November, 21, 2022
එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයින්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උළෙලක් පසුගියදා ටාජ් සමුද්රා හිදී පවත්වන ලදී.
මෙම සම්මාන ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages Ltd. හි මව් සමාගම සහ බහුජාතික සමූහ ව්යාපාරයක් වන RJ Corp හි සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහභාගී විය. තවද Varun Beverages Lanka Pvt. Ltd. හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික දේශබන්දු තිලක් ද සොයිසා මහතාද ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර Varun Beverages India නියෝජනය කරමින් එහි ප්රධාන මෙහෙයුම් නිලධාරී මන්මෝහන් පෝල් මහතා, කලාපීය ප්රධාන තාක්ෂණ නිලධාරී භූපින්දර් සිංග් මහතා මෙන්ම කලාපීය ප්රධාන මූල්ය නිලධාරී ප්රදීප් ගෝයල් මහතා සමගින් Varun Beverages Lanka හි ප්රධානී අමිත් ජෝෂි මහතා සහ එහි අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහ ශ්රී ලංකාවේ ප්රධානී අමිත් ජෝෂි මහතා විසින් සමාගම කෙරෙහි තම සහෝදර සේවකයන්ගේ කැපවීම සහ පක්ෂපාතිත්වය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. එසේම යහපත් ව්යාපාර පරිසරයක් පවත්වා ගන්නා අතරම ඉහල කාර්ය සාධනයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ගනුදෙනුකරුවන් සඳහා ගෝලීය මට්ටමේ නිෂ්පාදන අඛණ්ඩව සැපයීම උදෙසා සමාගමේ කැපවීම ද ඔවුන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
November, 21, 2022
Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ, අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ පවා සාධනීය ප්රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. සමාගමේ ආදායම රු. බිලියන 161.7ක් (පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7% ක වර්ධනයක්), ශුද්ධ ලාභය රු. බිලියන 28.3 ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක වර්ධනයක්) සහ බදු-පසු ලාභය රු. බිලියන 9.0 ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක අඩුවීමක්) ලෙස වාර්තා වී තිබේ. මෙම ප්රතිඵල සමගින් සමාගම වසරේ මේ දක්වා රු. බිලියන 396 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 61% ක වර්ධනයක්) සහ බදු පසු ලාභය රු. බිලියන 29.2 ක් (පෙර වසරට සාපේක්ෂව 59% ක වර්ධනයක්) වාර්තා කරගෙන තිබේ.
මෙම කාර්තුව තුළදී, අනාගත වර්ධනය සඳහා යටිතල පහසුකම් සහ හැකියාවන් වර්ධනය කරගන්නා අතරම කාර්යසාධන ස්ථායිතාව පවත්වා ගැනීම කෙරෙහි සමාගමේ අවධානය යොමු විය.
Expolanka සමූහ ව්යාපාරය මෙම කාර්තුව තුළ සිය කාර්ය සාධනය තහවුරු කරගැනීමට කටයුතු කළ අතර, එහි ජාත්යන්තර මෙහෙයුම්වලින් ලැබුණු ඉපැයුම් 95% ට වඩා ඉහළ මට්ටමක පැවතුණි.
මෙම ප්රතිඵල සමගින්, කාර්තුව තුළ කොටසක් සඳහා රු. 4.63 ක ඉපැයුමක් වාර්තා කිරීමට සමාගමට හැකි විය.
කාර්ය සම්පාදන අංශය
කාර්තුව තුළ ගෝලීය වෙළඳපොළවල් වලට බාධා එල්ල වීම දිගින් දිටම සිදු වූ නිසා, ව්යාපාර කටයුතු මන්දගාමී විය. COVID-19 හේතුවෙන් මතු වූ ඉල්ලුම යටපත් වී ඇති අතර, ධාරිතාව මත ඇති වී තිබූ පීඩනය ක්රමයෙන් අඩු වී, භාණ්ඩ ප්රවාහන ගාස්තු අඩු විය.
මෙම අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථක ප්රතිඵල වාර්තා කිරීමට කාර්ය සම්පාදන අංශයට හැකි වී තිබේ. එහි ආදායම රු. බිලියන 159 ක්ද, ශුද්ධ ලාභය රු. බිලියන 27.6 ක් ද වූ අතර එම අගයන් පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව පිළිවෙළින් 6% ක සහ 23%ක වැඩිවීමකි. අංශයේ බදු-පසු ලාභය රු. බිලියන 8.5 ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 30% ක පහළ යාමක් ලෙස දැක්වේ. ඉහත ප්රතිඵල හේතුවෙන්, ක්ෂේත්රය වසරේ මේ දක්වා රු. බිලියන 27.3 ක බදුපසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 45% ක වර්ධනයකි.
ඉල්ලුම අඩු වීම හේතුවෙන් ගුවන් ප්රවාහන සේවා මෙහෙයුම් මෙම කාර්තුව තුළ ක්රමයෙන් පහළ ගියේ ය. විකුණුම් කටයුතු වර්ධනය කරගැනීම සඳහා දරන ලද දැඩි උත්සාහයන් සහ ශක්තිමත් සේවා හැකියාව නිසා සමාගමට මෙහි බලපෑම අවම කරගැනීමට හැකි විය. කාර්තුව තුළ ගුවන් ගමන් ගාස්තු ක්රමානුකූලව අඩු වූ අතර, එම නිසා ලාභය පහළ ගොස් ඇත .
පාරිභෝගිකයන් වෙත සමීප වීම, හවුල්කාරීත්ව ජාලයන් නිර්මාණය කරගැනීම සහ තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීම ආදිය ඔස්සේ නාවික ප්රවාහන සේවා අංශය වර්ධනය කරගැනීමට සමාගම සමත් වී තිබේ. කාර්තුව තුළ ව්යාපාර කටයුතු ප්රමාණාත්මකව අවම වුවද, එය සාපේක්ෂව අඩු වේගයකින් ඇති වූ තත්ත්වයකි. කාර්තුව තුළ නෞකා ප්රවාහන ගාස්තු අඩු මට්ටමක පැවති අතර, එම නිසා ලාභයන්ද යම්තාක් දුරකට අඩු විය.
