• Ada Derana BIZ Sinhala
  • Softlogic
  • Softlogic Holdings PLC
  • sri lanaka
  • Walton

Softlogic විසින් Walton සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

August, 22, 2022

Softlogic Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි ජාලයක් වන Softlogic Retail පුද්ගලික සමාගම, Walton රූපවාහිනී මාදිලිය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලොව ප්‍රකට පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන Walton සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

Walton සන්නාමය, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග කලාපය පුරා රටවල් 40 ක් ඉක්මවමින් ව්‍යාප්තව ඇත. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, Walton සමාගමෙහි 2030 වසර වන විට ලොව හොඳම ඉලෙක්ට්‍රොනික සන්නාමය බවට පත් වීමේ අරමුණ පෙරදැරි කරගත් “Go Global 2030” දැක්ම සාර්ථක කරගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැක. පළමු අධියරේදී සාමාන්‍ය වෙළඳපොළ අරමුණු කරගෙන අඟල් 32 රූපවාහිනිය හඳුන්වාදීමට Softlogic සමාගම සැලසුම් කර ඇති අතර ඉන් හොඳ ඉල්ලුමක් ලබාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ. ඉන් පසුව කෙටි කලක් තුළදී වඩා පුළුල්, විශාල තිර සහිත LED රූපවාහිනී දේශීය වෙළඳපොල කරා ගෙන ඒම ඔවුන්ගේ සැලසුමයි. නරඹන්නන් හට උසස් තත්ත්වයේ රූපමය අත්දැකීමක් ගෙනදෙන High Definition (HD) තාක්ෂණයෙන් සමන්විත Walton අඟල් 32 රූපවාහිනියේ Narrow Bezel design එක එයට අලංකාර පෙනුමක් එක් කරයි. Walton LED රූපවාහිනිය දිවයින පුරා පිහිටි 200 කට අධික Softlogic සහ Softlogic Max ප්‍රදර්ශනාගාර මෙන්ම Softlogic e-commerce වෙබ් අඩවිය වන www.mysoftlogic.lk මඟින් මිලදී ගත හැක. ඉතා පහසු මිලකට අඟල් 32 රූපවාහිනියක් මිලදීගැනීමේ වටිනා අවස්ථාවක් ලබාදෙන අතරම, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා මාස 60 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව ද Softlogic මඟින් ලබා දේ. එමෙන්ම Softlogic හි ‘පොලී FREE - හිතට FREE’ පහසුකම ඔස්සේ මාස 12 ක් දක්වා ක්‍රෙඩිට් කාඩ් නොමැතිව ගෙවීමේ පදනම (hire purchase payment) මත මිලදී ගැනීමටද පරිභෝගිකයන්ට ඉඩ පහසුකම් ලැබේ.

Softlogic යනු, ජනප්‍රිය මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම වලින් එන නවීනතම රූපවාහිනී, හෝම් තියටර්, ශීතකරණ, රෙදි සේදීමේ යන්ත්‍ර, වායු සමීකරණ, ලැප්ටොප්, ජංගම දුරකථන, ශරිර සුවතා උපකරණ ඇතුළු, Softlogic Furniture සන්නාමය යටතේ පුළුල් පරාසයක වූ ගෘහ භාණ්ඩ මාදිලි රාශියක් දේශීය වෙළඳපොල වෙත ඉදිරිපත් කරන, දේශීය වෙළඳපොළ තුළ සිටිනා ප්‍රමුඛතම සමාගමකි. Walton යනු, ඔවුන්ගේ ලොව ප්‍රකට සන්නාමයන් අතරට එකතු වන නවතම සාමාජිකයා වේ.

Walton Global Business Division හි සභාපති Edward Kim මහතා සිය අදහස් දක්වමින් පැවසූයේ “ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වීමේ දැක්මක් ඇතිව අපි ඉදිරියට ගමන් කරමින් සිටින්නෙමු. මෙම දැක්ම කරා ළඟාවීම සඳහා, ගෝලීය වෙළෙඳපොළ තුළ Walton සන්නාමය පුළුල් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. ඒ අනුව, Walton සිය සන්නාම ලාංඡනය යටතේ , ශ්‍රී ලංකාව වෙත රූපවාහිනී අපනයනය ආරම්භ කිරීමට නියමිතයි.” ලෙසිනි.

Softlogic Retail (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී වන මොහොමඩ් රිස්වි මහතා ඒ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “Walton සන්නාමය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දීම සම්බන්ධව Softlogic ආයතනයට ඇත්තේ ඉමහත් සතුටකි. පාරිභෝගික වෙළෙඳපොළ තුළ අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලය මඟින්, සිය ජීවන රටාව උසස් සහ වැඩිදියුණු කරමින්, ලෝකයේ හොඳම සන්නාමයන් ඔවුන් වෙත ගෙන ඒමෙහි ලා අප කෙරෙහි විශ්වාසය තැබූ ශක්තිමත් සහ විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් අප විසින් ගොඩනඟාගෙන ඇත. Walton ද එවැනි සන්නාමයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ පාරිභෝගික භවතුන් එහි උසස් නිෂ්පාදන ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල පිළිබඳව සෑහීමකට පත් වනු ඇතැයි මම විශ්වාස කරනවා”.