January, 16, 2023
AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජයේ දක්ෂ ක්රීඩකයෙකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි. ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජය සමඟින් AIA හි හවුල්කාරිත්වය හරහා හැරී සමඟ පසුගිය වසර 10 ක සබඳතාවයක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි.
AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම ඔස්සේ හැරී කෙන් මහතාට ද, පුද්ගලයින්හට එදිනෙදා ජීවිතයේ පැනනගින ගැටළු සහ විවිධ තත්ත්වයන් හමුවේ ඔවුනගේ මානසික සෞඛ්ය සහ දරා ගැනීමේ ශක්තිය නැතහොත් ඔරොත්තු දීමේ හැකියාව ආමන්ත්රණය කිරීමට සමාන අපේක්ෂාවක් පවතින අතර, මෙම හවුල්කාරිත්වය ඔස්සේ AIA, හැරී කෙන් පදනම (HKF) සමඟින් සෞඛ්ය සහ මානසික යහපැවැත්මේ වැදගත්කම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත. මෙම ව්යාපෘතිය, ධනාත්මක චින්තනයේ වැදගත්කම ප්රවර්ධනය කිරීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ අන්යයන්ගේ සහයෝගය ලබා ගැනීම පිලිබඳ හැරී කේන් ලෙස නම් තබා ඇති, ඔහුගේම ස්වයං-නිෂ්පාදිත වීඩියෝ පටයෙන් ආරම්භ වනු ඇත.
AIA සමූහයේ ප්රධාන අලෙවිකරණ නිලධාරී ස්ටුවට් ස්පෙන්සර් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ "හැරී කෙන් මහතාව අප මහත් ප්රීතියෙන් අපගේ සන්නාම තානාපති ලෙස පිළිගන්නා අතර මේ ඔස්සේ ටොටන්හම් හොට්ස්ප්ර් පාපන්දු ක්රීඩා සමාජය සමඟින් අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වෙනු ඇති. AIA සමූහය වසර 2030 වන විට ආසියාව පුරාවට විසිර සිටින බිලියනයක ජනතාවක් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීම සඳහා යොමු කරවමින් ඔවුනට ඒ සඳහා සහාය වීමේ කඩිනම් ව්යාපෘතියක් ක්රියාත්මක කර ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් කලාපය පුරා සිටින ප්රජාවන් දිරිගැන්වීමට සහ දැනුවත් කිරීමට හැරී කෙන් මහතාට සිටින අතිවිශාල අනුගාමිකත්වය උපකාරී වනු ඇත.
හැරී කෙන් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ "AIA හි සන්නාම තානාපති ලෙස මා නම් කිරීම මට මහත් ගෞරවයක් මෙන්ම සතුටක්. සුවතාවයෙන් පිරි ජීවන රටාවක් අනුගමනය කිරීම මා පෞද්ගලිකව විශ්වාස කරන ඒ වගේම අගය කරන දෙයක් වන අතරම සැමදෙනාම සිය මානසික සුවතාවය ඉතා හොදින් රැකගත යුතු බවත් ඒ සඳහා පුද්ගලයින් දිරි ගැන්විය යුතු බවත් මා සිතනවා. ආසියාව පුරාවට විසිර සිටින ප්රජාවන්හට ඔවුනගේ සුවතාවය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් AIA සමාගම විසින් දරන සියලු ප්රයත්නයන් වෙනුවෙන් මාගේ නොමද සහය ලබා දීමට මා අපේක්ෂා කරනවා. "
AIA සමූහය, 2013 වසරේ සිට ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්රීඩා සමාජයේ, ප්රධාන ජාත්යන්තර සහයෝගිතා සහකරු ලෙස කටයුතු කරමින් සිටියි. මෙම සහයෝගීතාවය කලාපය පුරාවට සිටින ප්රජාව හා ගැඹුරු සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වී තිබෙන අතර ඔවුන්ගේ අනුග්රාහකත්වයෙන් පවත්වා ඇති පාපන්දු වැඩසටහන් ඔස්සේ දරුවන් 80,000 කට අධික පිරිසක් ප්රතිලාභ ලබා තිබෙනවා.
January, 16, 2023
Prima KottuMee සිය පාරිභෝගිකයින්ට දිනපතා, සතිපතා සහ මාසිකව සුපිරි ත්යාග දිනා ගැනීමේ අවස්ථාව පිරිනමමින් 2022 ඔක්තොම්බර් 01 දින සිට නොවැම්බර් 30 දක්වා දියත් කෙරුණු 8 වැනි Prima KottuMee ‘Hot N Spicy Kricket’ ප්රවර්ධන වැඩසටහනේ ජයග්රාහකයින් පසුගිය දා ප්රකාශයට පත් කෙරිණි.