වෙළඳපළ අභියෝග මධ්යයේ වුවද, එක්ස්පෝලංකා සමාගම එහි පරිමාව, ධාරිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීම සඳහා වන දිගුකාලීන බහු-පරිමාණ ක්රමෝපායන් ස්ථාවරව අනුගමනය කිරීමට සමත් වී තිබේ.
උතුරු ඇමරිකානු වෙළඳ මාර්ගය තවමත් ව්යාපාර කටයුතු සඳහා ප්රධාන වශයෙන් වාසිසහගත මාර්ගයක් ලෙස පවතී. යුරෝපීය සහ ආසියා සමාගම්ද ශක්තිමත්ව අභියෝග වලට මුහුණ දෙමින් කාර්තුව තුළ ස්ථාවර වර්ධනයක් වාර්තා කරගෙන තිබේ.
දේශීය කාර්ය සම්පාදන සේවාවන් සම්බන්ධයෙන්ද ක්රමානුකූල ප්රගතියක් වාර්තා කරගැනීමට EFL සමත් වී ඇත. සියලු වෙළඳපොළ වල තම හැකියාවන් වර්ධනය කරගැනීම ඔස්සේ එහි ලාභය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගමට හැකියාව ලැබී තිබේ.
EFL හි ප්රධාන වෙළඳපොළවල් තවමත් අඛණ්ඩව යහපත් ප්රතිඵල වාර්තා කරමින් සිටී. පසුගිය වසර 40 ක කාලය තුළ මෙම වෙළඳපොළවල් තුළ යටිතල පහසුකම් වෙනුවෙන් සමාගම කළ ආයෝජනයන් ඵලදායී බව මෙමගින් මැනවින් පැහැදිලි වේ.
මෙම සමාලෝචනයට අදාළ කාර්තුව තුළ සමාගම නව වෙළඳපොළවල් 4 ක් වෙත තම ජාලය ව්යාප්ත කළේ ය. යුරෝපීය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් එක්සත් රාජධානිය තුළ ව්යාපාර කටයුතු ආරම්භ කරන ලද අතර, මධ්යම ඇමරිකානු කලාපය තුළ ව්යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා ඩොමිනිකන් ජනරජය, කොස්ටරීකා සහ මෙක්සිකෝ යන රටවලද මෙහෙයුම් ස්ථාපිත කරන ලදි.
සංචාරක සේවා අංශය
පැවති ප්රවණතාවන් අනුව ඉදිරියට යමින්, කාර්තුව තුළ වඩාත් ඉහළ මට්ටමේ ප්රතිඵල වාර්තා කිරීමට සංචාරක සේවා අංශය සමත් විය. තම සේවාවන් එකතුව ප්රති-සංවිධානගත කිරීම සඳහා සමාගම අනුගමනය කළ ක්රමෝපායන්ගේ සාර්ථකත්වය එම ප්රතිඵල මගින් පැහැදිලි වේ. මෙහෙයුම් ක්රියාවලි ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත් පිරිමැසුම්දායක හා කාර්යක්ෂම මෙහෙයුම් ආකෘතියක් භාවිතයට ගැනීම හේතුවෙන්, ශ්රී ලංකාවේ ප්රමුඛතම සංචාරක සන්නාමයක් ලෙස හිමි වී ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි.
වෙළඳපොළ කොටස වර්ධනය කරගන්නා අතරම, කාර්යක්ෂම ප්රසම්පාදනයට සහ මෙහෙයුම් විශිෂ්ටත්වයට මුල්තැන දීම තුළින්, රු. මිලියන 811 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 233% ක වර්ධනයක්), රු. මිලියන 545 ක ශුද්ධ ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 319% ක වර්ධනයක්) සහ රු. මිලියන 243 ක බදු-පසු ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 2,026% ක වර්ධනයක්) වාර්තා කරගැනීමට සංචාරක සේවා අංශය සමත් වී තිබේ.
ආයෝජන අංශය
ආයෝජන අංශය ස්ථාවරව පවතිමින්, රු. බිලියන 1.7 ක ආදායමක් (පෙර වසරට සාපේක්ෂව 85% ක වර්ධනයක්) සහ රු. මිලියන 295 ක බදු-පසු ලාභයක් (පෙර වසරට සාපේක්ෂව 425% ක වර්ධනයක්) වාර්තා කරගෙන ඇත. මේ සඳහා ප්රධාන දායකත්වය ලැබී ඇත්තේ අපනයන අංශයෙනි. අඩු අස්ථාවරත්වයක් සහිත ඉහළ ආන්තික නිෂ්පාදන වෙත යොමුවීමේ ක්රමෝපාය, මෙම අංශයේ වර්ධනයට ප්රධාන වශයෙන් හේතු විය. තොරතුරු තාක්ෂණ ව්යාපාරයද මේ වනවිට ක්රමයෙන් දියුණු වෙමින්, සමූහයේ සමස්ත කාර්ය සාධනයට වැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී.
මුදල් ප්රවාහය සහ තෝලනය
කාරක ප්රාග්ධන කළමනාකරණය සහ මුදල් මාරු කිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තම මෙහෙයුම් වලින් ලැබෙන මුදල රු. බිලියන 110 දක්වා වැඩි කරගැනීමට එක්ස්පෝලංකා සමත් වී අතර, එමගින් ණය රු. බිලියන 67 ක් පියවා, එහි තෝලන අනුපාතය 27% දක්වා අඩු කරගැනීමට සමාගම සමත් විය.
