• Ada Derana BIZ Sinhala
  • mCash
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලිසිං ගණුදෙනුකරැවන්ට අවස්ථාවක්

July, 8, 2022

SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ.

මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.

මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල් වලදී පහසුවෙන් සහ ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්‍රමාදයකින් තොරව එකතු කර ගැනීමට අවස්ථාව උදාවේ .

mCash බලයලත් අලෙවිසැල් ජාල දැනටමත් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මේ සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලාංකීකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.

සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්‍රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ නව්‍ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.

මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් හා බිල්පත් ගෙවීම්, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම්, රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම්, Online/In-store ගෙවීම් සිදුකිරීම, QR  කේත භාවිතා කරමින් අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් LankaQR ප්‍රමිතීන්ට අනුව), බැංකු තැන්පතු, ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් (mCash ඔස්සේ පාරිභෝගිකයාට අයදුම් කළ හැකි ඩිජිටල් ණයකි) වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලබා දී තිබේ. මෙම SLT-MOBITEL mCash සේවාව දිවයින පුරා පිහිටි කුඩා පරිමාණ අලෙවිසැලේ සිට මහා පරිමාණ අලෙවිසැල් දක්වා විහිදි තිබෙන අතර මේ සදහා Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer ප්‍රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go Pay & Go Kiosks ඇතුළු දිවයින පුරා ස්ථාන 25,000 කට අධික සංඛ්‍යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමටද හැකියාව ඇත.

 

ඡායාරූපය -  ෂමීන්ද්‍ර මාර්සිලිං - ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම,  Mobitel (PVT) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්, Shiang Wong - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- පෙරගෙවුම්, රිෂානි ගුණරත්න - කළමනාකාර - ජංගම මූල්‍ය සේවා, අමන්දි විජේසිංහ - විධායක - ජංගම මූල්‍ය සේවා, ලක්සඳ ගුණවර්ධන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - මෙහෙයුම්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රභාත් ගුණසේන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි -තොරතුරැ තාක්ෂණික අංශය, ශෙරින් ඉනෝකා දබරේ මහත්මිය, නිරංජන් සෙල්වනායගම් - ‍ජ්‍යේෂ්ඨ කළමනාකාර - ව්‍යාපාර පද්ධති නිර්මාණ - භාරත පතිරණ මහතා -කළමනාකරු - නිෂ්පාදන සහ ඩිජිටල් නාලිකා.