November, 30, 2022
විදේශ විනිමය වෙළඳපොළ මත ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගනිමින් ඇතැම් ප්රාග්ධන ගනුදෙනු වලට අදාළව විදේශ විනිමය මෙරටින් පිටතට ප්රේෂණය කිරීම අත්හිටුවීමට / සීමා පැනවීමට විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව වරින්වර නියමයන් නිකුත් කරනු ලැබ ඇත.
දැනට නිකුත් කර ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022-12-29 දිනෙන් අවසන් වේ.
එබැවින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022-12-30 දින සිට තවත් මාස 06ක කාලසීමාවකට දීර්ඝ කිරීම පිණිස අවශ්ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
October, 18, 2022
පසුගිය මාස 06ක කාලය තුළ ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ප්රධාන සැපයුම්කරුවන් හයදෙනෙකුගෙන් ඉන්ධන ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
එක සැපයුම්කරුවෙක්ගෙන් නෙමෙයි, පහුගිය මාස හයේ ප්රධාන සැපයුම්කරුවන් පස්දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කරලා තියෙනවා.
ඉන්දියන් ඔයිල් සමාගමෙන්, කොරල් සමාගමෙන්, විටොල් සමාගමෙන්, BP එනර්ජි සමාගමෙන්, ස්විස් සිංගප්පූරු සමාගමෙන් අරන් තියෙනවා, හයවෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න Fits Air කියන සමාගමට අපි දීලා තියෙනවා.
මේ සමාගම් හයෙන්ම පහුගිය මාස හයේ අපි ඉන්ධන ලබාගෙන තියෙනවා.
Video Story