සමාජ සවිඥානිකත්වය සහ ආයතනික යහපාලනය
Expolanka දිගින් දිගටම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකරමින්, ඊට අදාළ මූලික ක්රමෝපායික අරමුණු වලට සමගාමීව, ක්රියාකාරී වැඩසටහන් සහ ව්යාපෘති කිහිපයක්ම ක්රියාවට නැංවී ය.
ජනතාවගේ කුසගින්න නිවාලීමේ අරමුණ පෙරදැරිව, ආදරය සහ ගුණයහපත් බව පැතිරවීම උදෙසා ‘යහගුණ පදනම’ දියත් කිරීමටද සමාගම කටයුතු කළේ ය. මේ යටතේ වෛද්ය ප්රතිකාර සඳහා කොළඹට පැමිණෙන, අඩු ආදායම්ලාභී පවුල් 250 කට දෛනිකව සෞඛ්ය සම්පන්න ආහාර ලබාදීම සිදුකෙරේ.
වගකීම් සහගත සහ සමාජ සවිඥානික සේවායෝජකයෙකු ලෙස එක්ස්පෝලංකා, සේවක සුභසාධනය සහ යහපැවැත්ම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම ශ්රී ලංකාව මේ වනවිට අභියෝගකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින නිසා, දේශීය කාර්ය මණ්ඩලයේ යහපත සම්බන්ධයෙන් සමාගමේ සැලකිල්ල දැඩි ලෙස යොමු වී තිබේ.
‘Global Goodness’ යන තේමාව මූලික කරගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත කාර්ය සම්පාදනය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වැනි සංකල්ප ආවරණය කරන වැඩසටහන් ක්රියාවට නැංවීමට සමාගම නිරන්තරයෙන් පියවර ගෙන ඇත.
ඉදිරි දැක්ම
ගෝලීය සාර්ව ආර්ථික පරිසරය සහ වෙළඳපොළ තත්ත්වයන් අවිනිශ්චිතව පවතින නිසා අනාගතය පුරෝකථනය කිරීම දුෂ්කර ය.
කෙසේ නමුත් මෙම වෙනස්කම්වලට අනුගත වීමට තමන්ට හැකියාව පවතින බව Expolanka පසුගිය කාලය තුළ මැනැවින් පෙන්නුම් කර තිබේ. වෙළඳපොළ තත්ත්වයන්ට අනුකූලව හැඩගැසෙමින්, තම ක්රමෝපායික වැඩසටහන් අඛණ්ඩව ක්රියාවට නැංවීමට සමාගම කටයුතු කර ඇත. සියලුම පාර්ශ්වකරුවන්ට වටිනාකම් තිළිණ කිරීම යන මූලික ඉලක්කය පෙරදැරිව, නිරන්තරයෙන් වෙනස්වන සහ විකාශනයවන ගෝලීය තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හැකියාවන්, යටිතල පහසුකම් සහ පද්ධති ගොඩනංවා ගනිමින් සමාගම, දීර්ඝකාලීන දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරමින් සිටී.
Expolanka Holdings PLC මේ වනවිට ලොව පුරා සාර්ථක ලෙස ව්යාපාර ගොඩනංවා තිබේ. එය ලොව ප්රමුඛතම ගුවන් ප්රවාහන සේවා සමාගම් 25 සහ නාවික ප්රවාහන සේවා සමාගම් 35 අතරට එක්වී සිටී. Classic Travel යනු ශ්රී ලංකාවේ ප්රමුඛතම සංචාරක සන්නාමයකි. ‘සියලුම පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමට කැපවීම’ යන ඉලක්කය මුල්කර ගනිමින් සමාගම සිය ව්යාපාර කටයුතු වල නිරත වී සිටී.
November, 21, 2022
ජනතාවගේ කාර්යබහුල ජීවන රටාව මෙන් ම දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්යතාවලට අනුකූලව රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන යනු අද වන විට නිවෙසක් තුළ තිබිය යුතු අත්යවශ්ය ම නිෂ්පාදනයක් බවට පත් වී ඇති අතර, බොහෝ විට එයට එදිනෙදා මිල දී ගන්නා සිල්ලර භාණ්ඩ ලැයිස්තුවේ මූලික ස්ථානයක් හිමි වේ. අද වන විට ශ්රී ලාංකේය ඩිටර්ජන්ට් වෙළෙඳපොළ තුළ විවිධ මිල ගණන් යටතේ පුළුල් පරාසයක විහිදුණු රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන රැසක් දක්නට ලැබේ. එමෙන් ම වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා නිසා මෙරට ඩිටර්ජන්ට් වෙළෙඳපොළ තුළ ගුණාත්මක බවින් වැඩි, කාර්යක්ෂම ක්රියාකාරිත්වයක් සහිත, මිලෙන් අඩු රෙදිසෝදන නිෂ්පාදනයක අවශ්යතාව දිනෙන් දින වර්ධනය වී තිබේ.
Diva Fresh යනු සියලුම සමාජ හා ආර්ථික මට්ටම්වල පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණය දිනාගත් රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදනයක් වන අතර, එම නිෂ්පාදනය ප්රභේද කිහිපයක් යටතේ ලබා ගත හැකිය. එහි අඩංගු 3-in-1 පර්ෆියුම් මැජික් නිසා ඇඳුම්වලට දිගු කල් පවතින සුවඳක් ලබා දෙන අතර, Fiber Clean තාක්ෂණය හා Optical Brighteners මගින් ඇඳුම් ඉතා හොඳින් පිරිසිඳු කර, දීප්තිමත් බවක් ලබා දෙයි. එමෙන් ම නැවුම් රෝස, නිල් මානෙල් සහ ලැවෙන්ඩර්, අරලිය, පිච්ච හා සේපාලිකා ආදී වශයෙන් විවිධ සුවඳ වර්ගවලින් ලබා ගත හැකි Diva Fresh රෙදි සෝදන කුඩු නවීන තාක්ෂණය භාවිතයෙන්, ඉහළ ම ප්රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව ද සඳහන් කළ යුතු ම ය.
