S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට

    June, 24, 2019

    S&P Dow Jones Indices විසින් 2019 පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව මෙසේ දැනුම් දෙයි.

     

    2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධනයට අනුව අර්ධ වාර්ෂිකව දර්ශකය සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය සිදු කරුනු ලැබේ. මීට පෙර මෙය වාර්ෂිකව සිදුකර ඇත. තවද, මෙම සංශෝධනයට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට (S&P Sri Lanka 20) අදාළ සමාගම්වල ලැයිස්තුගත වී ඇති නිෂ්ඡන්ද කොටස්, ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව S&P Sri Lanka 20 දර්ශකයට අන්තර්ගත කරනු ලැබේ.

     

    2019 ජුනි මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි (2019 ජුනි මස 21වන දිනට කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සදහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම පහත අයුරින් සිදු වී ඇත.

     

    දර්ශකයෙන් ඉවත් වන සමාගම්

    සමාගම                                                                   CSE Ticker

    1) සිලෝන් ටුබැකෝ කම්පැනී පී.එල්.සී                                 CTC.N0000

    2) නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පී.එල්.සී                                             NTB.N0000

    3) රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී                             RICH.N0000

    4) ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී                 TKYO.N0000

    TKYO.X0000

     

    දර්ශකයට අලුතෙන් ඇතුලත් වන සමාගම්

    සමාගම                                                                   CSE Ticker

    1) එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී                       EXPO.N0000

    2) එච්. එන්.බී ඇෂූවරන්ස් පී.එල්.සී                                              HASU.N0000

    3) ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි පී.එල්.සී                       JINS.N0000

    4) මෙල්ස්ටාස්කෝප් පී.එල්.සී                                          MELS.N0000

     

    කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවීත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වි ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com  වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි 2019 ජුනි මස 24වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට)

    සමාගම්                                                                                                       CSE Ticker

    1. ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී                                                 N0000
    2. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී N0000
    3. චෙව්රොන්ලූබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී N0000
    4. කොමර්ෂල් බැංකුව පී.එල්.සී N0000/

    COMB.X0000

    1. ඩි. එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී N0000
    2. ඩයලොග් ආක්සියෙටා පී.එල්.සී DIAL.N0000
    3. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී                                                              N0000
    4. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී N0000 /

    HNB. X0000

    1. එච්. එන්.බී ඇෂූවරන්ස් පී.එල්.සී                                                                                  N0000
    2. ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි පී.එල්.සී                                                            N0000
    3. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී N0000
    4. ලංකා අයි ඕ සී පී.එල්.සී                                 N0000
    5. මෙල්ස්ටාස්කෝප් පී.එල්.සී                                 N0000
    6. නැෂනල් ඩිවෙලෝප්මන්ට් බැංකුව පී.එල්.සී             N0000
    7. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී N0000
    8. සම්පත් බැංකුව පී.එල්.සී N0000
    9. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී                                                   N0000
    10. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී                                            AAIC.N0000
    11. ටිජේ ලංකා පී.එල්.සී N0000
    12. යුනියන් බැංකුව පී.එල්.සී N0000