• A. I. P. Manjula
  • Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanka

සෙලින්කෝ ලයිෆ් හි ඒ. අයි. පී. මංජුලට ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී රන් පදක්කම් දිවිත්වයක්

January, 11, 2023

සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) සමුළුව අතරතුරදී, ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ලද සම්මාන උත්සවයේදී මෙම සම්මාන ප‍්‍රදානය කරන ලදී.

ඒ. අයි. පී. මංජුල මහතා, සෙලින්කෝ ලයිෆ් 2022 වාර්ෂික සම්මාන උළෙලේදී සමස්ත හොඳම විකුණුම් උපදේශක නාමයේ ජයග‍්‍රාහකයා බවටද පත්විය.

මෙම සම්මාන උළෙලෙහිදී විශාල, මධ්‍යම සහ කුඩා සමාගම් කාණ්ඩ යටතේ හොඳම ප‍්‍රධානීන් සහ හොඳම ශාඛා කළමණාකරුවන්ටද ගෞරවය පිරිනමන ලදී. රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ 13 වැනි සමුළුවෙහි මෙම සම්මාන උත්සවය පසුගියදා හිල්ටන් හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

 

සේයාරුව - ඒ. අයි. පී. මංජුල මහතා තමන්ට හිමි රන් සම්මාන ද්විත්වය ලබා ගන්නා අයුරුය.

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Agriculture Holdings
  • MoU
  • Sarvodaya Development Finance
  • sri lanka

සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගම දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

January, 11, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF), මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සපයන සමාගමක් වන හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් (Hayleys Agriculture Holdings Limited - HAHL) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. කුබෝටා සහ ඊ-කුබෝටා ට්‍රැක්ටර්, කුබෝටා කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර සහ ඇග්‍රොටෙක් කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙම ගිවිසුමෙහි ප්‍රධාන අරමුණ වේ. මෙය, ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා SDF දරන උත්සාහය සහ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හේලීස් ලබා දෙන දායකත්වය එක්තැන් කරන පියවරක් වනු ඇත.

මෙම හවුල්කාරීත්වය මගින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමෙන්, ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවට ආර්ථික සංවර්ධනය උදෙසා අවස්ථා රාශියක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ යටතේ ගැනුම්කරුවන්ට සිය යන්ත්‍රෝපකරණ සඳහා අදාළ මූලික ගෙවීම් වෙනුවෙන් විශේෂ වට්ටම් සමඟ ආකර්ෂණීය පොළී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් හිමිවන අතර, එය සමාජයේ සියලුම තලවල ජනතාවට ප්‍රතිලාභ සලසන පියවරක් වනු ඇත. මීට අමතරව, අදාළ යන්ත්‍රෝපකරණවල ප්‍රථම වර්ෂයේ රක්ෂණය නොමිලේ ලබාදීමටද SDF පියවර ගෙන තිබේ.

රටේ කෘෂිකර්මාන්තය මේ මොහොතේ අභියෝග රාශියකට මුහුණ දෙමින් පැවතියද, SDF හි කෘෂිකර්මාන්තය සඳහා ලබා දී ඇති මූල්‍ය සේවාවන් පසුගිය මාස කිහිපය තුල පැහැදිලි ප්‍රගතියක් වාර්තා කර ඇත. මෙමගින් රටෙහි පවතින ආර්ථික අර්බුදයටද විසඳුමක් සැපයෙනු ඇත. මූල්‍ය සමාගම්හි ඒකාකාරී සීමාවන්ගෙන් ඔබ්බට යමින්, SDF අනුගමනය කරමින් සිටින විකල්ප ආර්ථික මාදිලිය තුලින් ගනුදෙනුකරුවන්ට, මූල්‍ය සහයෝගය පමණක් නොව තාක්ෂණික සහයන් ඇතුළුව තවත් ප්‍රතිලාභ රාශියක් හිමි වේ. SDF හි ශක්තීන් යොදා ගනිමින් මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට SDF සමත් වී ඇති අතර, එමඟින් රට පුරා සිටින ග්‍රාමීය ප්‍රජාවන්ට විශාල වශයෙන් ප්‍රතිලාභ හිමි වී ඇත.  

“මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකීය ග්‍රාමීය ප්‍රජාවගේ දියුණුවට උපකාරී වනු ඇතැයි කියා අප සිතනවා. මෙය රටේ කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයට මෙන්ම එහි පරිවර්තනයක් සිදුකිරීමට ද දායක වේවි. රටේ දියුණුව උදෙසා ඉදිරියටත් මෙවැනි හවුල්කාරීත්වයන් හා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා තවදුරටත් අදහස් දැක්වී ය.

“රටේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වශයෙන් මේ ආකාරයට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්‍ය විසඳුම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. ලොව විශිෂ්ටතම කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් අප විශාල කීර්තියක් දිනා සිටිනවා. වසර ගණනක් පුරාවට කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම කිරීමටත් එහි ඵලදායිතාව ඉහළ නැංවීමටත් නව තාක්‍ෂණයන් හඳුන්වා දීමට අප ආයතනය කටයුතු කළා. ජපානයේ ‘Kubota Corporation’ සහ චීනයේ ‘Zoomlion Agri Machinery’ වැනි ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමග අප පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් තුළින්, දශකයක් පුරා නවතම කෘෂි තාක්ෂණයන් හඳුන්වා දෙමින් මෙරට කෘෂිකර්මාන්තය පරිවර්තනයකට ලක්කිරීමට දායක වී තිබෙනවා.” හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවා ය.

 

ඡායාරූප (වමේ සිට)

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් -

  • දිනේෂා පෙරේරා මෙනෙවිය - අලෙවි කළමනාකාරිනී
  • කුලරුවන් ගමගේ මහතා - මෙහෙයුම් හා පරිපාලන අංශ ප්‍රධානී
  • කැලුම් තිලකරත්න මහතා - ලීසිං අංශ ප්‍රධානී
  • මහේෂ් ජයසංඛ මහතා - ප්‍රධාන කළමනාකරු - මූල්‍ය අංශය
  • රණප්‍රිය ප්‍රනාන්දු මහතා - ණය අංශ ප්‍රධානී
  • නිලන්ත ජයනෙත්ති මහතා - ප්‍රධාන විධායක නිලධාරී

හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගම වෙනුවෙන් -

  • ජයන්ති ධර්මසේන මහත්මිය - කළමනාකාර අධ්‍යක්ෂ
  • අම්ජාඩ් රාජප් මහතා - අධ්‍යක්ෂ
  • ලුශාන් අබේසේකර මහතා - අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී
  • සුමිත් හේරත් මහතා - කළමනාකාර අධ්‍යක්ෂ/ SBU ප්‍රධානී
  • සුනිල් ගාමිණී මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
  • චතුරංග කුමාර මහතා - සහකාර කළමනාකරු
  • Ada Derana BIZ Sinhala
  • Colombo Port City
  • Economic Commission
  • sri lanka

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා නිලධාරීන් ලෙස වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතුයි – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අප්‍රසාදය පළ කරයි

January, 11, 2023

  • කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නොමැති බවත් හෙළි වෙයි
  • විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව කමිටුව කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කරයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 05) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණද ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි, ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අවධාරණය කෙරිණි.

ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් සිදු කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද පැවසීය. මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් ලෙස වඩා වගකීම්සහගත බවකින් ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන සන්දර්භයක් තුළ නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසා සිටියේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව විසින් පැමිණ සිටි කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද, විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කළේය.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ සභාපතීත්වයෙන් යුතු මෙම අනු කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, එම්. ඒ. සුමන්තිරන්, මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු ඇතුළත් බවද ඒ මහතා පැවසීය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනුප පැස්කුවල්, (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Hemas Pharmaceuticals
  • Seven Seas - Pulse Original
  • sri lanka

Hemas Pharmaceuticals සමාගම ලෝක ප්‍රකට Seven Seas – Pulse Original ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වාදෙයි

