• Ada Derana BIZ Sinhala
  • Co-Champions
  • Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022
  • MCA
  • SLT-MOBITEL
  • sri lanka
  • Team Become

SLT-MOBITEL කණ්ඩායම 2022 MCA සය-සාමාජික ක්‍රිකට් තරගාවලියේ සම-ශූරයන් බවට පත්වෙයි

September, 21, 2022

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරතාව දිනාගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් වූ සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

කෙසේ නමුත් අවසන් තරගයේදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් SLT කණ්ඩායම සහ, 2020 වසරේ අනු ශූරයන් වූ HNB A’ කණ්ඩායම මෙවර Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරයන් ලෙස නම්කිරීමට සංවිධායකවරු තීරණය කළහ.

මෙම වසරේ තරගාවලියේදී කණ්ඩායම් 15 ක් කාණ්ඩ 5 ක් යටතේ තරග වැදුණු අතර, කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විණි.

 

ඡායාරූපය - (වමේ සිට) SLT ක්‍රිකට් කණ්ඩායම - සුරංග විජයරත්න, සඳුන් විජයරත්න, සුදම් ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. සමන්ත, එච්. පී. චමින්ද, නදීප නිරෝෂන්, දිනුෂ් විජේවික්‍රම (කණ්ඩායමේ කළමනාකරු), චන්දික සිරිමාන්න (නායක), ජගත් සිරිවර්ධන, හර්ෂ වීරසිංහ (පුහුණුකරු), නාමල් දිසානායක