීඩාවක්වන Kimaki ක්‍රීඩාවට https://slt.lk/esports/kimaki ඔස්සේ පිවිසිය හැකි අතර, එම ක්‍රීඩාවෙහි යෙදෙන SLT-MOBITEL පාරිභෝගිකයන්ට විශේෂ ඩේටා තෑගි ද හිමි වේ. පසුගියදා දියත් කරන ලද නව අදියර, Kimaki ක්‍රීඩාව නවතම තලයකට රැගෙන යන අතර එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපූර්වතම අත්දැකීමක් වනු ඇත.

    “Arimac Lanka (පුද්.) සමාගම එක්වී අප Kimaki ක්‍රීඩාව මුලින්ම හඳුන්වා දුන්නේ 2020 වසරේදී යි. එය සතුට සමග තෑගිත් පිරිනමන අපූරු ක්‍රීඩාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නව අදියරේදී මෙයට නව කාන්තා සහ පිරිමි චරිත සමගින් රොමෑන්තික අත්දැකීම් පෙළකුත් එකතු වෙනවා. ඊට අමතරව මෙහිදී තෑගි හිමිකර ගැනීමට ඇති අවස්ථා වැඩි කිරීමටත් අප පියවර ගත්තා. ඩිජිටල් තාක්ෂණයේ මහිමය සමග නිර්මාණශීලී අදහස් එක්තැන් කරමින්, මෙය පෙරටත් වඩා ආකර්ෂණීය ක්‍රීඩාවක් බවට පත්කිරීමට අපට හැකි වී තිබෙනවා. මේ වෙනස්කම්වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමිවනු ඇති බවට සැකයක් නැහැ.”  SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

    2021 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පවත්වන ලද Kimaki Champion Run තරගාවලිය අතරතුර ද ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

    Kimaki ක්‍රීඩාවේ සිදුවී ඇති වෙනස්කම් අතරට නව පිරිමි සහ ගැහැනු චරිත මෙන්ම, රොමෑන්තික වීර ක්‍රියා, නව අභියෝග, ගේම් ප්ලේ, සහ ලීඩර් බෝඩ් වැනි අංග රැසක් ඇතුළත් වී තිබේ. මීට අමතරව ක්‍රීඩාවේ උද්වේගය හා ත්‍රාසය වැඩි කරන තවත් අංග රැසක් මීට එක්කිරීමට නිර්මාණකරුවන් කටයුතු කර ඇත.

    එමෙන්ම Kimaki ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් නොමිලේ ඩේටා සමග SLT-MOBITEL වෙතින් වටිනා ත්‍යාග දිනාගත හැකි කූපන් කේත ආදිය ද හිමි වේ. මීට අමතරව Automated GB deposits වඩාත් ඉක්මනින් ඔවුන්ගේ SLT-MOBITEL Home ගිණුම් වලට බැර වනු ඇත.

    SLT-MOBITEL පාරිභෝගිකයන් නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඩේටා නොවන තෑගි පිරිනැමීම මෙහි තවත් විශේෂත්වයකි. ඉදිරියේදී SLT-MOBITEL Mobile පාරිභෝගිකයන්ට (ජංගම සම්බන්ධතා ඔස්සේ) මෙන්ම PEO TV පාරිභෝගිකයන්ට ද Kimaki ක්‍රීඩාවෙහි යෙදීමට අවස්ථාව සලසා දීමට SLT-MOBITEL මේ වනවිට සැලසුම් කර තිබේ.

    Arimac Lanka (පුද්.) සමාගම සමග එක්ව, SLT-MOBITEL විනෝදාස්වාද සේවා එකතුවෙහි කොටසක් ලෙස හඳුන්වා දුන් Kimaki ක්‍රීඩාව ඉතාමත් ඉක්මනින් SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ මෙන්ම අනෙකුත් සේවා භාවිතා කරන්නන්ගේ ද ආකර්ෂණය දිනාගැනීමට සමත්ව තිබේ. මෙම ක්‍රීඩාව ස්මාර්ට් දුරකථනයක් හරහා Google Play හෝ App Store තුළින් බාගත කළ හැකි වේ. Kimaki පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://slt.lk/esports/kimaki වෙත පිවිසෙන්න.

    ඡායාරූපය: SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා ජයග්‍රාහකයෙකු වෙත ත්‍යාග ප්‍රදානය කළ අයුරු. SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතාද ඡායාරූපයෙහි සිටී.