• Ada Derana BIZ Sinhala
  • HNBF
  • HNBF FINANCE
  • sri lanka

HNBF FINANCE වෙතින් කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට වැඩමුළු මාලාවක්

January, 9, 2023

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC විසින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයින් (MSME) සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ වසරේ දෙවන මූල්‍ය සාක්ෂරතා වැඩමුළුව පසුගියදා හලාවතදී පැවැත්විණි.

මෙම වැඩමුළුව හලාවත - කොළඹ පාරේ ශ‍්‍රී විජයාරාම විහාරය දී පැවැත්වුණු අතර HNBF හි පාරිභෝගිකයින් සහ ඊට පරිභාහිර ව්‍යවසායකයින් 100 දෙනෙකු පමන මෙම අවස්ථාවට සහභාගී විය. මෙම වැඩමුළුව හා එක් වූ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ පුද්ගලික සහ ව්‍යාපාරයට අදාළව ගිණුම් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව දැනුවත් කළ අතර මේ සඳහා උපකාර වන මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පොත් පිංචක් ලබාදුන් අතර ඉදිරියේදී ඔවුන් සමඟ එකතුවන්නන් සඳහා මාර්ගෝපදේශ සැපයීමට HNBF හලාවත ශාඛාවේ කාර්ය මණ්ඩලය ද පැමිණ සිටියහ.

HNBF අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ, HNBF පුහුණු ප‍්‍රධානී අනුර උඩවත්ත සහ HNBF හලාවත ජ්‍යෙෂ්ඨ ශාඛා කළමනාකාර රසික ෙප්‍රේමලාල් යන මහත්වරුන් මෙන්ම ්‍යභඊත්‍ හි අලෙවිකරණ සහ පුහුණු කණ්ඩායම්වල අනෙකුත් සාමාජිකයින් සහ ශාඛා කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

HNB FINANCE හි අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන්නේ සමාජීය වශයෙන් ජනතාව දැනුවත් කිරීමයි. ප්‍රාග්ධන කළමනාකරණය ල ඊට අදාළ ගැටලු විසඳීමෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධනය කිරීමෙන්, අපගේ ගනුදෙනුකරුවන් අතර සමාජ-ආර්ථික තත්වය ඉහළ නංවාලීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් HNBF අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා සඳහන් කළේය.

”අපගේ නිෂ්පාදන සහ සේවාවන් බොහොමයක් හරහා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන්ට අරමුදල් සැපයීමට සහ ඔවුන්ව ශක්තිමත් කිරීමට අවධානය යොමු කරන අතරම ඔවුන්ව ඉතුරුම් පුරුද්ද වෙනුවෙන් දිරිමත් කරනවා. මෙම වැඩසටහන සමඟින්, අපගේ අතිවිශාල පාරිභෝගික පදනමේ මූල්‍ය සාක්ෂරතාවය පුළුල් කරමින් ඔවුන්ගේ හැකියාවන් උපරිමය කරා වර්ධනයට උපකාර කරන අතරම එමගින් ඔවුන්ට තිරසාර සහ සුරක්ෂිත ආර්ථිකයකට දායක වීමටත් හැකි වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

මෙම වැඩසටහන දිවයින පුරා මාසික වැඩමුළු මාලාවක් ලෙස පැවැත්වීමට HNB FINANCE ආයතනය බලාපොරොත්තු වේ.