ඉතිහාසයේ වැඩිම EPF මුදල් ආපසු ගෙවීම 2023 දී. බිලියන 215.9ක් ගෙවලා

    April, 29, 2024

    පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ.

    මෙය 2022 වසරට සාපේක්ෂව 32.4% ක වැඩි වීමක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර 2023 වසරේ සේවක අර්ථසාධක අරමුදලෙහි මුළු දායක මුදල් ලැබීම් වාර්තා වන්නේ රු. බිලියන 210.6 ක් වශයෙනි. මෙය 8.2% ක ඉහළ යාමක් වේ.

    කෙසේවෙතත් 2022 වසරේ දී රුපියල් බිලියන 31.6ක් ලෙස වාර්තා වූ අරමුලෙහි ශුද්ධ දායක මුදල් ලැබීමට සාපේක්ෂව එම අගය 2023 වසරේ දී රුපියල් බිලියන 5.3ක සෘණ අගයක් වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.