January, 10, 2023

මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් මෙන්ම, ලෝක ප්‍රකට Seven Seas මත්ස්‍ය මේද (Fish Oil) නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතයා වන Hemas Pharmaceuticals සමාගම විසින් ‘Seven Seas - Pulse Original’ නිෂ්පාදනය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීම පසුගිය දිනවල සිදු කෙරිණ. Seven Seas යනු ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක අලෙවි වන ඉහළ ජනප්‍රියත්වයක් උසුලන Fish Oil සන්නාමයකි. එම සන්නාමය යටතේ නිකුත් වන Pulse Original වැඩිහිටියන්ගේ සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව ඉලක්ක කර ගත් ඉහළ ගුණාත්මක බවකින් හෙබි පෝෂණ අතිරේක නිෂ්පාදනයකි.

“අප විසින් බෙදා හරින කීර්තිමත් ජාත්‍යන්තර නිෂ්පාදන පෙළට ‘Seven Seas - Pulse Original’ නිෂ්පාදනය එකතු කරන්න හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ තමයි ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු කාලෝචිතම අවස්ථාව කියලා. දුෂ්කර කාලසීමාවලදී අපි ස්වභාවයෙන්ම අපේ සෞඛ්‍යය පිළිබඳ නොසැළකිලිමත් වීම වැඩි වන නිසා ‘Seven Seas - Pulse Original’ වැනි තහවුරු කරන ලද පෝෂණ අතිරේකයක් අපිට වැදගත් වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Seven Seas ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කළමනාකරු ජනක ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේය.

“මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් විදියට අපිට පුළුල් සහ ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් තියෙනවා. ඒ ඔස්සේ අපි මේ නිෂ්පාදනයේ ප්‍රතිලාභ දිවයින පුරා විසිරී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් අතරට ගෙනයන්න දැඩි උනන්දුවකින් කටයුතු කරනවා.” යැයි ජනක ප්‍රසන්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මත්ස්‍ය තෙල් යනු නව සෛල නිෂ්පාදනය ඇතුළු ශාරීරික ක්‍රියාවන් රැසකට උපකාරී වන Omega 3 මේද අම්ල අඩංගු වන ආහාර ප්‍රභවයකි. ශාරීරික ප්‍රතිශක්තිය, අස්ථි හා සන්ධි සෞඛ්‍යය සහ හෘද සෞඛ්‍යය රැක ගැනීමටත් වැඩිහිටියන්ගේ චර්ම සෞඛ්‍යය මනාව පවත්වාගැනීමටත් Omega 3 මේද අම්ල මහෝපකාරී වනු ඇත.

වසර 85කට වැඩි කාලයක් මත්ස්‍ය මේදය මූලික කරගත් පෝෂණ අතිරේකයන් නිෂ්පාදනය කිරීමේ අත්දැකීම් ඇති Seven Seas සමාගම Procter & Gamble Health හි අනුබද්ධ සමාගමක් වන අතර Seven Seas නිෂ්පාදන ලොව පුරා රටවල් 60කට අධික ජනතාවක් භාවිතා කරයි.

Hemas Pharmaceuticals ඖෂධ සමාගම විසින් Seven Seas නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම කළමනාකරණය කිරීමත් සමඟ දැන් දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසදායීව එම නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

Hemas Holdings PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Hemas Pharmaceuticals සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ, ශල්‍ය හා රෝග විනිශ්චය උපකරණ, මිනිස් සෞඛ්‍ය හා සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන ආනයනයකරුවෙකු සහ බෙදාහරින්නෙකු වේ. නවෝත්පාදන නිරන්තරයෙන් බිහි කිරීම ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනස් කරමින් සහ රට තුළ වඩාත් පුළුල් බෙදාහැරීමේ ජාලයක් නිර්මාණය කර ගනිමින් Hemas Pharmaceutical සමාගම වසර 80කට වැඩි කාලයක් වෙළෙඳපොල ප්‍රමුඛයෙකු වශයෙන් ද කටයුතු කරයි. එසේම Hemas Pharmaceuticals සමාගම ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ සන්නාම සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් බෙදාහැරීම් සේවා, අලෙවිකරණ සේවා සහ වෛද්‍ය විසඳුම් සේවා/උපදේශන සේවා ඇතුළු සේවා සමූහයක් ද සපයනු ලබයි.

