SLT-MOBITEL මෙවර TMForum Digital Transformation World – DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

    July, 25, 2024

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති TMForum Digital Transformation World - DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 ජුනි මස 20 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණි. එහිදී Smart City තත්ත්ව සඳහා පිරිවැය-කාර්යක්ෂම 5G සේවා හඳුන්වා දීම ඉලක්ක කරගත් ‘SmartHive xG’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best Moonshot Catalyst - Growth Challenge’ සම්මානය සහ, Gen AI භාවිතා කරමින් වඩාත් විශිෂ්ට තලයේ සේවා පිරිනැමීම අරමුණු කරගෙන ක්‍රියාවට නැංවූ ‘GenAI Powered toolkit for Network and Service Management’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Open Innovation Outstanding Catalyst – Use of TMForum Assets’ සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.

    TM Forum Catalyst Program යනු නවෝත්පාදන හා සහයෝගීත්වයන් දිරිගන්වන ප්‍රමුඛ පෙළේ වැඩසටහනකි. ගෝලීය වශයෙන් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ නව අදහස් හා සංකල්ප අත්හදා බැලීමට අත්වැලක්වන එම වැඩසටහන, ලොව විවිධ රටවල සන්නිවේදන ක්ෂේත්‍රයන්හි සමාගම්  හා ආයතනවලට එකට එක්වී තම ව්‍යාපාර මාදිලි පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව සහිත පුරෝගාමී සංකල්ප නිර්මාණය කිරීමටත්, ඩිජිටල් ජීවන රටා වැඩිදියුණුකරන අතරම සමාජයීය බලපෑම් අවමකරන ක්‍රමවේද හඳුනා ගැනීමටත් අවස්ථාව සලසා දෙයි.

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, බොට්ස්වානා, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල් 5 නියෝජනය කරමින් සන්නිවේදන සේවා සමාගම් 3 ක් ඇතුළුව සමාගම් හා ආයතන 9 ක [SLT-MOBITEL (Fixed & Mobile), Botswana Telecom (BTC), BrandMed, Enocta, Resolute Education, Covalencedigital, Etiya, and N-able] සාමාජික සාමාජිකාවන් 42 දෙනෙක් ‘SmartHive xG’ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු කළහ. ‘SmartHive xG’ ව්‍යාපෘතිය යනු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ Smart City සංවර්ධන ව්‍යාපෘතිය අරමුණු කරගෙන ක්‍රියාවට නැංවූ Open Digital Architecture (ODA) අනුකූල AI-native Smart City සැලසුමකි. SLT-MOBITEL හි අතිනවීන 5G යටිතල පහසුකම් භාවිතා කරමින් සුහුරු, තිරසාර හා පරිසර හිතකාමී නගර නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට ඩිජිටල් තාක්ෂණික දියුණුවේ මීළඟ අදියරට පිවිසීමට අත්වැලක් වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

    ‘Open Innovation Outstanding Catalyst – Use of TMForum Assets’ සම්මානය හිමි වූ ‘GenAI Powered toolkit for Network and Service Management’ ව්‍යාපෘතිය SLT-MOBITEL (Fixed & Mobile) හි ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නංවන ලද අතර, ඊට Network, OSS/BSS, GenAI/ML, No code development සහ Service Orchestration යන අංශ නියෝජනය කරන තවත් ප්‍රධාන පාර්ශ්වකරුවන් 8 දෙනෙක් සහ සාමාජිකයන් 6 දෙනෙක් ඇතුළත් වූහ. Catalyst ව්‍යාපෘති Large Language Model සහ Knowledge graph ඇතුළත් ‘Generative AI based Toolkit’ භාවිතයෙන් මෙහෙයුම් පරිවර්තනයන් සිදු කිරීමට උපකාරී වෙයි. මෙමගින් ජාල මෙහෙයුම්කරණ ක්ෂේත්‍රයන් තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සරල කරන අතර, ඉක්මනින් තොරතුරු ලබාදීම, සන්නිවේදන සේවා සම්පාදකයන්ට තම මෙහෙයුම් ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට අත්වැලක් වීම, ගැටලු විසඳීම සඳහා ගතවන කාලය අවම කිරීම සහ කාබන් පියසටහන අවම කිරීම යනාදියද සිදුකරයි. එමෙන්ම මෙය AN (Autonomous Network) level 4 ළඟා කරගැනීමේ උත්සාහය තුළ TMForum Open API’s භාවිතයෙන් Closed Loop Intent Based Service Orchestration සිදුකිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක.

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL, පරිසරයට සහ ප්‍රජාවන්ට අවම බලපෑමක් ඇතිවන ආකාරයට, නවෝත්පාදනය ඔස්සේ දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා කැප වී සිටී. එම මෙහෙවර තුළින් පන්නරය ලබමින්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණික දියුණුවේ මීළඟ අදියර කරා යන ගමනේ පෙරමුණ ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ.