• 06 companies
  • 06 months
  • Ada Derana BIZ Sinhala
  • Fuel
  • sri lanka

මාස 06 කදී සමාගම් 06කින් ඉන්ධන ගෙන්නලා

October, 18, 2022

පසුගිය මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ප්‍රධාන සැපයුම්කරුවන් හයදෙනෙකුගෙන් ඉන්ධන ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

එක සැපයුම්කරුවෙක්ගෙන් නෙමෙයි, පහුගිය මාස හයේ ප්‍රධාන සැපයුම්කරුවන් පස්දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කරලා තියෙනවා.

ඉන්දියන් ඔයිල් සමාගමෙන්, කොරල් සමාගමෙන්, විටොල් සමාගමෙන්, BP එනර්ජි සමාගමෙන්, ස්විස් සිංගප්පූරු සමාගමෙන් අරන් තියෙනවා, හයවෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න Fits Air කියන සමාගමට අපි දීලා තියෙනවා.

මේ සමාගම් හයෙන්ම පහුගිය මාස හයේ අපි ඉන්ධන ලබාගෙන තියෙනවා.