කොටස් වෙළෙඳපොළ දරුණුවට වැටෙයි. ASPI විසිදහසෙන් පහළට

    October, 14, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් අද (14) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 281.42ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර, ගනුදෙනු අවසානයේ දී එය ඒකක 19,796.06ක් දක්වා පහළ ගොස් තිබුණි.

    2025 අගෝස්තු 14 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 53.67කින් පහළ ගොස් ඒකක 5,676.43ක් ලෙසින් වාර්තා විය.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.92ක් ලෙසින් වාර්තා වේ.