December, 21, 2022
සියයට 60-70 ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් නැවත වරක් සිදුකළහොත් එය තම කර්මාන්තයට කිසිසේත්ම දැරීමට නොහැකි වනු ඇති බව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි.
ඊයේ (20) මහජන උපයෝගීතා කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.
“ඉදිරියේ දී යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අපි මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කළා. ව්යාපාර කිරීමට ශ්රී ලංකාවේ තරඟකාරී පරිසරයක් තිබිය යුතුයි. නමුත් අවසාන වරට කළ විදුලි සංශෝධනයක් සමඟ ඩොලර් අගය මත ගත්තොත් ශ්රී ලංකාව වියදම් අධිකයි. මේ කියන විදියට සියයට 60 ක 70 ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් වෙනවා නම් ගෝලීය වශයෙන් ශ්රී ලංකාව තුළ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් එළඹෙනවා. වර්තමානයේ දී ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ පරිමාණයේ (Volumes) සියයට 25 ක පමණ පහළ යාමක් සිදුවෙලා තිබෙනවා.
මෙය අපිට දරාගන්න බැහැ. මේ තියෙන වෙළෙඳපොළ තත්ත්වයන් සමඟ අපිට මෙය දරන්න බැහැ.“
December, 21, 2022
විවිධාංගීකරණය වූ ව්යාපාරික ජාලයක් සහිත ප්රමුඛ පෙළේ සමූහ ව්යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්යාපන ක්ෂේත්රය නංවාලීමේ අදහසින්, මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය.
මේ සඳහාවන ගිවිසුම අත්සන් කිරීම, 2022 දෙසැම්බර් 8 වැනිදා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. බවර් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා සහ, ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ආචාර්ය ඩී. ෆර්ග්ලර් මහතා සමඟ අදාළ ගිවිසුම හුවමාරු කරගත්හ.
කොවිඩ් වසංගතයේ උච්චතම අවදියේදී, තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (SSG) මුලපිරීම ඇරඹුණු අතර, බවර් සහ SDC යන දෙඅංශයෙන්ම ඊට විශාල සහභාගීත්වයක් හිමිවිය. ශ්රමිකයින් සංක්රමණය වීමත් සමඟ ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවකට පත්ව ඇති අවස්ථාවක, රොල්ෆ් බ්ලාසර් මහතා මෙම ස්විට්සර්ලන්තය පදනම් කරගත් RIESCO වැඩසටහන මෙරටට හඳුන්වා දීම ද විශේෂත්වයකි. දිනෙන් දින පුළුල්වන කුසලතා හිඟය විසඳීමට එය ප්රායෝගික සහ ක්ෂණික විසඳුමක් බව ඉක්මනින් අවබෝධ විය.
පසුගිය වසර අවසානයේදී, බවර් නිලධාරීහු ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවී, අධ්යාපනික දෘෂ්ටි කෝණයකින් SHMA සහ විවිධ විසඳුම් හඳුන්වා දෙන ලදී. මෙම වසර මුලදී එම සාකච්ඡා තවදුරටත් පැවැත්වුණු අතර, RIESCO වැඩසටහන දේශීයකරණය කිරීමට සහ ක්රියාත්මක කිරීමට SDC සමඟ සහයෝගීතා අවස්ථාවක් පිළිබඳව එහිදී බවර් සමාගම වෙතින් යෝජනාවක් ඉදිරිපත් විය.
සත්කාරක අධ්යාපනයේ ලොව ඉහළම ප්රමිතියක් ස්විට්සර්ලන්තය සතු අතර, එවැනි කීර්තිමත් අධ්යාපන ප්රමිතීන් ශ්රී ලංකාවට ගෙන ඒම තුළින් විවිධ අභියෝග තත්ත්ව තුළ පවා ලක්ෂ සංඛ්යාත සංඛ්යාවකගේ ජීවනෝපාය රැකදෙන මෙරට සංචාරක හා සත්කාරක ක්ෂේත්රයට කාලෝචිත සහ කදිම විසඳුමකි. ඒ හරහා මෙරට ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් සපයන අතර, විශේෂයෙන් ග්රාමීය ප්රදේශවල තරුණයින් අතර දක්ෂ හා රැකියා කළ හැකි වෘත්තීයවේදීන්ගේ ගුණාත්මක සංචිතයක් නිර්මාණය කිරීම සහතික කරයි. මෙමගින් කර්මාන්තයේ නිපුණතා පරතරය අවම කර, රජය සතු බර ඉවත් කර, සමස්තයක් ලෙස රටම නඟා සිටුවීමට කටයුතු කරනු ඇත.
Hotel & Gastro Formation විසින් නිර්මාණය කරන ලද RIESCO වැඩසටහන මගින් රාජ්ය සුබසාධන පද්ධතිය මත දැඩි ලෙස රඳා පවතින ස්විට්සර්ලන්තයට ඇතුළු වන සංක්රමණිකයන් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ. වැඩසටහන් ක්රමවේදය සහ අන්තර්ගතය මඟින් කෙටිම කාලයක් තුළ වැඩසටහන සම්පූර්ණ කිරීමට සහ ඉහළ රැකියා කළ හැකි අවශ්ය කුසලතා ලබා ගැනීමට පහසුකම් සලසන අතර එමගින් ඔවුන් සත්කාරක අංශයේ සහ ආර්ථිකයේ ක්රියාකාරී සහභාගිවන්නන් බවට පරිවර්තනය කරයි.