මෙවර ප්රවර්ධන වැඩසටහන 20 – 20 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වුණු අතර, එමඟින් ක්රිකට් උණුසුම වැඩි කිරීම සඳහා Prima KottuMee එක් කිරීම සිදු කෙරිණි. ඒ අනුව Prima KottuMee සැචෙට් පැකේජය තුළ ඇති කේතය 2343 ට කෙටි පණිවුඩයක් එවූ පාරිභෝගිකයින්ට සුපිරි ත්යාග දිනා ගැනීමේ අවස්ථාව හිමි විය.
මෙම ප්රවර්ධන කාලසීමාව තුළ රුපියල් 500 බැගින් රීලෝඩ් ජයග්රාහකයෝ 300 දෙනෙක්, ජයග්රාහකයෝ 08 දෙනෙක් රුපියල් 50,000 බැගින් සහ ජයග්රාහකයෝ 16 දෙනෙක් නවතම ස්මාර්ට් ජංගම දුරකථන ආදී වශයෙන් ත්යාග රැසක් දිනා ගැනීමට සමත් වූහ.
Hot N Spicy Kricket 2022 පළමු ත්යාගය වශයෙන් පිරිනැමුණු රුපියල් 250,000 මුදල් ත්යාගය හම්බන්තොටින් H. A. භාෂිනී වරුණිකා සහ මාවනැල්ලේ ඩිලානි විමලවර්ධන, යන Prima KottuMee පාරිභෝගිකයෝ දිනා ගත් හ.
රටේ සෑම තැනක ම බාල, තරුණ, මහලු සියලු දෙනා අතර වඩාත් ජනප්රිය වී ඇති Prima KottuMee සන්නාමය මෙරට ජනතාව වෙත ලබා දුන් මෙම සුවිශේෂී ත්යාග දිනා ගැනීමේ අවස්ථාව නිසා ම ‘Hot N Spicy Kricket’ ප්රවර්ධන වැඩසටහන අති සාර්ථකත්ව අවසන් කිරීමට හැකි වූ බව සඳහන් කළ යුතුම ය.
ඡායාරූපය: වමේ සිට දකුණට: ජ්යෙෂ්ඨ ව්යාපාර කළමනාකරු ඩොනොවන් ඔන්ඩාට්ජේ, නියෝජ්ය සාමාන්යාධිකාරී සජිත් ගුණරත්න සහ අලෙවි කළමනාකරු හිම්පා ගුණවර්ධන යන මහත්වරු රුපියල් 250,000 ජයග්රහණය කළ ජයග්රාහිකාවන් සමඟ.
January, 16, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, TATA Mortors සමඟ එක් ව, ‘DIMO - TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA මධ්යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ.
මෙම වැඩසටහන මගින් සියලු ම TATA වෙළෙඳ වාහන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාහනය අවම නඩත්තු පිරිවැයක් සහිත ව හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. වාහන ආනයනය කිරීම සීමා කර ඇති වර්තමානයේ පාරිභෝගිකයාගේ දෛනික වැඩ කටයුතු පහසු කිරීම මෙන් ම වාහනවල ආයු කාලය වැඩි කිරීමට සහයෝගය ලබා දීම ද මෙම වැඩසටහනේ ප්රධානතම අරමුණයි.
මෙම වැඩසටහනට සහභාගි වන පාරිභෝගිකයින්ගේ TATA වෙළෙඳ වාහනවල එන්ජිම, ගියර් පද්ධතිය, Differential, Propeller Shaft, Clutch, Suspension, Steering, Brake, Hydraulics, විද්යුත් උපාංග, ඉන්ධන පද්ධතිය ඇතුළු තවත් රථ වාහන උපාංග ගණනාවක් ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් නොමිලේ ලබා දෙයි. එමෙන් ම එහි දී වාහනයට ලබා දිය යුතු අලුත්වැඩියා සහ සේවා කටයුතු පිළිබඳව ද උපදෙස් හා සවිස්තර වාර්තාවක් ලබා ගත හැකි වීම ද විශේෂ වරප්රසාදයකි. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් 2023 මාර්තු 31 දක්වා කාල සීමාව තුළ TATA අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබා ගැනීමේ හැකියාව ද පවතී.