මෑතක දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Diva Fresh ග්රෑම් 700 රෙදි සෝදන කුඩු පැකැට්ටුව, මෙරට ඩිටර්ජන්ට් වෙළෙඳපොළේ පවතින අවම මිල ගණන් නිසා වඩා ජනප්රිය මෙන් ම වඩාත් ඉල්ලුමක් සහිත නිෂ්පාදනය බවට පත් වී ඇත. නව, ග්රෑම් 700 ඇසුරුම ඇතුළු සමස්ත Diva Fresh නිෂ්පාදන පෙළ වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වී ඇත්තේ ගුණාත්මක භාවය සහ දැරිය හැකි මිල නිසා ම ය.
හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කාණ්ඩ කළමනාකාරිණී (Category Manager) අනුෂ්කා සබානායගම් මහත්මිය පැවසුවේ, " Diva Fresh රෙදි සෝදන කුඩු නිෂ්පාදන පෙළ සැමවිට ම ශ්රී ලාංකිකයන්ගේ හදවත්වලට සමීප වෙළඳ සන්නාමය නිරන්තරයෙන් ම පාරිභෝගික ජනතාවගේ අවශ්යතා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේ ම අපි පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම මෙන් ම විවිධ ප්රමාණයන්ගෙන් යුත් නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. Diva Fresh ග්රෑම් 700 නව පැකට්ටුව ගැන අපට ඉතා හොඳ පාරිභෝගික ප්රතිචාර ලැබී තිබෙනවා. ඒ වගේ ම එම නිෂ්පාදනය ඉතා කෙටි කාලයක දී මේ රටේ ඩිටර්ජන්ට් වෙළෙඳපොළ තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත් වෙලා තිබෙන බව පැවසුවොත් නිවැරදියි. මෙම නිෂ්පාදනය දැරිය හැකි මිලකට ලබා දීම ඇත්තවශයෙන් ම කාලෝචිත පියවරක්. Diva Fresh සන්නාමය හරහා තවත් වසර ගණනාවක් මේ රටේ පාරිභෝගික ජනතාවගේ රෙදි සේදීම ආශ්රිත අවශ්යතා සඳහා අඛණ්ඩව විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
රෙදි සෝදන කුඩු නිෂ්පාදනයක් තෝරා ගැනීමේ දී අදාළ නිෂ්පාදනය හොඳින් රෙදිවල කුණු ඉවත් කරන්නේ ද, ඇඳුම්වලට දීප්තිය හා නැවුම් සුවඳක් ලබා දෙන්නේ ද යන කරුණු කෙරෙහි පාරිභෝගික ජනතාව ප්රධාන වශයෙන් අවධානය යොමු කරති. Diva Fresh පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ප්රතිචාරය වන්නේ එමගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව ඔවුන් සෑහීමකට පත්වන බවයි. එමෙන් ම Diva Fresh නිෂ්පාදනයට ආවේණික එකිනෙකට වෙනස් සුවඳ වර්ග නිසා පාරිභෝගික තෘප්තිමත් භාවය තවත් වැඩි වී ඇත.
මෙරට ජනතාවගේ රෙදි සෝදන අවශ්යතා සඳහා සාර්ථකව විසඳුම් ලබා දීම පිළිබඳව කීර්තිමත් ඉතිහාසයක් සහිත සන්නාමයක් වන Diva සැමවිටම පාරිභෝගික අවශ්යතා මනා ලෙස අවබෝධ කරගැනීමට සමත් වීම මෙන් ම ගුණාත්මක නිෂ්පාදන පෙළක්, දැරිය හැකි මිලට ලබා දීම නිසා එය මෙරට නිවෙස් තුළ අනිවාර්යයෙන් ම දක්නට ලැබෙන නිෂ්පාදනයක් බවට පත් ව ඇත. පාරිභෝගික අවශ්යතා සමඟ අඛණ්ඩව විකාශනය වන Diva Fresh නිෂ්පාදන පෙළ මගින් පිරිනමන කාලෝචිත නව්ය විසඳුම් නිසා ශ්රී ලාංකික පාරිභෝගික ජනතාවගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට එම සන්නාමය සමත් වී ඇත.
November, 21, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ ජනප්රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම මාපිය සායන වැඩසටහන් මාලාව මගින් ළදරු රැකවරණය, මුල් ළමා විය සංවර්ධනය සහ සාම්ප්රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් දරුවන් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව යනා දී වශයෙන් පුළුල් ක්ෂේත්රයක් ආවරණය කරමින් දෙමාපියන් දැනුවත් කළ අතර, සාර්ථක දෙමාපියන් වීමට අවශ්ය දැනුම හා ආකල්ප වර්ධනය ද මෙහි දී අරමුණු කෙරිණි. මෙම මාපිය සායන හරහා දරුවාගේ කායික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන් දරුවාගේ උපතේ දී මෙන් ම මුල් ළමාවිය සංවර්ධනයේ දී ද ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව දෙමාපියන්, විශේෂයෙන් පියවරුන් දැනුවත් කිරීමට බේබි ෂෙරමි විසින් කටයුතු කෙරිණි.
මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සුවිශේෂී වැඩසටහනට සහභාගි වූ දෙමාපියන් අමතනු ලැබූ අතර, මාතෘ හා ළමා සෞඛ්ය උපදේශිකා ශ්යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය හා ළදරු පෝෂණය සහ දරුවාගේ යහපැවත්ම කෙරෙහි මව සහ පියා දෙදෙනාගේම දායකත්වය පිලිබඳව දෙමව්පියන් දැනුවත් කරන ලදී. එමෙන් ම එහි දී ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් සංගීත චිකිත්සක සැසියක් ද පැවැත්විණි. ඊට අමතරව බණ්ඩාරගම, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී මධුෂානි අමරසූරිය මහත්මිය, දරුවන්ගේ මුල් ළමාවිය එක් එක් අදියරයන් සාර්ථකව වර්ධනය කිරීම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කළාය.