රාජ්ය සහ පෞද්ගලික යන දෙඅංශය සමඟම වැඩ කරමින් උසස් ඩිජිටල්කරණ වේදිකාවක් හරහා මෙම වැඩසටහන පවත්වා ගැනීමට SHMA සැලසුම් කරයි. SSG වැඩසටහන යටතේ හඳුන්වාදෙනු ලබන, මෙය ශ්රී ලංකාවේ දීර්ඝ හා සාම්ප්රදායික ආගන්තුක සත්කාර අධ්යාපන වැඩසටහන්වලට වඩා වෙනස්ව, අධ්යාපනය ලබන්නන්ට සහ සමස්තයක් වශයෙන් රටට ඉමහත් ප්රතිලාභ ගෙන එනු ඇත.
ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන (VSD) විෂය මාලාවක් පෙළගස්වා ක්රියාත්මක කිරීම හරහා, SHMA විසින් දිවයින පුරා පිහිටි බොහෝ ඉගෙනුම් මධ්යස්ථාන පුරා පවතින දේශීය විෂයමාලා ද වැඩිදියුණු කරනු ඇත. වෙසෙසින්ම එහි පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩසටහන් හරහා, SHMA හි ප්රබල ඉගැන්වීම් ක්රමවේද තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
SSG වැඩසටහන මඟින් වසර තුනක් ඇතුළත දක්ෂ තරුණ තරුණියන් 2,240ක් නිර්මාණය කිරීමට අරමුණු කර ඇති අතර, පළමු ශිෂ්ය බඳවාගැනීම යටතේ, 240ක් 2023 ජූලි මාසයේදී බඳවාගැනීමට නියමිත අතර, 2024දී සිසුන් 800ක් සහ 2025දී ශිෂ්යයින් 1,200ක් පුහුණු කිරීමට අපේක්ෂා කරයි. තව ද, ආගන්තුක සත්කාර ක්ෂේත්රය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට ද (වර්තමානයේ 10% ට අඩු එම නියෝජනය 40% දක්වා වැඩි කිරීමට) අපේක්ෂා කෙරේ. මෙහිදී, මූලික ආගන්තුක සත්කාර මෙහෙයුම් සහ ආගන්තුක සත්කාර සඳහා අවශ්ය ඉංග්රීසි, ආචාර විධි, සහ මූලික තොරතුරු තාක්ෂණ කුසලතා ඇතුළු මෘදු කුසලතා සංවර්ධනය ආවරණය කරනු ඇත.
යාපනය, ත්රිකුණාමලය, අම්පාර, පුත්තලම, කුරුණෑගල, මහනුවර, බදුල්ල, නුවරඑළිය, මොණරාගල, රත්නපුර, මඩකලපුව, අනුරාධපුරය, හම්බන්තොට ඇතුළු දිස්ත්රික්ක තුළ විභව ඉගෙනුම් මධ්යස්ථාන හඳුනාගැනීමේ මෙහෙයුමක් ද සිදු කෙරේ.
සහතික පත්ර වැඩසටහන මාස 9ක් පුරා ක්රියාත්මක වන අතර, පළමු මාස හය තුළ ප්රායෝගික පන්තිකාමර ඉගෙනීම 70%ක් සහ න්යායික දැනුම 30%කින් සමන්විත වන අතර ඉන් අනතුරුව මාස 6ක් දක්වා දීර්ඝ කළ හැකි මාස 3ක සීමාවාසික පුහුණුවක් හිමිවේ. බවර් සමාගම දැනටමත් මෙම සීමාවාසික පුහුණුව සඳහා බොහෝ හෝටල් සමඟ සම්බන්ධ වී ඇති අතර, තවත් බොහෝ හෝටල් ඊට එක්වෙමින් සිටියි. මෙම වැඩසටහන දෙමුහුන් ඉගැන්වීමේ ආකෘතියක් අනුගමනය කරනු ඇති අතර, ක්රියාත්මක කිරීමෙන් පසු මාස 6ක් සඳහා සෑම ඉගෙනුම් මධ්යස්ථානයකම SHMA පීඨ සාමාජිකයෙකු ස්ථානගත කරනු ඇත. එමගින් පාඨමාලාව හොඳින් අවශෝෂණය කර ගැනීම සහ ඉගෙනුම් විෂය මාලාවේ ප්රමිතීන් සහ රාමුවල අනුකූල බව සහතික කරනු ඇත.
කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, දක්ෂ කුසලතා සංචිතයක් බිහිකිරීම, ගෝලීය ප්රවණතාවලට සමගාමී තත්ත්ව ප්රමිතීන් ඇති කිරීම සහ ශ්රී ලංකාව හොඳම සංචාරක ගමනාන්ත අතරට පත් කිරීම තුළින් නිපුණතා පරතරය අවම කිරීම සහ අධ්යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා SSG වැඩසටහන ප්රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. සමාන රැකියා අවස්ථා වැඩි කිරීම සහ නිවැරදි සහ ආරක්ෂිත රැකියා මාර්ග හා සංක්රමණ මාර්ග සහතික කිරීම වෙනුවෙන් කාන්තා නියෝජනය සහ ආපසු පැමිණෙන ශ්රමිකයන් ඇතුළත්කර ගැනීම මෙම ව්යාපෘතියේ ප්රධාන තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) වේ.