දීපව්යප්තව පවත්වන මෙම වැඩසටහන තුලින් DIMO - TATA සේවා මධ්යස්ථාන මඟින් පිරිනමන සේවා සහ TATA වාහනවලට අදාළ ලිහිසිකරණ සේවා, ක්ලච් අලුත්වැඩියාව, ටයිමින් බෙල්ට්, හබ් ග්රීස් කිරීම, එන්ජින් අලුත්වැඩියා කිරීම් ආදී අලුත්වැඩියා පැකේජ පිළිබඳව ද පාරිභෝගික ජනතාව දැනුවත් කෙරෙයි. මෙම පැකේජ මගින් පාරිභෝගිකයින්ට වෙනත් වාහන සේවා මධ්යස්ථානවලින් නොලැබෙන සේවාවක් අවම මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර, DIMO - TATA ටී-ෂර්ට්, සහ තවත් බොහෝ වාසී ලබා ගැනීමේ හැකියාව පවතී.
DIMO හි අලෙවියෙන් පසු සේවා අංශයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පැවසුවේ, “2023 වර්ෂය සඳහා අපගේ පාරිභෝගික ජනතාවගේ වාහන නඩත්තු කිරීම සඳහා නිවැරදි ආරම්භයක් ලබා දීම වෙනුවෙන් දීප ව්යප්තව මෙම DIMO - TATA Mega Campaign සංවිධානය කිරීමට කටයුතු කළා. පාරිභෝගික ජනතාවට කාලෝචිත සේවාවක් දැරිය හැකි අයුරින් ලබා දෙන මෙම වැඩසටහන් මඟින් ක්ෂේත්රයේ සියලු ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම අපගේ අරමුණයි." යනුවෙනි.
කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ, “ඉන්ධන මිල සහ ඉන්ධන ලබා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් වන වර්තමානයේ දී, වාහනයක් නිසි ලෙස නඩත්තු කිරීම මගින් විශ්වසනීයත්වය සහතික කරනවා වගේ ම ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගනිමින් වාහනයේ සමස්ත ක්රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. එමගින් නඩත්තු සහ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිරීමට සිදු වන අමතර වියදම් අවම කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. වර්තමාන ආර්ථික පසුබිම තුළ නිසි පරිදි වාහන නඩත්තු කිරීමේ අවශ්යතාව ඉතා වැදගත් නිසා ම මෙම වැඩසටහන මගින් පාරිභෝගික ජනතාවට තම වාහනවල සුමට ක්රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ පහසුව ලබා දෙනවා." යනුවෙනි.
January, 14, 2023
කොමර්ෂල් බැංකුව විසින් ක්රියාත්මක කර ඇති STEM (විද්යා, තාක්ෂණ, ඉන්ජිනේරු සහ ගණිත) අධ්යාපනික වැඩසටහන් තවත් වැඩිදියුණු කිරීම උදෙසා ජාතික විද්යා පදනම සමග හවුල්කාරිත්වයකට එළඹවී ඇත. ශ්රී ලංකාවේ තෝරාගත් පාසල් වෙත STEM අධ්යාපනය ලබා දීම මෙම ව්යාපෘතියේ පරමාර්ථය වෙයි.
ඩිජිටල්කරණය වූ අධ්යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය ලබා දීමෙන් වසරකට පසුව, අධ්යාපන අමාත්යාංශය සමග සහයෝගයෙන් මෙම පියවර ගෙන ඇත. කොමර්ෂල් බැංකුව, ජාතික විද්යා පදනම සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බැංකුවේ සමාජ සත්කාර භාරය විසින් පාසල් ලැයිස්තුවක් සපයනු ඇති අතර, ඉන්පසුව STEM වැඩසටහන දියත්කිරීමට සහ ප්රතිඵල තක්සේරු කිරීම් සිදුකිරීමට අවශ්ය සැපැයුම් සහාය ලබාදෙනු ඇත.
ජාතික විද්යා පදනමේ කාර්යභාරය යටතේ STEM අධ්යාපනය ලැබිය යුතු පාසල් නිර්දේශ කිරීම සිදුකරනු ලබන අතර, ජාතික මට්ටමින් බලපෑමක් ඇතිකරන අධ්යාපන ව්යාපෘති තෝරා ගැනීමට සහ ඇගැයීමටද බැංකුවට සහාය වනු ඇත. ඒ අතරම පුහුණු වැඩසටහන් සැලැසුම් කිරීමට බැංකුවට සහාය වීම සහ ක්රියාත්මක කිරීමෙන් පසු ප්රගතිය තක්සේරු කිරීම් ද සිදුකරනු ඇත.