මෙම සායනය අවසානයේ දී, මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි ත්යාග පාර්සලයක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය විසින් අනුමත කරන ලද මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව සම්පාදිත පොත් පිංචක් ද පරිත්යාග කෙරිණි. කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය, සෞඛ්ය අමාත්යාංශය සහ මුල් ළමාරක්ෂක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ දී ප්රාදේශීය වෛද්ය කාර්යාලයේ වෛද්යවරුන් ද දෙමාපියන් ඇමතූ අතර, සහභාගී වූ දෙමව්පියන්ගෙන් එම වැඩසටහනට ඉතා හොඳ ඇගයීමක් ලැබිණි.
‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ බේබි ෂෙරමි විසින් දියත් කරන මෙම වැඩසටහන් මාලාවට යටතේ සායන 30ක් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්ර කර ගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ. ශ්රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු සත්කාරක සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, අධ්යාපනික වැඩසටහන් දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි. බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම සුවිශේෂී වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට www.babycheramy.lk වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/ මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.
November, 21, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම බලපත්රලාභී මූල්ය සමාගමක් වන මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව පසුගියදා බණ්ඩාරගම නගරයේදී උත්සවාකාරයෙන් විවෘත විය. පසුගිය කාලය තුළ මේ ආකාරයට රටේ ප්රධාන නගර කිහිපයකම නව ශාඛාවන් විවෘත කිරීමට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එම ශාඛා ජාලයට එක්වූ 23 වන ශාඛාව මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, ආරාධිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.
අංක 26, කළුතර පාර, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ රන් ණය, ස්ථාවර තැන්පතු සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වේ.
“බණ්ඩාරගම යනු කළුතර දිස්ත්රික්කයේ වැදගත්ම නගරයක්. එමෙන්ම එය කර්මාන්ත මෙන්ම වෙළඳ හා කෘෂි ව්යාපාර කටයුතු බහුලව සිදුවන ප්රදේශයක්. අපගේ ශාඛාවක් බණ්ඩාරගම නගරයේ විවෘත කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. රට පුරාම මේ ආකාරයට වාණිජමය වශයෙන් වැදගත් නගර වල ශාඛා විවෘත කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. මෙය අපගේ ශාඛා ජාලයේ 23 වැනි ශාඛාව මෙන්ම, බස්නාහිර පළාතේ 6 වැනි ශාඛාවයි. මීට පෙර අප බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, ජාඇල, කඩවත සහ මීගමුව යන නගර වල ශාඛා විවෘත කළා. එමෙන්ම අපගේ ශාඛා විවෘත කරන ප්රදේශ වලින් දක්ෂතම වෘත්තිකයන් බඳවාගෙන අපගේ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මානව සම්පත් වල යහපත වෙනුවෙන් අප ගන්නා උත්සාහයන් නිසා අඛණ්ඩව සිව් වතාවක් Great Place to Work ඇගයීම හිමිකර ගැනීමටත් අපට හැකි වුණා. අපගේ සියලුම ශාඛාවන් හරහා, අප හඳුන්වා දී ඇති පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුව පහසුවෙන් ලබාගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට පුළුවන්. අප උණුසුම් ලෙස පිළිගත් බණ්ඩාරගම ජනතාවට ඉදිරියේදී විශිෂ්ටතම සේවාවක් ලබාදීමට අප සූදානමින් සිටිනවා.” මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ඉන්දියාවේ මහින්ද්රා ඇන්ඩ් මහින්ද්රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වේගවත් වැඩසටහන ආරම්භ වී තිබේ. මෙම හිමිකාරීත්ව වෙනසත් සමග, ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය ජයගැනීමේ අරමුණින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම ‘මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස්’ ලෙස නම්කරන ලදි. මහින්ද්රා ඇන්ඩ් මහින්ද්රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම අයිඩියල් ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.
Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්ය ආයතනයක් සහ බලපත්රලාභී මූල්ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්රධාන වශයෙන් ග්රාමීය හා අර්ධ නාගරික ප්රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්රතිලාභද පිරිනමයි.

ඡායාරූපය: මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, බණ්ඩාරගම ශාඛාව විවෘත කළ අවස්ථාවේ එම ශාඛාවේ කාර්ය මණ්ඩලය සමග
November, 21, 2022
ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්රජන් ව්යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
මන්නාරම, තම්බපවනී සුළං විදුලි බලාගාරය ඊයේ (20) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙරට පුනර්ජනනීය බලශක්ති විභව සහ එහි වත්මන් ප්රගතියත්, ඉදිරි දස වසරක සැලසුම් පිළිබඳවත් විෂයභාර ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සහ හරිත හයිඩ්රජන් ව්යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
කොළඹ, හම්බන්තොට සහ ත්රිකුණාමල වරායන්වල හරිත හයිඩ්රජන් තාක්ෂණය ඉදිරියේ දී බලගැන්වීමටත්, වහාම ධීවර බෝට්ටු සඳහා හරිත හයිඩ්රජන් බලශක්ති ක්රමවේදය හඳුන්වාදීම මගින් රටේ ආර්ථිකයේ මෙන්ම උතුරේ ආර්ථිකයේ ද සුවිශේෂී වෙනසක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ඉදි කෙරෙමින් පවතින මුහුදු ජල පවිත්ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. එවැනි ව්යාපෘති මගින් ඉදිරියේ දී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්ර රැක ගැනීමේ අවශ්යතාව ද පැහැදිළි කළේය.
කුඩා ජල ව්යාපෘතිවලට ප්රමුඛත්වය දීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කුඩා ජල ව්යාපෘති බවට පත්කළ හැකි වාරි ඇළ මාර්ග හඳුනා ගැනීමට ද නිලධාරීන්ට උපදෙස් දුන් අතර ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටලු එමඟින් අවම කර ගත හැකි බව පැවසීය.
මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්යාලවල සහාය ඇතිව බලශක්ති ක්ෂේත්රයේ අනාගත තාක්ෂණයන් හා ක්රමවේද හඳුනාගැනීම සහ පර්යේෂණ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
ධීවර හා ජලජ සම්පත් අමාත්ය ඩග්ලස් දේවානන්දා, විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්යාගරාජා, ග්රාමීය ආර්ථික රාජ්ය අමාත්ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්යාධිකාරී, මන්නාරම දිස්ත්රික් ලේකම් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මින් අනතුරුව තලෛමන්නාරම ජැටිය නිරික්ෂණයට එක් වූ ජනාධිපතිවරයා මන්නාරම් කලාපීය සංවර්ධන සැලැස්ම යටතේ ජැටිය ප්රතිෂ්ඨාපනය කිරීම සහ ඉදිරි භාවිතය පිළිබඳවද නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය සහ නාවික හමුදා නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් විය.
November, 21, 2022
ශ්රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේ පිරිමි අවසන් මහා තරඟයේ දී 3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්විණි.
වඩාත් තරගකාරී වූ අවසන් මහා තරඟයේ දී පළමු වටය (25-22), තුන් වැනි වටය (25-20) සහ පස් වැනි වටය (15-11) ඕෂන් ලංකා කණ්ඩායම ජය ගත් අතර, මැලිබන් සමූහය දෙවැනි (25-23) සහ සිවුවැනි (25-22) වට ජයග්රහණය කිරීමට සමත් විය. ශූරතාවට අමතරව ඕෂන් ලංකා කණ්ඩායමේ ක්රීඩකයෝ කිහිප දෙනෙකු සිය පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි කර ගත්හ. එහි දී ඕෂන් ලංකා කණ්ඩායමේ අශේන් පීරිස් දක්ෂතම ග්රාහකයා ලෙස ද, සඳුන් ශ්රීමාල් හොඳ ම පන්දු යවන්නා ලෙස ද, ශ්රීපරත් අරුචුනෙන් හොඳ ම අවහිර කරන්නා ලෙස ද, මොහොමඩ් මීසාන් තරගාවලියේ විශිෂ්ටතම ක්රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ.
ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම් කළමණාකරු රුවන්සිරි මල්ලිකාආරච්චි මහතා මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින්, "මෙම ශූරතාවලිය වොලිබෝල් ක්රීඩාව වෙනුවෙන් අපගේ කැපවීම සහ අපගේ දක්ෂතා ඇගයෙන උච්චතම අවස්ථාව විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය වගේ ම ඕෂන් ලංකා කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා." යනුවෙන් පැවසුවේ ය.
වසර ගණනාවක් පුරා ඕෂන් ලංකා කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය වෙනුවෙන් කණ්ඩායම් නායක බුද්ධික බණ්ඩාර මහතා සිය කෘතඥතාව පළ කළේ, ආයතනය කණ්ඩායම සඳහා ලබා දුන් ඉහළ පෙළේ පහසුකම් මෙම සාර්ථකත්වය කරා ළඟා වීමට බෙහෙවින් ඉවහල් වූ බව පවසමිනි. ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම මීට පෙර 2019 වසරේ දී වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපිරි ලීග් කාණ්ඩයේ ජයග්රහණ අත්කර ගැනීමට සමත් විය.
මෙවර ශූරතාව දිනූ ඕෂන් ලංකා කණ්ඩායම : බුද්ධික බණ්ඩාර (නායක), අශේන් සුමියුරු, සඳුන් ශ්රීමාල්, ගයාන් මල්ලිකාරත්න, චතුරංග රාජපක්ෂ, මොහොමඩ් මීසන්, රෙහාන් මධුශංක, ශ්රීපරත් අරුචුනෙන්, රුවන්සිරි මල්ලිකාරආරච්චි (කණ්ඩායම් කළමණාකරු), ලලිත් ප්රේමලාල් (පුහුණුකරු), ශානුක මදුභාෂ්වන, පසිඳු සඳුරුවන් සහ හසිත ඩිලාන්.

November, 20, 2022
ලංකා ප්රිමියර් ලීග් 2022 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 නාලිකාව තරග සංවිධායක IPG Sports සමූහය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම තරගාවලිය, 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින ආරම්භ වීමට නියමිතය.
අද දෙරණ 24 යනු ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ පැය 24 පුරා ක්රියාත්මක වන එකම පුවත් රූපවාහිනී නාලිකාවයි. මේ අනුව අද දෙරණ 24 ඔස්සේ උද්වේගකර තරගකාරිත්වයෙන් පිරි තරග 23ක සජීවී ආවරණය ශ්රී ලාංකීය ජනතාවට දැකබල ගැනීමට අවස්ථාව උදාවනු ඇත..
එවින් ලුවිස්,කාලොස් බ්රත්වෙයිට්, ජැනමන් මේලන්, ඩ්වීන් ප්රිටොරියස්, ඩාර්සි ශෝර්ට්, ෂොයිබ් මලික් ඇතුළු විදේශීය ප්රමුඛ පෙළේ ක්රිකට් ක්රීඩකයින් ඇතුලත් කණ්ඩායම් 5කින් සැදුම්ලත් 2022 වසරේ ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය ඉතා තරගකාරී තරග රටාවක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ දක්ෂ ක්රිකට් ක්රීඩකයින් ද මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිත අතර ඔවුන් පළාත් කණ්ඩායම් නියෝජනය කරනු ඇත.