SSG සත්කාරක සහතිකය මගින් SHMA විසින් පහසුකම් සපයනු ලබන සහ ලොව අංක එකේ හෝටල් කළමනාකරණ පාසල වන École hôtelière de Lausanne EHL හි වෘත්තීය ඩිප්ලෝමා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමේ සුදුසුකමක් සැපිරීම ද විශේෂත්වයකි. SHMA සිය VET හරහා EHL වෘත්තීය ඩිප්ලෝමා වැඩසටහන හරහා සූපශාස්ත්ර, ආහාර සහ බීම සහ හෝටල් මෙහෙයුම් ආදී ක්ෂේත්ර පිළිබඳ ගෝලීය මට්ටමේ අධ්යාපනයක් ලබා දෙයි. මීළඟ බඳවා ගැනීම 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදු කෙරේ.

බවර් සමාගමේ, SHMA සහ කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීහු
සේයා රුව: බවර් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා (වමේ), ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ආචාර්ය ඩී. ෆර්ග්ලර් මහතා සමඟ අදාළ ගිවිසුම හුවමාරු කරන අයුරු
December, 21, 2022
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්ර වෙනුවෙන් වූ ජාත්යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී තිබේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පසුගිය (19) දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
සහනදායි දේශගුණික මූල්යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්රජන් වැනි අනාගත බලශක්ති ප්රභව පිළිබඳව සෝල්හයිම් මහතා සිය ජාත්යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගනු ලැබීය.
පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් මහතා ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බවත් පෙන්වා දුන්නේය.
එසේම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා ප්රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් බවත් යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයන් විශාල වශයෙන් සිටින බවත්ය.
ඒ අනුව මෙරට ජනතාවට වාසි අත්වන පරිදි එම ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා, ප්රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් පැවසීය.
එසේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවත්, ඒ තුළින් ආයෝජකයන් අප රටට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස කාර්යාලයේ අධ්යක්ෂිකා කුමුදුනී විද්යාලංකාර, එහි සහකාර අධ්යක්ෂ ආර්.එම් ආර්.ඩී වීරසූරිය, බාහිර මූලාශ්ර දෙපාර්තමේන්තුවේ (department of external source ) අතිරේක අධ්යක්ෂ ජනරාල් උදේනි උඩුගහපත්තුව, විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ අධ්යක්ෂ පණ්ඩුල ද සිල්වා, ශ්රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරි ඉංජිනේරු එම්.එල්. වීරසිංහ, ප්රධාන ඉංජිනේරු වජිර විජේකෝන්, ප්රධාන ඉංජිනේරු කේ. රාම්ජි, සජන සූරියාරච්චි, හෂාන් ජයකොඩි යන මහත්ම මහත්මීන් මෙන්ම සුනිත්ය බලශක්ති අධිකාරියේ නියෝජිතයන්ද සහභාගී වූහ.
December, 20, 2022
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරින් හට ආර්ථික විද්යාව පිළිබඳ පුහුණුවක් ලබා දීම සඳහා "ශ්රී ලංකා ආර්ථික විද්යා සහ වෙළෙඳ ආයතනය" යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ පිළිබඳව අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.
“ජාතික ප්රතිපත්ති සම්පාදනයේ දී සහ ක්රියාත්මක කිිරීමේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සහ ජ්යෙෂ්ට රාජ්ය නිලධාරීන්ට අවබෝධිත තීරණවලට එළඹීමට හැකි වන පරිදි ආර්ථික වීද්යාව සහ වෙළඳ කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා අවශ්ය පහසුකම් සැපයීමට හැකි වන පරිදි ශ්රී ලංකා ආර්ථික විද්යා සහ වෙළඳ ආයතනය යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීමට යෝග්ය බවත් ඒ සඳහා කෙටුම් පතක් සකස් කරන ලෙස නීතිපති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අනුමැතිය ලැබුනා.“
“ඔබ අපි කවුරුත් දන්නවා ලෝකයේ දියුණු රට වල පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තිබෙන රට වල පාර්ලිමේන්තුව ඉතා විශාල වශයෙන් රාජ්ය මූල්ය කළමනාකරණය සඳහා සෘජු ලෙස ප්රබුද්ධ සංවාද මණ්ඩපයක් වශයෙන් මැදිහත් වෙනවා. එය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 108 වෙනි වගන්තියෙන් මහජනයාගේ මුදල් හැසිරවීම පිළිබඳ පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ අනුව රජයේ ආදායම් රැස් කිරීම, ආදායම් රැස් කීරීමේදී බදු පැනවීම, බදු නොවන ආදායම් මාර්ගවලින් ඒවා ලබා ගැනීම, සෘජු බදු, වක්ර බදු වල දායකත්වය, බදු ආපාතයන් දැරීම, ඒ බදු ප්රතිවිපාක යන්න පිළිබඳ ආර්ථික විද්යාත්මක අධ්යයනයන් තිබෙනවා. ඒ වගේම රාජ්ය වියදම් කළමනාකරණයේදී පුනරාවර්තන වියදම්, ප්රාග්ධන වියදම්, ඒ වියදම් වර්ග දැරීමත් අයවැය පරතරය 5% ට අඩු මට්ටමක පවත්වාගෙන යාමටත් ඒ ඇති වන අයවැය පරතරය පුළුල් වීමෙන් ඇති වන ණය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආපසු ගෙවීමේ අර්බුදය, ණය කළමනාකරණය ආදිය පිළිබඳ ගැටළු රාශියක් නිර්මාණය වනවා. මේ රාජ්ය මූල්ය කළමනාකරණය නිසි ලෙස දැනුවත්කමකින් යුතුව කරේ නැත්නම්, උදාහරණයක් වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා අග්රාමාත්ය ධූරය දරද්දි, අපි මුදල් අමාත්යාංශයේ වැඩ කරද්දි අපි ඉදිරිපත් කලා 2003 රාජ්ය මූල්ය කළමනාකරණ වගකීම් පනත, fiscal management responsibility bill කියලා. එහි මූලික අරමුණු 3ක් තිබුණා. පාර්ලිමේන්තුව විසින් නීතිය සම්පාදන කළා.