Seven Seas - Pulse Original’ නිෂ්පාදනය Hemas Pharma කණ්ඩායම විසින් වෙළෙඳපොල ජාලයට හඳුන්වා දුන් අවස්ථාව

ඡායාරූපය 01 –  Seven Seas - Pulse Original නිෂ්පාදනය

 

  • Ada Derana BIZ Sinhala
  • bans
  • IMF
  • International Monetary Fund
  • minting money
  • sri lanka

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කරයි

January, 10, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

“මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරන ගන්න බදු මුදල්වලින්. මහජනතාව මත විශාල පීඩනයක් බදුවලින් පැනවෙලා තියෙනවා. ඒ බදු ගෙවන ජනතාවගෙන් ලබාගන්න පුළුවන් උපරිමයට වඩා වියදම් ප්‍රමාණය දිගින් දිගටම වැඩියි. කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ඉතිහාසයේ කොහොමද එහෙම වියදම් දැරුවේ කියලා. ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම ඒ වියදම දරලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා.“

“අපි දිගටම සල්ලි අච්චු ගහලා, අච්චු ගහලා ණය අරගෙන ඒම තුළ තමයි නිදහසින් අවුරුදු 75ක් ගතවෙන කොට අපිට ඒ ගත්ත ණය බේරුම් කරන්න බැරුව මේ දරුණු ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ, දිගින් දිගටම සියලු වියදම්, එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරා ගත්තේ සල්ලි අච්චු ගහලා.“

“දැන් අපිට ණය හිමියන්ට ඒ ණය නොගෙවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ණය දෙන ආයතන විසින් සල්ලි අච්චු ගැසීම තහනම් කරලා තියෙනවා. සල්ලි අච්චු ගැසීම කරන්න දෙන්නේම නැහැ. ඒ තත්ත්වය තුළ තමයි රටේ මූල්‍ය කළමනාකරණය කරන්න සිද්ධවෙලා තියෙන්නේ.“

  • Ada Derana BIZ Sinhala
  • Hambantota
  • oil refinery
  • sri lanka

හම්බන්තොටට තෙල් පිරිපහදුවක්

January, 10, 2023

හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනාගනු ලැබ ඇත.

එකී ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීම පිණිස විවිධ පාර්ශවයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි.

ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ නිවේදන නිකුත් කිරීමට සහ ඒ අතුරින් මූලික සුදුසුකම් සපුරනු පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඡායාරූපය - සපුගස්කන්ද තෙල් පිරිපහදුව

  • Ada Derana BIZ Sinhala
  • investors
  • invited
  • Mattala
  • sri lanka

මත්තලට එන්නැයි ආයෝජකයින්ට ආරාධනා

January, 10, 2023

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්‍යාපාරික අවස්ථාවන්ද ක්‍රියාත්මක කරමින් බහුකාර්ය ව්‍යාපාරිත මධ්‍යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී.

එබැවින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ගගන- යාත්‍රික සහ ගගන - යාත්‍රික නොවන ව්‍යාපාරයන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්කොටුපොළ තුළ සිදුකිරීම සඳහා සෘජු සහ වක්‍ර වශයෙන් ගුවන්සේවා ආශ්‍රිත ව්‍යවසායන් හි නියුත් ආයෝජකයින්ගෙන් සහ ක්‍රමෝපායික ව්‍යවසායකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරඅිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL 2023 වසරේදී නොබියව සිහින හඹා යන්නට ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට සූදානමින්

January, 10, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2023 තේමාව වන ‘නිදහස්ව නොබියව සිහින අභිබවා යන්න’ එළිදැක්වීම පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. නොබියව නව අවස්ථාවන් ගවේෂණය කරමින්  දීප්තිමත් අනාගතයක් වෙත පියවර එසවීමට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම තේමාව හඳුන්වා දී තිබේ.