නිල විකාශනය පිළිබඳ හවුල්කාරිත්වය සංකේතවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, IPG Sports සහ දෙරණ මාධ්ය ජාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සව සභාව අමතමින් IPG Sports හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ අනිල් මෝහන් මහතා ප්රකාශ කළේ "ශ්රී ලාංකිකයන් විසින් ආදරය කරන ශ්රී ලංකාවේ ප්රමුඛතම පුවත් නාලිකාව වන අද දෙරණ 24 සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා" යනුවෙනි. LPL හරහා ක්රිකට් ක්රීඩාව දියුණු කිරීම මෙන්ම අර්බුදකාරී වතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්රී ලාංකිකයන්ගේ මනෝභාවය ඉහළ නැංවීමට ද මෙම තරගාවලිය උපකාරී වන බව IPG විශ්වාස කරයි.
"ප්රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ශ්රී ලංකාවේ පුරෝගාමීම මාධ්ය ආයතනය ලෙස, අද දෙරණ -24 සෑමවිටම ජනතාවගේ හදවත්වලට සමීප වන්නේ අප අපගේ සහෝදර ශ්රී ලාංකිකයන්ගේ අවශ්යතා නිතැතින් සපුරන නිසා යැයි දෙරණ විධායක අධ්යක්ෂ සහ ප්රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය. එසේම මෙම තරගාවලිය මෙම කාල වකවානුවේ විවිධ ගැටලුකාරී තත්වයන් අත්විඳින ජනතාවට සහනයක් මෙන්ම විනෝදාස්වාදයක් ලබා දෙනු ඇති අතරම, ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට මෙය විදෙස් ක්රිකට් තරු වඩාත් සමීප කරවන උද්වේගකර තරගාවලියක් වනු ඇතැයි මා විශ්වාස කරනවා."
ලංකා ප්රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ද මෙහිදී අදහස් දක්වමින් ප්රකාශ කළේ, "ලංකා ප්රිමියර් ලීගය සිය නිල විකාශන සහකරු ලෙස අද දෙරණ 24 සමඟ එක්වීම පිළිබඳව සංවිධායකයකු වශයෙන් අතිශයින් සතුටට පත්වෙනවා" යනුවෙනි.

November, 19, 2022
Dialog.lk වෙතින් 11.11 සහ Black Friday වෙනුවෙන් ඔබට සුවිශේෂී දීමනා රැසක් පිරිනමයි. Dialog Home Broadband, Dialog Television සම්බන්දතාවයක් ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේනම් හෝ ඔබට නව Smartphone එකක් මිලදී ගැනීමට අවශ්යනම් ඒ සඳහා සුවිශේෂී දීමනා ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම සුවිශේෂ දීමනා ලබාගත හැක්කේ Dialog.lk ඔස්සේ online ඇණවුම් කිරීමෙන් පමණි.
මෙම සුවිශේෂ දීමනාවලට අමතරව සියලුම Online ඇණවුම් දීපව්යාප්තව කිසිදු බෙදාහැරීම් ගාස්තුවක් නොමැතිව ඔබ වෙතටම ගෙන ඒමට පහසුකම් ද ක්රියාත්මක කර තිබේ. එමඟින් ඔබේ කාලයත් මුදල් නාස්තිවීම වලක්වා ඇති අතර මේ සඳහා ඔබ කල යුත්තේ https://dlg.lk/3X9nZ1F වෙත පිවිස ඔබේ ඇණවුම් ලබාදීම පමණි.
2022 නොවැම්බර් 30වන දිනය දක්වා ක්රියාත්මක මෙම සුවිශේෂ 11.11 සහ Black Friday දීමනාවන් ඔස්සේ රු.5990/-ක වටිනාකමකින් යුත් Dialog Home Broadband සම්බන්ධතාවයක් රු.2990/-කට ලබා ගත හැකිය. එසේම Apple iPhones, Samsung Galaxy S22 Ultra ඇතුළු තෝරාගත් නවතම smartphone සහ අනෙකුත් උපාංග සඳහා දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව ද මෙහිදී ලබා දී ඇත.
මීට අමතර රූපවාහිනී රසිකයන්ට මෙමගින් රු. 5990/- වටිනා Dialog Television Budget සම්බන්ධතාවයක් රු.4490/- වැනි අඩු මුදලකට ලබාගත හැකිය. තවද පසුගෙවුම් සබඳතාවයක් රු.8090/-ක මිලකටත් Dialog Television ViU Mini සම්බන්ධතාවයක් රු.8090/-ක මිලකටත් මෙහිදී ලබාගත හැකිවේ. මෙම විශේෂ වට්ටම 2022 නොවැම්බර් 30වන දින දක්වා ක්රියාත්මක වේ.
ඔබ සොයන්නේ නව Home Broadband සබඳතාවයක්, TV සබඳතාවයක් හෝ smartphone එකක් නම් දැන්ම https://dlg.lk/3X9nZ1F වෙත පිවිස නොවැම්බරයේ පිරිනමන මෙම ආකර්ෂණීය දීමනාවෙන් උපරිම ඵල නෙලාගන්න.
November, 19, 2022
• සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි
• පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි
• දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146 කින් වර්ධනය වෙයි
• Tier I ප්රාග්ධන අනුපාතය සහ සමස්ත ප්රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36% කි
• ද්රවශීලතා ආවරණ අනුපාතය 218.5% කි
හැටන් නැෂනල් බැංකුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 12.4 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 10.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය රුපියල් බිලියන 11.6 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
ගත වූ මාස නවය සඳහා ලබා ගත් මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී, අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘අතිශයින්ම අභියෝගාත්මක තත්වයන් යටතේ අප පෙන්නුම් කර තිබෙන කාර්යසාධනය මගින් අපගේ ගනුදෙනුකරුවන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය, අපගේ ශක්තිමත් ව්යාපාර ආකෘතිය හා ශක්තිමත්භාවය සහ දැඩි අවිනිශ්චිතතාවයන් මධ්යයේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීමට අපගේ කණ්ඩායමේ ඇති දැඩි කැපවීම හා විශේෂඥභාවය පැහැදිලිව පෙන්නුම් කරනවා. දිගුකාලීන වටිනාකමක් ලබා දීම සඳහා වූ අපගේ නොසැලෙන උනන්දුව හා කැපවීම නැවත අවධාරණය කිරීමටත් සහ අපගේ සාර්ථකත්වය සඳහා ඔවුන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අපගේ ගනුදෙනුකාරභවතුන්ට, සමස්ත HNB කණ්ඩායමට, කොටස්හිමියන්ට සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ට මගේ අවංක කෘතඥතාව පුද කිරීමට කැමතියි.’’ යනුවෙනි.