01. 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක් විය යුතු අතර ඒ මට්ටමෙන් හෝ ඊට වඩා අඩුවෙන් දිගටම පවත්වාගෙන යා යුතුයි කියලා.
02. ඒ පනතේ නීතියක් ඇති කලා 2013 වන විට නොපිය වූ රාජ්ය ණය දළ දේෂිය නිෂ්පාදිතයෙන් 65%ක් විය යුතු බවත් ඊට පසු ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යායුතු බවත්.
03. රජය ණය සඳහා ඇප වීම 4.5% ක් නොඉක්මව විය යුතු බවත්.
අද ඒ සියල්ල විනාශ වෙලා තියනවා. පාර්ලිමේන්තුව තුළ මේ පනත තුන්වරක් සංශෝධනය කරලා අයවැය පරතරය දරුණු ලෙස ඉලක්කම් දෙකේ සංඛ්යාවක් බවට පත්වෙලා තියනවා. දළ දේශීය නිෂ්පාදිතයට වඩා රාජ්ය ණය බර වැඩි වෙලා තියනවා. ණය සඳහා ඇප වීමේ සීමාවන් වැඩි වෙලා ණය ආපසු ගෙවිය නොහැකි අර්බුදයකට පැමිණීම සම්බන්ධයෙන් ආර්ථික විද්යාත්මක ගැඹුරු අධ්යයනයක් නොතිබීම හේතුවක් බව රටට පිළිගන්න සිද්ධ වෙලා තියනවා. ඒ නිසා ජනාධිපතිතුමා යෝජනා කරනවා ප්රතිපත්ති සම්පාදනයේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටත්, ජේෂ්ඨ රාජ්ය නිලධාරීන්ටත් අවබෝධාත්මක තීරණවලට එළඹීම පහසු වීම සඳහා ආර්ථික විද්යාව සහ වෙළඳ ආයතනයක් පිහිටු වීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන යෝජනාවට අනුමැතිය ලැබුනා."
December, 20, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (21) දිනයේ දී රු. මිලියන 85,000 (රු. බිලියන 85) ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

December, 20, 2022
හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල් වල ගුරුවරියන් 100 කට අධික සංඛ්යාවක් සහභාගී විය.
හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්රමුඛතම ප්රජා සත්කාරයක් වන ‘පියවර’ වැඩසටහන ආරම්භ වූයේ 2002 වසරේදී ය. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග අත් වැල් බැඳ ගනිමින් දියත් කල පියවර ව්යාපෘතියේ අරමුණ වන්නේ , මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධන වැඩ රාමුව යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීමයි. දරුවෙකු සිය ජීවිතයේ තබන මුල් පියවර සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන ‘පියවර’ ලෙස නම්කරන ලදි. දරුවන්ට යහපත් රැකවරණයක් ලබාදෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සැපයීම මෙම වැඩසටහනේ මූලික දැක්ම විය.
‘පියවර’ වැඩසටහන යටතේ දිවයින පුරා පෙරපාසල් රාශියක් ඉදිකර, ඒවා අදාළ පළාත් පාලන ආයතන වෙත භාරදී ඇති අතර, එම ආයතන විසින් එම පාසල් වලට නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් පත්කිරීම සහ එම ගුරුවරුන්ට වැටුප් ගෙවීම සිදුකරනු ලබයි. මෙම පාසල් වල සාමාන්ය නඩත්තු කටයුතු අදාළ පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන අතර, අධ්යාපනයේ ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මගින් වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
“වසර 21 ක් තිස්සේ හේමාස් අවුට්රීච් පදනම ‘පියවර’ වැඩසටන යටතේ ගුරුවරුන් රාශියකට පුහුණුව ලබා දී තිබෙනවා. ශ්රී ලංකාවේ දරුවන් සිය දහස් ගණනකගේ ජීවිත වඩාත් යහපත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි. එමෙන්ම මෙය ජාතික මට්ටමේ ගැටලු විසඳීම සඳහා රාජ්ය අංශය හා පෞද්ගලික අංශය අතර සාර්ථක හවුල්කාරීත්වයක් ගොඩනංවා ගැනීම පිළිබඳ මනා උදාහරණයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මෙය භෞතික සීමාවන් ඉක්මවා යමින්, සමස්තයක් ලෙස ශ්රී ලාංකික දරුවන්ට ගුණාත්මක අතින් ඉහළ අධ්යාපනයක් ලබාදීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා.” හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.