මෙම නවතම STEM අධ්යාපන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්රධාන මූල්ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා මෙසේ ප්රකාශ කර සිටියේය. ‘බැංකුව STEM අධ්යාපන ක්ෂේත්රයේ සිය උත්සාහයන් පුළුල් කිරීමට තීරණය කළේ, එය අනාගත රැකියා සඳහා සිසුන් සූදානම් කිරීමට උපකාරී වන බැවිනුයි. නවීන ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන සහ ඉහළම වැටුප් ලබන රැකියා බොහොමයක්ම ඇත්තේ STEM ක්ෂේත්රයේ තුළයි. පරිගණක විද්යාව, ඉන්ජිනේරු විද්යාව සහ දත්ත විශ්ලේෂණය යන විෂයයන් සඳහා සිසුන්ට ශක්තිමත් පදනමක් ලබා දීම අපගේ පරමාර්ථයයි. ශ්රී ලංකාවේ ඊළග පරම්පරාවට ඉල්ලූමේ පවතින වෘත්තීයයන් සඳහා හොඳින් සන්නද්ධව සිටින බව අපට මෙයින් සහතික කළ හැකියි’.
STEM අධ්යාපනය මගින් විවේචනාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වෙයි. දත්ත විශ්ලේශනය කිරීම, අත්හදා බැලීම් සැලැසුම් කිරීම සහ සංකීර්ණ ගැටළු විසඳීම සඳහා සිසුන්ට ඉගැන්වීමෙන්, ඕනෑම ක්ෂේත්රයේ සාර්ථක වීමට අවශ්ය කුසලතාවලින් ඔවුන්ව සන්නද්ධ කිරීමට STEM අධ්යාපනය ප්රයෝජනවත් වෙයි. අනාගත ව්යාපෘතීන් සඳහා සිසුන් සූදානම් කිරීමට සහ විවේචනාත්මක චින්තන කුසලතා පෝෂණය කිරීමට අමතරව, STEM අධ්යාපන වැඩසටහන මගින් නවෝත්පාදන ප්රවර්ධනය කිරීමට සහ රට තුළ ආර්ථික වර්ධනයටද දායක විය හැකි බැව් බැංකුව ප්රකාශ කරයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 943 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප්රධාන මූල්ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා සහ ජාතික විද්යා පදනමේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ මහත්මිය ගිවිසුම් හුවමාරු කරගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි. සේයාරුවේ (දකුණේ සිට) ජාතික විද්යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න සහ කොමර්ෂල් බැංකුවේ ජ්යෙෂ්ඨ කළමනාකාරිණී තිරසාර, කාන්තා බැංකු කටයුතු සහ සමාජ සත්කාර භාරය, කමලිනී එල්ලාවල මහත්මිය සහ සංවිධාන දෙකෙහි නියෝජිතයන්ද එම අවස්ථාවට සහභාගි වූහ.
January, 13, 2023
Uber Eats හරහා ශ්රී ලාංකිකයන් ආහාරපාන සහ එදිනෙදා අවශ්ය කරන භාණ්ඩ ඇණවුම් කළ ආකාරයන් සම්බන්ධ වාර්තාවක් Uber මගින් එළිදක්වා ඇත. ලූනු පිළිබඳව ශ්රී ලාංකිකයන් තුළ පවතින සුවිශේෂී කැමැත්ත සහ අකැමැත්ත ඇතුළු බොහෝ කරුණු එමගින් හෙළි වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, ලූනු ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ එදිනෙදා භාණ්ඩ අතරට ඇතුළත් වී ඇති නමුත්, පිසූ ආහාරපාන වලට යෙදීමෙන් වළකින ලෙස ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඉල්ලා ඇති ද්රව්යයද ලූනු වීම ය.
‘Uber Eats Cravings Report 2022’ නමින් හැඳින්වෙන මෙම වාර්තාව, ආහාරපාන සහ අත්යවශ්ය භාණ්ඩ සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම් පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් හෙළිකරයි.
ලූනු නොයොදන ලෙස ඉල්ලා සිටීමට අමතරව, වඩාත් කට දැවිල්ල සහිත වන ආකාරයට තම ආහාරපාන පිළියෙල කරන ලෙස ශ්රී ලාංකිකයන් නිතර ඉල්ලීම් කර ඇත. ‘Make it Spicy’, ‘Extra Spicy’ සහ ‘No Sugar’ වැනි ඉල්ලීම් මේ සඳහා ඔවුන් නිතර භාවිතා කර තිබේ. එමෙන්ම ශ්රී ලාංකිකයන් අතිශයින් ආචාරශීලී බවත්, ඔවුන් බොහෝ විට තම උපදෙස් වලදී ‘කරුණාකර’ (Please) යන්න භාවිතා කර ඇති බවත් මෙම වාර්තාව හෙළිකරයි.