බැංකුවේ පොලී ආදායම 86% කින් වර්ධනය වී රුපියල් බිලියන 134.9ක් වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්ය ප්රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප්රතිශතාංක 12කට වඩා වැඩි අගයකින් ඉහළ යාමයි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය දක්වා වූ පළමු මාස නවය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 100% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 71.1 ක් බවට පත්ව තිබේ.
2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව වෙළඳ කටයුතුවලින් සහ කාඞ්පත්වලින් ලැබූ ඉහළ ආදායම හේතුවෙන් ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 11.0ක එනම් 65% ක විශාල වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx මීට අමතරව, එම කාල පරිච්ෙඡ්දය තුළ 80%කට වඩා වැඩි අගයකින් රුපියලේ අගය අවප්රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 16.8 ක සුවිශේෂී විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි විය.
සමස්ත මෙහෙයුම් ආදායම 110% කින් වැඩි වී රුපියල් බිලියන 99.7 ක් බවට පත් වී ඇති අතර අදාල මාස 9 සඳහා වන සමස්ත හානි පූරණ ගාස්තු 438% කින් වැඩි වී රුපියල් බිලියන 60.3ක් වී ඇත. මෙයට බැංකුව සතු විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 41 ක හානි පූරණ ගාස්තුවක් ඇතුළත් විය. අයහපත් වෙළෙඳපොල තත්වයන් හේතුවෙන් බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 3.34%ක් දක්වා වර්ධනය වී ඇත. 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 9.9 ක ප්රතිපාදනයට සාපේක්ෂව මේ වසරේ අදාල මාස 9 සඳහා ණය සහ අත්තිකාරම් ලෙස රුපියල් බිලියන 19.3 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත.
පසුගිය වසරට සාපෙක්ෂව 70%ක උද්ධමනය සහ රුපියලේ අගය 80%කින් අවප්රමාණය වීම යන පසුබිම තුළ මේ වසරේ අදාල මාස 9 සඳහා වන මෙහෙයුම් වියදම් වැඩිවීම 27%කට සීමා කිරීමට HNB සමත්ව ඇත. බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය අදාල මාස 9 සඳහා 22.9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී ප්රතිශතාංක 15 ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් අදාල කාල පරිච්ෙඡ්දය තුළ ශුද්ධ ආදායම සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.
2022 සැප්තැම්බර් දක්වා වන මාස නවයක කාලය තුළදී බැංකුවේ වත්කම් පදනම 20.2% කින් පුළුල් වී රුපියල් ටි්රලියන 1.6 ක් වී ඇති අතර දළ ණය සහ අත්තිකාරම් ප්රමාණය 13.1% කින් ඉහළ ගොස් රුපියල් ටි්රලියන 1.1 ක් බවට පත්ව ඇත. අදාල මාස නවයක කාලය තුළ සමස්ත තැන්පතු ප්රමාණය 25.1%ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් ටි්රලියන 1.3 ක් වී ඇත. තවද HNB හි දේශීය මුදල් තැන්පතු 17.3% කින් වර්ධනය වී රුපියල් බිලියන 993 ක් වී ඇති අතර සමස්ත ශේෂ පත්රයේ වර්ධනයට රුපියල අවප්රමාණය වීම සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ.
ලබා ගත් මෙම මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ, ‘‘මේ වන විට රට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. එහි ප්රතිඵලයක් ලෙස සමස්ත බැංකු ක්ෂේත්රයටම අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. විදේශ විනිමය ද්රවශීලතා සීමාවන් නිසා පාරිභෝගිකයින්ට සහාය වීමට ඇති හැකියාවට බලපෑම් එල්ල වී තිබීම අපට ඇති ප්රධාන අභියෝගයක්. 2019 සිට කාරක ප්රාග්ධන ණය සහ පොලී සහන ලබා දීම මගින් මූල්ය සහාය අවශ්ය ගනුදෙනුකාරභවතුන්ට බැංකු ක්ෂේත්රය අඛණ්ඩව සහයෝගය ලබා දුන්නා. එහිදී සැලකිය යුතු පිරිසක් සිය ජීවනෝපාය නැවත නගා සිටුවීමට කටයුතු කළ අතර තවත් ගනුදෙනුකරුවන් විශාල සංඛ්යාවක් තවත් පීඩා විඳිනවා. එහි ප්රතිඵලයක් ලෙස වත්කම්වල ගුණාත්මකභාවය මත පීඩනය වැඩි වී තිබෙනවා. අඩු ආදායම් මට්ටම්, ඉහළ පොලී අනුපාත, උද්ධමනය සහ ඉහළ බදු හේතුවෙන් ගනුදෙණුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට දැඩි බලපෑම් එල්ල කර ඇති බැවින් තත්වය තවත් උග්ර වී තිබෙනවා. මෙහි ප්රතිඵලයක් ලෙස ණය හානිපූරණ සඳහා ඉහළ ප්රතිපාදන වෙන් කිරීමට සිදුව තිබෙනවා. විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් අලූත ප්රාග්ධනය රැස් කිරීමට සුදුසු නොවන අවස්ථාවක ප්රාග්ධනයට ඇති අමතර බරක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙනි.
Image 01: HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය
Image 02: HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා
Video Story