December, 31, 2024
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන දෙකක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සහ මූඩිස් ආයතනය පසුගිය දා සිය නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් CCC+ මට්ටම දක්වාත් මූඩිස් ආයතනය විසින් Caa1 මට්ටම දක්වාත් ශ්‍රි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ S&P Global ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් තවමත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට කටයුතු කර නොමැති බවයි.
ඊයේ (30) "දෙරණ 360" වැඩසටහනට එක් වෙමින් ඔහු මේ පිළිබදව පැහැදිලි කර සිටියේය.
එහි දී ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය සතුව තවමත් ඩොලර් මිලියන 175ක ණය පැහැර හැරීමක් තිබෙන බැවින් S&P Global ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට සූදානම් නොමැති බවයි.
"ප්රශ්නය - තාක්ෂණික වශයෙන් අපි තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි කියලා කියන්න පුළුවන් මේ ශ්‍රේණිගත කිරීම් එක්ක."
"පිළිතුර - හැබැයි මෙහෙමයි දැන් Fitch එකයි Moody's එකයි කරාට S&P එක උඩ දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි ශ්‍රීලංකන් එයාර්ලයින් එකේ Default එක. එතකොට ඒගොල්ලො කියන්නේ, හරි රටක් හැටියට ඕගොල්ලො තාම Default. මොකද ශ්‍රීලංකන් එකේ ඩොලර් මිලියන 175ක් තියෙනවා. ගෙවලා නැහැ. පැහැර හැරලා. එතකොට ඒගොල්ලො කියන්නේ ඕගොල්ලොන්ගේ අලුත් Bond එකට CCC+ එකක් දෙන්නම්. හැබැයි ශ්‍රී ලංකාවට දෙන්න බැහැ."
Video Story