මෙය එළිදැක්වීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක  අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන මහත්වරුන්, SLT සහ MOBITEL අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සමූහයේ අනුබද්ධ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්, වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

උත්සවය ආරම්භ කරමින් සමූහ සභාපතිතුමා ජාතික ධජය එසවූ අතර, අදාළ ප්‍රධාන විධායක නිලධාරීවරුන් විසින් ආයතනික ධජ ඔසවන ලදි. ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමද, ආයතන වලට සහ කාර්ය මණ්ඩලයන්ට සෙත්පතා ආගමික වතාවත්වල යෙදීමද සිදුවිය. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් කාර්ය මණ්ඩලය ධෛර්යමත් කරන ආකාරයේ පණිවිඩ නිකුත් කරන ලද අතර, මෙම උත්සවය SLT-MOBITEL ප්‍රාදේශීය කාර්ය මණ්ඩලයන් වෙනුවෙන් Peo TV Channel 200 ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

විශ්වාසනීය සේවාවක් මෙන්ම අනාගතයට වඩාත්ම සුදුසු පරිවර්තනයන් ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම ප්‍රතිලාභ සැලසෙන විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි. මෙම නව තේමාව, මිලියන 22 කට අධික පිරිසකගේ සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන්නකි. විප්ලවීය තාක්‍ෂණය සහ මෙවලම් සමඟින්, පාරිභෝගිකයින්ට නව ලෝකය ජය ගැනීමට අවශ්‍ය පිටුබලය ලබාදීම සඳහා SLT-MOBITEL අන් කවරදාටත් වඩා අද දවසේ අවධානය යොමු කර ඇත.

ලොව කැපීපෙනෙන නව ප්‍රවණතාවන්ට අනුවර්තනය වීමට සහ එමගින් ප්‍රතිලාභ ලැබීමට පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා සමාගම දරන උත්සාහයට සමගාමීව නිර්මාණය කළ නව විසඳුම් කිහිපයක්ද මෙම උත්සවය අතරතුර එළිදක්වන ලදී. වර්තමානයේ අධිවේගී සම්බන්ධතාවන්හි වැදගත්කම හොඳින් හඳුනා ගනිමින්, තම බ්‍රෝඩ්බෑන්ඩ් වේගය 200 Mbps දක්වා වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එමෙන්ම නව අතථ්‍ය ලෝකයේ සැරිසැරීමට සහ නවතම ඩිජිටල් ප්‍රවණතාවන්හි මහිමය අත්විඳීමට පාරිභෝගිකයන් අවස්ථාව සලසා දෙමින්, 'Traverse' හරහා ශ්‍රී ලංකාවේ පළමු immersive metaverse අත්දැකීම ලබා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත. ‘Traverse’ තුළදී පාරිභෝගිකයන්ට අලංකාර භූ-දර්ශන ඇතුළුව අතථ්‍ය ලෝකයේ රමණීයත්වය සිත් සේ අත්විඳිමින් බොහෝ දේ අත්හදා බැලීමට අවස්ථාව ලැබේ. එමෙන්ම ඉදිරි වසරවලදී සමාජය තුළ අර්ථවත් පරිවර්තනයන් සිදු කිරීමට සහ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වන 'Google Assistant', 'MySLT Fault Localizer' සහ 'Cargills off the shelf package' ඇතුළු තවත් විසඳුම් පෙළක්ද මෙහිදී හඳුන්වා දෙන ලදී.

නව වසර දෙස අන් කවරදාටත් වඩා සුභවාදී ලෙස බැලිය හැකි බව SLT-MOBITEL විශ්වාස කරයි. නව තේමාවෙන් පන්නරය ලබමින්, 2023 වසර අසීමිත අවස්ථාවන් සහිත නව ආරම්භයක් බවට පත්කිරීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අවශ්‍ය පන්නරය ලබාදීම SLT-MOBITEL හි පරමාර්ථය වී තිබේ.  