හේමාස් අවුට්රීච් පදනම යනු අවම පහසුකම් සහිත ප්රදේශවල දරුවන්ට ලෝක මට්ටමේ පෙරපාසල් අධ්යාපනයක් ලබා දෙමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන පුණ්ය භාරයකි. එමෙන්ම එය ආබාධ සහිත දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ඉහළම තත්ත්වයේ සේවාවන් ලබාදීමටත්, ඔවුන් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති දුර්මත දුරුකිරීමටත් කැපවී සිටී. මේ වනවිට මෙම පදනම හරහා රටේ දරුවන් 700,000 කට අධික සංඛ්යාවකට සහ ඔවුන්ගේ පවුල් වලට සෙත සැලසී ඇත.


December, 20, 2022
වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු' ව්යාපෘතිය දියත් කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්යාපෘතිය සංවිධානය කර ඇත.
ජාතියේ දරුවන් කුසගින්න සහ මන්දපෝෂණය සමඟ සාර්ථකව සටන් කර නිරෝගීව ජීවත් වීම සහතික කිරීම සඳහා මෙම ව්යාපෘතියේ කොටස්කරුවෙකු වීමට, හැකි සෑම ආකාරයකින්ම පරිත්යාග කිරීමෙන් අත්වැල් බැඳ ගන්නා ලෙස ශ්රී ලාංකීය ජනතාවට ආරාධනා කරන අතර ඉතා කුඩා පරිත්යාගයන් පවා ඉතා විශාල වෙනසක් කිරීමට දායක වන බව නොඅනුමානය.
‘ළමා බඩගින්න නිවමු’ ව්යාපෘතිය පිළිබඳ වැඩි විස්තර https://www.lionsmd306.org/ වෙතින් ලබා ගත හැක.
මෙහි සංවිධාන මණ්ඩලය සියලුම පරිත්යාගශීලීන්ට සිය බලවත් කෘතඥතාව පළ කරන අතර පහත නම් කර ඇති ගිණුමට තම පරිත්යාගයන් බැර කිරීමට ආරාධනා කරනු ලබයි.
ගිණුමේ නම : Lions Clubs Int MD 306
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාව: රාජගිරිය
ගිණුම : 1000574089
December, 20, 2022
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක්රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව අවසන් කළේය.
විශේෂයෙන් ගිණුම්කරණය, මූල්ය, මුදල් ප්රවාහ කළමනාකරණය, ආයෝජන, පොත්තැබීම්, බදු, තොරතුරු තාක්ෂණය සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් වැනි අංශවල SME ව්යවසායකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම මූල්ය සාක්ෂරතා වැඩමුළුවල දෙවන අදියර HNB විසින් සම්පූර්ණ කරන ලදී. අදාල අවබෝධතා ගිවිසුමේ කොටසක් ලෙස දේශීය හා ජාත්යන්තර වශයෙන් ව්යාපාර මෙහෙයුම් ව්යාප්ත කිරීම, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය, ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් ඇතුළුව පුළුල් ව්යාපාරික සැලැසුමක් නිර්මාණය කිරීමට සහාය වීමට HNB SMEs වෙත ප්රවේශය ලැබෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය පිළිබඳ නිෂ්පාදන හා හවුල්කාරීත්ව ප්රධානී නිලූක ටී. අමරසිංහ මහතා පැවසුවේ ‘‘යම් සමාගමක දියුණුව රඳා පවතින්නේ විශේෂයෙන්ම දෛනික මෙහෙයුම් හරහා වියදම් කළමනාකරණය කිරීම සහ ප්රශස්ත කිරීමත් ව්යාපාර ව්යාප්ත කිරීම සඳහා ආයෝජන යොමු කිරීමේදී ගන්නා බුද්ධිමත්, තොරතුරු මත තීරණ ගැනීමේ හැකියාව මතයි. විශේෂයෙන්ම වත්මන් ආර්ථික තත්වය අනුව, සියලූම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට නිවැරදි හා කාලෝචිත මූල්ය තීරණ ගැනීමට අවශ්ය දැනුම ලබා දීමත් ඔවුන්ගේ දිගුකාලීන හැකියාව සුරක්ෂිත කිරීමත් ඉතා වැදගත් වනවා. එබැවින්, අපගේ SMEs පුහුණු කිරීමට, නිවැරදි මග පෙන්වීමට සහ ඔවුන්ට සහාය වීමට මෙන්ම ඔවුන්ව තිරසාර දියුණුවක් කරා රැගෙන යාමට PPOD උපදේශන සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙනි.
