December, 21, 2022
සියයට 60-70 ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් නැවත වරක් සිදුකළහොත් එය තම කර්මාන්තයට කිසිසේත්ම දැරීමට නොහැකි වනු ඇති බව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි.
ඊයේ (20) මහජන උපයෝගීතා කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.
“ඉදිරියේ දී යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අපි මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡා කළා. ව්‍යාපාර කිරීමට ශ්‍රී ලංකාවේ තරඟකාරී පරිසරයක් තිබිය යුතුයි. නමුත් අවසාන වරට කළ විදුලි සංශෝධනයක් සමඟ ඩොලර් අගය මත ගත්තොත් ශ්‍රී ලංකාව වියදම් අධිකයි. මේ කියන විදියට සියයට 60 ක 70 ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් වෙනවා නම් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් එළඹෙනවා. වර්තමානයේ දී ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ පරිමාණයේ (Volumes) සියයට 25 ක පමණ පහළ යාමක් සිදුවෙලා තිබෙනවා.
මෙය අපිට දරාගන්න බැහැ. මේ තියෙන වෙළෙඳපොළ තත්ත්වයන් සමඟ අපිට මෙය දරන්න බැහැ.“
Video Story