  • Ada Derana BIZ Sinhala
  • SAFA
  • SLT-MOBITEL
  • sri lanka

SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

January, 10, 2023

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ SAFA රන් සම්මානය හිමි විය' විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත් lsරීම" ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානh කෙරේ'

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී 'සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය' යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය' ජාත්‍යන්තර බදුකරණය සහ ඩිජිටල් මුදල් පිළිබඳ පැවති සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සම්මාන උළෙල පැවැත්විණි'

SLT - MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්‍යාධිකාරී අනුරුද්ධ සූරියාරච්චි සහ මුල්‍යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්‍යාධිකාරී ඉන්ද්‍රජිත් ප්‍රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ'

'No Dream Too Big' තේමාව යටතේ ඉදිරිපත්කරන ලද SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින් තාක්ෂණික පරිණාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත කැපවීම පිළිබිඹු කරයි'

SAFA සම්මානය, SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව සඳහා වසර පුරා හිමි වූ ඇගයුම් රැස අතරට එක් වූ තවත් කීර්තිමත් ඇගයුමකි'

  • Ada Derana BIZ Sinhala
  • HNBF
  • HNBF FINANCE
  • sri lanka

HNBF FINANCE වෙතින් කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට වැඩමුළු මාලාවක්

January, 9, 2023

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC විසින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයින් (MSME) සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ වසරේ දෙවන මූල්‍ය සාක්ෂරතා වැඩමුළුව පසුගියදා හලාවතදී පැවැත්විණි.

මෙම වැඩමුළුව හලාවත - කොළඹ පාරේ ශ‍්‍රී විජයාරාම විහාරය දී පැවැත්වුණු අතර HNBF හි පාරිභෝගිකයින් සහ ඊට පරිභාහිර ව්‍යවසායකයින් 100 දෙනෙකු පමන මෙම අවස්ථාවට සහභාගී විය. මෙම වැඩමුළුව හා එක් වූ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ පුද්ගලික සහ ව්‍යාපාරයට අදාළව ගිණුම් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව දැනුවත් කළ අතර මේ සඳහා උපකාර වන මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පොත් පිංචක් ලබාදුන් අතර ඉදිරියේදී ඔවුන් සමඟ එකතුවන්නන් සඳහා මාර්ගෝපදේශ සැපයීමට HNBF හලාවත ශාඛාවේ කාර්ය මණ්ඩලය ද පැමිණ සිටියහ.

HNBF අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ, HNBF පුහුණු ප‍්‍රධානී අනුර උඩවත්ත සහ HNBF හලාවත ජ්‍යෙෂ්ඨ ශාඛා කළමනාකාර රසික ෙප්‍රේමලාල් යන මහත්වරුන් මෙන්ම ්‍යභඊත්‍ හි අලෙවිකරණ සහ පුහුණු කණ්ඩායම්වල අනෙකුත් සාමාජිකයින් සහ ශාඛා කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

HNB FINANCE හි අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන්නේ සමාජීය වශයෙන් ජනතාව දැනුවත් කිරීමයි. ප්‍රාග්ධන කළමනාකරණය ල ඊට අදාළ ගැටලු විසඳීමෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන් අතර සමාජ-ආර්ථික තත්වය ඉහළ නංවාලීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් HNBF අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා සඳහන් කළේය.

”අපගේ නිෂ්පාදන සහ සේවාවන් බොහොමයක් හරහා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන්ට අරමුදල් සැපයීමට සහ ඔවුන්ව ශක්තිමත් කිරීමට අවධානය යොමු කරන අතරම ඔවුන්ව ඉතුරුම් පුරුද්ද වෙනුවෙන් දිරිමත් කරනවා. මෙම වැඩසටහන සමඟින්, අපගේ අතිවිශාල පාරිභෝගික පදනමේ මූල්‍ය සාක්ෂරතාවය පුළුල් කරමින් ඔවුන්ගේ හැකියාවන් උපරිමය කරා වර්ධනයට උපකාර කරන අතරම එමගින් ඔවුන්ට තිරසාර සහ සුරක්ෂිත ආර්ථිකයකට දායක වීමටත් හැකි වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

මෙම වැඩසටහන දිවයින පුරා මාසික වැඩමුළු මාලාවක් ලෙස පැවැත්වීමට HNB FINANCE ආයතනය බලාපොරොත්තු වේ.