ශ්රී ලාංකිකයන් ප්රධාන ආහාරවේල් අතර ඇණවුම් කළ කෙටි කෑම වර්ග ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාළු පැටිස්, චිකන් පෆ් පේස්ට්රි සහ මාළු පාන් යන ආහාර වර්ග ය.
ශ්රී ලංකාව තේ සම්බන්ධයෙන් ලොව පුරා ජනප්රියත්වයක් උසුලන රටක් වුවද, පාන වර්ග අතරින් කිරි තේ වලට වඩා වැඩි ඉල්ලුමක් හිමිකර ගැනීමට අයිස් කෝපි සමත් වී තිබේ.
ආහාර වර්ග අතරින් බත් වලට ප්රමුඛත්වය හිමි වීම පිළිබඳව කිසිවෙකුත් පුදුමයට පත් නොවනු ඇත. ශ්රී ලාංකිකයන් ඇණවුම් කළ ආහාර වර්ග මිලියන ගණනක් අතරින් පහෙන් තුනක්ම බත් මූලික කරගත් ආහාර බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන ආකාරයට, ශ්රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ ආහාර වර්ග ලැයිස්තුව මෙසේ ය.
ශ්රී ලාංකිකයන් ඇණවුම් කරන එදිනෙදා භාණ්ඩ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු අපේක්ෂා කරන ආකාරයටම, ප්රමුඛත්වය හිමි වී ඇත්තේ එළවලු සහ කිරි වලට ය. එම ලැයිස්තුව මෙසේ දැක්වේ.
එමෙන්ම මෙම භාණ්ඩ සහ ආහාරපාන තමන් වෙතටම රැගෙන එන ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමටද ශ්රී ලාංකිකයන් නොමසුරුව කටයුතු කර තිබේ. ඒ අනුව එම ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් සන්තෝසම් මුදල් ලෙස ඔවුන් පසුගිය වසර තුළ ලබාදුන් මුදල රු. 82,000,000 ඉක්මවයි.
බොහෝ දෙනෙකුට තමන් ප්රියතම අවන්හල ලෙස සලකන ස්ථාන ඇති නමුත්, එක් පාරිභෝගිකයෙකු 2022 වසර තුළ එක් අවන්හලකින් 294 වරක් ඇණවුම් කරමින්, ‘ප්රියතම අවන්හල’ යන්නට නව අරුතක් ලබාදී ඇති බව ‘Uber Eats Cravings Report 2022’ පෙන්වා දෙයි. එමෙන්ම එම වසරේ ඇණවුම් අතරින් ඉහළම වටිනාකමකින් යුත් ඇණවුමේ වටිනාකම රු, 62,600/- කි.
ඉහත සඳහන් කරුණු අනුව අපට පෙනී යන්නේ ශ්රී ලාංකිකයන් සැර වැඩි සහ පැණි රස අඩු ආහාර වලට සහ බත් වර්ග වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.
පාරිභෝගිකයන්ගේ රුචිකත්වය කුමක් වුවත්, ඊට ගැළපෙන ආහාරපාන නොපමාව ඔවුන් වෙත රැගෙන ඒමට Uber Eats සූදානමින් සිටී.

January, 13, 2023
සම්පත් බැංකු සමූහයේ විශාලතම මූල්ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්යාප්ත ශාඛා ජාලයේ 42 වැනි ශාඛාව අංක 804, කෙලින් වීදිය, කදුරුවෙල, පොළොන්නරුව යන ස්ථානයේ දී පසුගියදා විවෘත කෙරිණ. නව්යකරණය, විශ්වාසනීයත්වය සහ හෘද්යාංගම භාවය මුසු වූ සියපත ෆිනෑන්ස් මූල්ය සේවා සංස්කෘතිය උතුරු මැද පළාතේ ප්රධාන නගරයක් වූ පොළොන්නරුව ආශ්රිත පාරිභෝගිකයන් වෙත සමීප කරමින් සියපත ෆිනෑන්ස් හී කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ගේ ප්රධානත්වයෙන් නව ශාඛාව විවෘත කෙරිණ.
සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා පොළොන්නරුව ශාඛාව විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින් ර්ණමුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් ගම් නගර සිසාරා විවෘත කෙරුණු සියපත ෆිනෑන්ස් දීප ව්යාප්ත ශාඛා ජාලයට පොළොන්නරුව නව ශාඛාව තවත් දැවැන්ත ශක්තියක්. ඈත අතීතයේ සිටම ශ්රී ලංකාවේ ආගමික හා වාණිජ පුනර්ජීවනයට ශක්තියක් වූ අභිමානවත් පොළොන්නරුවේ සහ ඒ ආශ්රිතව වෙසෙන පාරිභෝගික ජනතාවගේ අත්යවශ්ය මූල්ය සේවාවන් කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ඉතුරුම්, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්ය සේවාවන් පොළොන්නරුව ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.