‘‘මෙවැනි වැදගත් කටයුත්තකට අපගේ විශේෂඥ දැනුම අඛණ්ඩව ලබා දීමට ලැබීම අප ඇත්තෙන්ම ගෞරවයක් කොට සලකනවා. අපගේ ඉලක්කය වන්නේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ශක්තිමත් කිරීමටත් ඔවුන්ට දියුණු වීමට සහ නව වෙළෙඳපොලවල් වෙත පිවිසීමට අවශ්ය ඔරොත්තු දීමේ හැකියාව තවත් වැඩිදියුණු කිරීමට උපකාර කිරීමයි. අවසාන වශයෙන්, මෙම වැඩමුළු මගින් ඔවුන්ගේම ව්යවසායකත්ව මානසිකත්වය සොයා ගැනීමට මග පෙන්වනු ඇති බවටත් ඒවගේම ඔවුන් ව්යාපාර මූලධර්ම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මූල්ය සහ කළමනාකරණය පිළිබඳ තීරණ ගනු ඇති බවටත් අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් PPOD හි ජ්යෙෂ්ඨ පුහුණුකරු සහ උපදේශන ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.
මීට පෙර, PPOD, 2022 වසර තුළ HNB SME පාරිභෝගිකයින් සඳහා වැඩමුළු හතරක් පවත්වා ඇත. මෙම වැඩමුළුවලට සහභාගී වන SME පාරිභෝගිකයින්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග්රීසි) ප්රවේශය විය හැකිය. HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන් පවත්වා ඇත.

Image 01-03 - HNB SME පාරිභෝගිකයින් සඳහා පවත්වන ලද වැඩමුළු
December, 20, 2022
නවෝත්පාදන හා ව්යාපාර ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමේ ප්රමුඛයෙකු වන Hatch Fund , ශ්රී ලංකාව කේන්ද්ර කර ගත් ගොඩනැගීම් හා පරිමාණගත කිරීම් ආයෝජන ප්රවාහයක් වන, Mountain Lion Ventures සමඟ ආයෝජකයෙකු ලෙස එක් විණි. දේශීය වශයෙන් වැදගත් හා සාර්ථක ආරම්භක ව්යාපෘති පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් සහිත Hatch Fund ඒවා ගෝලීය මට්ටමට ගෙන යාම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්රියාත්මක කරයි.
ස්ථාපිත පරිසර පද්ධති සක්රීය කරන්නෙකු ලෙස, Hatch Fund විසින් දේශීය ව්යවසායකයින්ට, විශේෂයෙන් කාන්තා ව්යවසායකයින්ට ව්යාපාර ආරම්භ කිරීමට, මූලික ආකෘති සැකසීමට සහ ව්යාපාර පුළුල් කිරීමට එල්ල වන ප්රබලතම පොදු බාධක ලෙස ආරම්භක ප්රාග්ධනය හිඟ බව සහ වෙළෙඳපොළ නිර්මාණය කර ගැනීමේ අපහසුතා හඳුනා ගෙන ඇත. Mountain Lion ventures, ගෝලීය වශයෙන් ස්ථාපිත ව්යාපාර ප්රාග්ධන සමාගමක් වන Hatch Fund හි ආයෝජනය කිරීම තුළින් මෙරට ව්යාපාර ආරම්භ කරන්නන් මුහුණ දෙන බාධක දෙක ම ජය ගැනීමේ හැකියාව ලබා දෙයි.
ESG අරමුදලකින් නිර්මාණය වී ඇති Hatch Fund පාරිසරික, සමාජීය සහ පාලන අරමුදලක් වන අතර, එය ශ්රී ලංකාවේ පළමු Gender Smart Venture අරමුදල වන HERCapital සහ MoonShot යන අරමුදල් සමඟ ඒකාබද්ධ වී ඇති ඇත. HERCapital ශ්රී ලංකාවේ Gender Smart ව්යාපාර ඇරඹීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් ආරම්භ කර ඇති අරමුදලක් වන අතර, MoonShot යනු නිෂ්පාදන, තාක්ෂණ සහ ව්යාපාර ආශ්රිත නවෝත්පාදන දිරිගැන්වීම වෙනුවෙන් පවත්වාගෙන යන තාක්ෂණික අරමුදලකි.
උපදේශක මණ්ඩලයේ සභාපති, ආචාර්ය කොර්නේලියස් බොඒශ් මහතාගේ නායකත්වය යටතේ අසාද් සුල්තාන් හා ලව් යාදව් යන සාමාන්ය හවුල්කරුවන් සහ ජෝර්ජ් පෙරෙස් ගාර්සියා යන ව්යාපාරික හවුල් කරු සමඟ Mountain Lion Ventures විසින් ඩිජිටල් පරිවර්තන හරහා නවීන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් දේශීය ව සංවර්ධනය කරන ලද තාක්ෂණික ව්යාපාර සාර්ථකව දියත් කරයි.
