Swiss Singapore Overseas ට බොරතෙල් බැරල් මිලියන 7 ක කොන්ත්‍රාත්තුවක්

    April, 25, 2018

    2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් බැරල් 7,000,000 ක් මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69 ක් බැගින් වන මුදලකට M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd වෙත පිරිනැමීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බොරතෙල් සැපයුම සහතික කිරීම පිණිස දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ බොරතෙල් මිල දී ගැනීමට ගෙන රජය ගෙන ඇති තීරණයෙහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම පියවර ගෙන තිබේ.