මෙරට මූල්ය වෙළෙඳපොළ තුළ සියපත ෆිනෑන්ස් සමාගම අරඹා ගතවූ වසර 18 කට ආසන්න කාල සීමාවක් පුරා උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්ය හා සුහදශීලී මූල්ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි.
ඡායාරූප විස්තරය: සියපත ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා ශ්රියානි රණතුංග සමග ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්ම මහත්මීන් විසින් සියපත ෆිනෑන්ස් පොළොන්නරුව ශාඛාව නිල වශයෙන් විවෘත කළ අවස්ථාව
January, 12, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී්ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි.
”ලෝ ප්රකට ශී්ර ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත් පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කලූ තේ වගාවන් නැරඹීමට අපට අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට ඔවුන්ගේ අනාගත ප්රයත්නයන් සඳහා මම සුබ පතන අතර JASTECA හි සහාය ඇතිව ඔවුන් විසින් ක්රියාත්මක කර ඇති අද්විතීය ක්රියාදාමයන් සහ සමස්ත ආයතනික පද්ධතිය මම අගය කරනවා.” යනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ප්රකාශ කළේය.
මෙම සංචාරයට හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ප්රමුඛ සමාගමේ කළමනාකාරීත්වය, කැළණි වැලි වැවිලි සමාගමෙහි අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්රධාන/සාමාන්යාධිකාරී- මානව සම්පත් කළමනාකාර සහ ආයතනික තිරසාර සහ JASTECA හි උප සභාපති අනුරුද්ධ ගමගේ මහතා ක්ෂේත්රයේ සිට කර්මාන්තශාලාව දක්වා තිරසාර වැවිලි කළමනාකරණය සඳහා වූ සමාගමේ නව්ය, නවීකරණය කරන ලද ප්රවේශයේ ධනාත්මක බලපෑම පිළිබඳ පැහැදිලි කළේය.
”තානාපතිවරයා අපේ වතුවලට පැමිණීම පේද්රෝ වතුයාය සහ කැළණි වැලි වැවිලි කණ්ඩායම් ඉතා ගෞරවයක් කොට සලකනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ කර්මාන්තයේ ඉහළම ගෝලීය ප්රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින් සඳහා තිරසාර ජීවනෝපායන් සහ ගෞරවනීය ජීවන තත්වයක් කරා මග පෙන්වමින් ඉහළම ගුණාත්මක තත්වයේ සිලෝන් ටී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වූ අපගේ අසමසම කැපවීම ප්රදර්ශනය කිරීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.
පේද්රෝ වතුයායේ තේ වතුවල සංචාරය කරමින් තානාපතිවරයා සිය සංචාරය ආරම්භ කළේය. හේලීස් වැවිලි සමාගම විසින් එක් එක් අස්වනු නෙළන යන්ත්ර නිෂ්පාදනය නිවැරදිව වාර්තා කරන එක් එක් පුද්ගලයා වෙනුවෙන් ඇති NFC කාඞ්පත් සම්බන්ධ කළ ඉලෙක්ට්රොනික කිරුම් තරාදි භාවිතා කරයි.
තානාපති හිදෙකි මිසුකොෂි මහතා, ඉහළ ජීවන යහ පැවැත්මක් සහතික කිරීම සඳහා දෛනික වැටුප් වැඩ කිරීමේ ආකෘතීන් ඉවත් කිරීමට සමාගමේ පුරෝගාමී උත්සාහයෙන් ප්රතිලාභ ලැබූ සේවකයින් ඇතුළුව හේලීස් වැවිලි සමාගමේ සේවකයින් සමඟ සිය අදහස් බෙදා හදා ගත්තේය.
කලාපීය සාමාන්යාධිකාරී දිලූම් පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් පේද්රෝ කණ්ඩායම ඇතුළු කැළණි වැලි වැවිලි කණ්ඩායම සිය සම්මානලාභී ”සෑම වතු කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන හරහා සේවකයින් 8700 කට වැඩි ප්රමාණයක් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 58000 කට වැඩි ප්රමාණයකට ප්රතිලාභ හිමිකර දී තිබේ. පවතින ආර්ථික අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා සමාගම විසින් පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද සුවිශේෂී සුබසාධන වැඩසටහන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ද කණ්ඩායම විසින් සපයන ලදී.
කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ වතු සමාගම සහ හොරණ වතු සමාගම යන ප්රමුඛ පෙළේ කලාපීය වැවිලි සමාගම් තුන අයත් හේලීස් වැවිලි සමාගම විසින් සුවිශේෂී කෘෂි දේශගුණික කලාප තුනක් පුරා පැතිරී ඇති හෙක්ටයාර 26 ක පමණ භූමි ප්රමාණයකින් යුත් තේ සහ රබර් වතු 60 ක හිමිකාරිත්වය දරයි.
තේ සහ රබර් කර්මාන්තයේ පුරෝගාමී හේලීස් වැවිලි සමාගම යනු මානව ප්රාග්ධන කළමනාකරණය, පරිසර හිතකාමීත්වය, ජනතාව සවිබල ගැන්වීම සහ සදාචාරාත්මක ව්යාපාරික ප්රමිතීන් පිළිබඳ ලොව වඩාත්ම ගෞරවාන්විත සම්මාන සහ සහතික ලත් තිරසාර වැවිලි සමාගමයි. අද වන විට හේලීස් වැවිලි සමාගම සේවකයින් 21,000 කට වැඩි පිරිසකට සෘජු රැකියා ලබා දී ඇති අතර 140,000 කට වැඩි පිරිසක් සඳහා රැකවරණය සපයයි.

පේද්රෝ වතුයායේ තේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණි තානාපතිවරයා

පේද්රෝ ළමා සංවර්ධන මධ්යස්ථානයේ දරුවන් තානාපතිවරයාව පිළිගන්නා අයුරු
රූපය : හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ශ්රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. හිදෙකි මිසුකොෂි මහතාව අගයමින් තිළිණයක් පිරිනමයි
January, 12, 2023
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්ය අමාත්ය සටෝෂි ෆුජිමරු (Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්යාපාරිකයින් කණ්ඩායමක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූහ.
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්යාපාරය, පතල් කැණීම, ශ්රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජාත්යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
January, 11, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.
මෙහිදී #ResponsibleMe වැඩසටහනට ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන - ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign - CSR category) කාණ්ඩය සහ ‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙලින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය. මෙම ජයග්රහණයන්, නිවැරදි ක්රමෝපාය, නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලිත්වය තුළින් ප්රවර්ධන වැඩසටහනක් මනාව සැලසුම් කර නිසි ප්රතිඵල ලබාගැනීම සම්බන්ධයෙන් මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ.
‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම්, සහ ක්රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022 සම්මාන උළෙලේදීද #ResponsibleMe වැඩසටහනට රිදී සම්මානයක් හිමි වීම විශේෂත්වයකි.
සෙලාන් බැංකුවේ #ResponsibleMe වැඩසටහන ආරම්භ වූයේ COVID-19 තුන්වැනි රැල්ල ශ්රී ලංකාව තුළ පැතිරීම දරුණු ලෙස සිදුවෙමින් පැවති කාලසීමාවේදී ය. එම කාලයේදී වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම සඳහා, සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි. එම කාලයේදී පැවති තත්ත්වයේ ආතතියත් සමග ජනතාව නිර්දේශිත චර්යාවන් අනුගමනය කිරීමට මැළිකමක් දක්වන බව නිරීක්ෂණය වීම නිසා, #ResponsibleMe වැනි වැඩසටහනක් දියත් කිරීම අතිශයින් කාලෝචිත පියවරක් විය.
මෙම පණිවිඩය තරමක් දැඩි ස්වරයෙන් සන්නිවේදනය කිරීමට අවශ්ය වීම නිසා, ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව භාවිතා කරන ලදි. මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්ය තුළ කැපී පෙනෙන රැල්ලක් බවට පත්විය. මීට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්යන් තුළ ක්රියාකාරී ලෙස කටයුතු කළ මාධ්යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ.
ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්රියාත්මක කළ ප්රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2 හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්ය හරහා සාම්ප්රදායික මතවාද නිර්භීතව ආමන්ත්රණය කරමින් ජනතාවගේ හදවත් වලට සමීප වීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.
ජාතික දිනය සම්බන්ධයෙන් පවතින යම් යම් සංවේදී අදහස් හා ආකල්ප නිසා, තම පණිවිඩ සන්නිවේදනය කිරීමේදී අතිශයින් ප්රවේශම්සහගත ලෙස කටයුතු කිරීමට සමාගම් හා ආයතන පෙළඹී ඇත. සාමාන්යයෙන් වෙනත් ප්රජාවකගේ භාෂාවක් භාවිතා කිරීමට හුරුවීම තුළින් එම ප්රජාවෙහි සංස්කෘතික ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වන නිසා, භාෂාව යනු සංහිඳියාව සඳහා තීරණාත්මක වැදගත්කමක් සහිත සාධකයක් ලෙස සැලකේ. එම නිසා ජාතික භාෂාවන් දෙකම ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන යොදාගන්නා ලදි.