Sling Mobility (සිල්ලර සැපයුම් සේවා සපයන 360° විද්යුත් සංචලතා වේදිකාවක්), LIWE Communities (ශ්රී ලංකාවේ පළමු විස්තීර්ණ cloud-based smart සේවාව), Infragist (Metaverse, Cyber Security, Blockchain, Machine Learning සහ AI Solutions හරහා හැකියාවන් ඇති අති නවීන පූර්ණ තාක්ෂණික සේවා සමාගමකි.) සහ Mercato (B2B තනි වේදිකා ප්රසම්පාදන පද්ධතියකි) වැනි ව්යාපාරවල ආරම්භ කිරීම සඳහා Mountain Lion Group විසින් සහයෝගය හා ශක්තිය ලබා දී ඇත. .
Mountain Lion Group හි සාමාන්ය හවුල්කරුවකු වන ලව් යාදව් මහතා අදහස් දක්වමින් ප්රකාශ කළේ: “ශ්රී ලංකාව මීළඟ පරම්පරාව ඩිජිටල් විප්ලවයේ ඉදිරියෙන් ම සිටින බවත්, එහි දී නවෝත්පාදන හා නව අදහස් මගින් පාර්ශ්වකරුවන් වෙත උපරිම වටිනාකමක් එක් කිරීමට අපේක්ෂා කරන බවත් ය. Hatch Fund ආයතනය, Mountain Lion Group සමඟ සමාන දැක්මක් සහිතව ක්රියාත්මක වන අතර, එය මෙම ආයෝජනවල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත.
ආරම්භයේ සිට ම, කාන්තා ව්යවසායකයින් සවි බල ගැන්වීම වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදනයන් දිරිමත් කිරීම සඳහා Incubator සහ Accelerator වැනි වැඩසටහන් ක්රියාත්මක කිරීම කෙරෙහි Hatch දැඩි අවධානයක් යොමු කර ඇත. Hatch Fund නිර්මාණය කර ඇත්තේ මෙම ප්රධාන ක්ෂේත්ර සඳහා ලබා දෙන සහයෝගය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ය. මේ පිළිබඳ ව අදහස් දක්වමින් Hatch Fund හි සම නිර්මාතෘ බ්රින්දා සෙල්වදුරෙයි ඥානම් මහත්මිය මෙසේ පැවසුවා ය. "අපගේ කණ්ඩායමට විවිධ ව්යාපාරික ක්ෂේත්ර ආශ්රිත ව්යාපාරික අදහස් සහ වර්ධන අවස්ථා සඳහා සහාය දැක්වීම පිළිබඳ ව වසර කිහිපයක පළපුරුද්දක් තිබෙනවා. අප ආයතනයේ වර්තමාන සාර්ථකත්වයට හේතුව මේ අත්දැකීම් සහ විශේෂඥභාවය විදියට මම දකිනවා. Hatch Fund හි සිදු කළ මෙම ආයෝජනය, ව්යාපාර ආරම්භ කිරීමට වගේ ම ඒවා ජාත්යන්තර තලයට ගෙන යාමට සහයෝගය දැක්වීම සඳහා උපකාරී වනු ඇති බව මම විශ්වාස කරනවා."
Hatch මගින් දියත් කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස AccelerateHer හැඳින්විය හැකි අතර, එහි දී Hatch කණ්ඩායම සහ ක්ෂේත්රයේ විශේෂඥයින් පඩුගිය වසරේ දී දිවයින පුරා සංචාරය කරමින්, කාන්තා ව්යවසායකයින් 140 කට අධික සංඛ්යාවකට සහය දැක්වීම සඳහා ව්යාපාරික හා ව්යවසායකත්ව ක්ෂේත්ර ආවරණය කරමින් දින තුනක දැනුවත් කිරීමේ කඳවුරු පැවැත්විණි. AccelerateHer වැඩසටහන මගින් Hatch වෙත කාන්තා ව්යවසායකයින් පවත්වාගෙන යන ව්යාපාර ගෝලීය තලයට ගෙන යාම සඳහා අරමුදල් ලබා දීම සිදු කෙරිණි.
Hatch ශ්රී ලංකාව තුළ විවෘත නවෝත්පාදන සඳහා පහසුකම් සැලසීමේ පුරෝගාමියා ද වේ. ශ්රී ලංකාවේ ප්රථම AI-Machine learning Incubator දියත් කිරීම සඳහා ගෝලීය තාක්ෂණික සමාගමක් වන IFS සමඟ ගොඩනඟා ගත් සහයෝගීතාව මගින් ව්යාපාර සඳහා වන ගැටලු හඳුනා ගැනීමට, පරීක්ෂා කිරීමට සහ විසඳුම් ලබා දීම වෙනුවෙන් දේශීය තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරයි.
Hatch විසින් දියත් කරනු ලබන වැඩසටහන් වලට අමතරව, Web 3 හමුවීම් සඳහා ද පහසුකම් සපයන අතර, MoonShot මගින් ගෝලීය ආර්ථිකයට අදාළ වන තාක්ෂණික සංවර්ධනය සඳහා මූල්ය ප්රතිපාදන ලබා දීම සිදු කරයි.
