SLT Speedup පාපැදී සවාරියේ සිව්වන දිනය අදයි

    September, 27, 2019

    SLT Speedup පාපැදි සවාරියේ තෙවන දිනයේ තරගය ඊයේ (සැප් 26) උදෑසන බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ කරන ලදී. තරගය නුවර එළිය , පේරාදෙණිය , නුවර පසු කරමින් කිලෝමීටර් 159 ක දුරක් ගෙවා කුරුණෑගලට ලඟා විය.

    තෙවන දින ජයග‍්‍රාහකයා බවට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මදුශංක පත් වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර විසින් දිනා ගන්නා ලදී.

    දෙවන දින තරගයේ පෙරමුණ ගත් සහ හොදම කදු තරණය කරන්නා ලෙස තේරී පත් වූයේ වරාය අධිකාරියේ සජිත් හසන්තල හොදම තරුණ කී‍්‍රඩකයා වූ වරාය අධිකාරියේ චමෝද් ද සිල්වා සහ හොඳම තැන්නේ ශූරයා ලෙස තේරී පත් වූ නාවික හමුදාවේ සදුන් කුමාර ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය විසින් ප‍්‍රදානය කරන ලද වර්ණිත ජර්සි වලින් සැරසී තෙවන දිනයේ තරග වැදුනි.

    පිරිමි තරගයේ 4 වන දිනය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර අද උදෑසන 8.30 ට කුරුණෑගලින් ආරම්භ වේ. එය අනුරාධපුරය හරහා වවුනියාවට ගමන් කර මද විරාමයකින් පසුව එහි දෙවන අදියර පස්වරු 3 ට වව්නියාවෙන් ගමන් අරඹා ත‍්‍රිකුණාමලයෙන් අවසන් වීමට නියමිතය.

    තවද දින දෙකකින් යුක්ත කාන්තා තරගය අද ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී සමාරම්භය සනිටුහන් කර කුරුණෑගලට ලගා විමට නියමිත ය.

    ඡායාරූපය - SLT Speedup පාපැදී සවාරියේ තෙවන දිනය කුරුණෑගලින් අවසානය සනිටුහන් කළ ජයග‍්‍රාහකයා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මදුශංක , දෙවන ස්ථාන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂ, තෙවන ස්ථාන ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර , ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ අනෙකුත් නියෝජිත මහත්ම මහත්මීන් ග