මේ ඔස්සේ සාම්ප්රදායික ලෙස ‘නිදහස් දිනය’ යන්න භාවිතා කිරීම වෙනුවට, එය ජාතික දිනය ලෙස අර්ථගැන්වීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. යුද්ධයෙන් පසු ශ්රී ලංකාවට සිය ගමන් මග නිවැරදි කරගැනීමට ඇති වැදගත්ම ප්රවේශය එය බව එමගින් පෙන්වා දෙන ලදි. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සාර්ථක ලෙස මතුකරන අතරම තම සන්නාමය ප්රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව ගත් සාර්ථක හා නිර්භීත උත්සාහයක් විය.
මීට පෙර සෙලාන් බැංකුව 2022 වසරේදී National Sales Congress හිදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම LMD මගින් අඛණ්ඩව 4 වැනි වරටත් සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක 1 ලෙස නම්කරන ලද අතර, බැංකු ක්ෂේත්රයේ සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් The Finance Brand වෙබ් අඩවියේ ලෝක ශ්රේණිගත කිරීම් තුළ 77 වන ස්ථානය හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. එමෙන්ම LMD මගින් ප්රකාශයට පත්කර ඇති, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ලයිස්තුවේ 29 වන ස්ථානයද සෙලාන් බැංකුව වෙත හිමි වී තිබේ. මීට අමතරව LMD Brands Annual 2022 හි විශිෂ්ටතම සන්නාම 20 අතරට එක්වී සිටින සෙලාන් බැංකුව, Business Today සඟරාව මගින් විශිෂ්ටතම සමාගම් 40 අතරටද නම්කර ඇත.
Photo caption: SLIM DIGIS 2.2 හිදී රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මාන් දෙකක් දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම
January, 11, 2023
ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්යංශ ශ්රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා,
"ශ්රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්රධානතම මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය වෙත මේ මොහොතේ ප්රමුඛ අවධානයක් ලබා දීම අත්යවශ්ය කරුණක්. විශේෂයෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත ඇල්ල ප්රදේශය සංචාරක කර්මාන්තය උදෙසා වඩාත් විධිමත්ව සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත්. පසුගියදා අතිගරු ජනාධිපතිතුමා එම ප්රදේශ නිරීක්ෂණය කරමින් එහි වැදගත්කම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවා.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ ඒ වෙනුවෙන් කටයුතු කල යුතුයි. පරිසරයට හා ජන ජීවිතයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම සංවර්ධන සැලසුම් ක්රියාත්මක කළ යුතුයි. දැනට අවිධිමත්ව සිදුවන සංචාරක ව්යාපාරය වඩාත් විධිමත් කර දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙම ප්රදේශයට ලබා ගැනීම තුළින් වැඩි ආයෝජන අවස්ථාවන් සහ විදේශ විනිමය ඉපයීමේ හැකියාවද ඉහල යනු ඇති.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග හා මාර්ග රක්ෂිත ආශ්රිතව කරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව විධිමත් සැලසුමකින් යුතුව කටයුතු කිරීම අත්යවශ්යයි. එමෙන්ම සංචාරකයින්ට වඩාත් හිතකර ලෙස පවතින පහසුකම් ඉහල නැංවීම උදෙසා රාජ්ය අංශයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයෝජකයින්ට අවස්ථාවක් ලබා දීම මූල්ය අර්බුදයක් පවතින මේ අවස්ථාවේ වඩාත් කාලෝචිතයි.
ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව සතු හඳුනාගත් ආයෝජන වටිනාකමකින් යුතු ඉඩම් සුදුසු ආයෝජන සඳහා දීර්ඝකාලීනව ලබාදීම තුළින් වඩාත් ඉහළ ප්රතිලාභ ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
එහිදී විශේෂයෙන් ඇල්ල ජල පෝෂක ප්රදේශය හා පාරිසරික වටිනාකමට හානි නොවන පරිදි මෙම කටයුතු සිදු කිරීම හා අධීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්."
මෙම අවස්ථාව සඳහා ප්රවාහන හා මහා මාර්ග අමාත්යාංශයේ ලේකම්, අමාත්යංශ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Video Story