Hatch විසින් ව්යවසායකයින්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හා ඔවුන්ගේ ව්යාපාර වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි. සාමාජිකයින් 800කට අධික සංඛ්යාවකින් යුත් Hatch ආරම්භක ආයතන 100කට වැඩි සංඛ්යාවකින්, වර්ග අඩි 60,000ක ඉඩ ප්රමාණයකින්, ඒ ඒ ක්ෂේත්රවල ප්රවීණ උපදේශකයින් 60කට අධික සංඛ්යාවකින්, 100කට අධික උපාධිධාරීන් සංඛ්යාවකින් හා 40කට අධික දේශීය හා ගෝලීය හවුල්කාරිත්වයන්ගෙන් සමන්විත ශක්තිමත් ආයතනයකි.
අවිනිශ්චිත කාලවල දී පවා, Hatch ශ්රී ලාංකේය ව්යවසායකයින්ට දේශීය වශයෙන් මෙන් ම ජාත්යන්තර ව ද විශිෂ්ටත්වයට පත් වීම සඳහා ශක්තිය ලබා දෙයි.
ශ්රී ලංකාව යනු ගෝලීය මට්ටමේ මානව සම්පත් සහිත බහු වාර්ගික රටකි. දුෂ්කරතා මධ්යයේ වුව ද, ශ්රී ලංකාවේ ව්යාපාරික ප්රජාව සුවිශේෂී ප්රගතියක් ලබා ඇති අතර, එය ශ්රී ලාංකේය ජාතිය නැංවීම සඳහා එය මහත් ශක්තියකි.
December, 20, 2022
ලොව ප්රමුඛතම සෞඛ්ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence Awards) ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදී.
2022 දෙසැම්බර් 8 වන දින පැවති මෙම සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානය සමඟින් Dettol සිය නිෂ්පාදන පිරිනැමීම සහ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා දරණ උත්සාහය ඇගයීමට ලක්විය.
ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් Dettol ක සන්නාම කළමනාකාරිණී ලිලානි රාජපක්ෂ මෙනවිය මෙසේ පැවසුවාය: ”පසුගිය වසර කිහිපය අප සැමට අභියෝගාත්මක වසරක්. කෙසේ වෙතත් Dettol ඉතා ප්රශංසනීය ජයග්රහණ දෙකක් සමඟින් පිළිගැනීමට ලක්වීම අපගේ දැක්ම වන ගනුදෙනුකරුවන්ට මුල් තැන දීමේ උත්සාහයට සැබෑ සාක්ෂියක් වන අතර අපගේ සාමූහික දැක්මට අනුව සැබෑ පාරිභෝගික අවශ්යතා සහ අපේක්ෂාවන් හදුනා ගනිමින් Dettol නිෂ්පාදන පිරිනැමීම් අඛණ්ඩව පෝෂණය කිරීම අපගේ අරමුණයි.”
වෘත්තීය අලෙවිකරණ විශිෂ්ටතය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල සෑම වසරකම ප්රධාන සම්මාන පහක් සහ විශේෂ සම්මාන 10ක් සමඟින් මෙරට විශිෂ්ටත සන්නාමයන් ඇගයීමට ලක් කරනු ලබයි.
මෙම සම්මාන ප්රදානෝත්සවයේදී අරමුණ, සන්නාම අන්තර්ගතය, සන්නාම ක්රියාවලිය සහ සන්නාම ක්රියාකාරිත්වය යටතේ සන්නාම ගොඩනැගීමේ බහුවිධ අංශ ඇගයීමට ලක් කරනු ලබන අතර සන්නාමවල වාණිජමය සාර්ථකත්වය පමණක් නොව පාරිභෝගිකයින්ගේ අවශ්යතා සහතික කිරීම තක්සේරු කරයි. අලෙවිකරුවන් විසින් පෙන්නුම් කර ඇති ධෛර්යය, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ඉහළම පිළිගැනීම ලෙස SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන සලකනු ලබයි.
විෂබීජ සහ බැක්ටීරියා සමඟ සටන් කිරීමට හොදම නිෂ්පාදන පෙළක් ලෙස ෘැඑඑදක ලොව පුරා ප්රසිද්ධියක් උසුලයි. Dettol සන්නාමය ගෝලීය මට්ටමේ නිෂ්පාදනයක් සැපයීමෙන් එහා ගොස් විෂබීජ නාශක පිළිබඳව විශේෂඥ දැනුම ලබාදෙමින් සනීපාරක්ෂක පිළිවෙත් සහ ප්රථමාධාර ලබාදීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උත්සාහයක් දරයි.
වසර 60 කට වැඩි කාලයක් Reckitt සෞඛ්ය සේවා අංශයේ පුලූල් පරාසයක නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කරමින් රට පුරා සිටින ජනතාවගේ සනීපාරක්ෂාව, සෞඛ්ය සහ පෝෂණය ඉහළ නංවමින් සියලූම ශ්රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වයි.
Reckitt හි Dettol සහ Strepsils යන සන්නාමයන් 2021 SLIM Effie සම්මාන උළෙල සහ SLIM Digis 2.1 හිදී ඇගයීමට ලක් විය. Reckitt විසින් පසුගිය වසර දෙක තුළ සිය පාරිභෝගිකයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සිදු කිරීමට දරණ උත්සහය මෙහිදී ප්රශංසාවට ලක් විය. LMD සඟරාව විසින් ශ්රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස Dettol ශ්රේණිගත කර තිබීම විශේෂත්වයකි.

Video Story