January, 6, 2023
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කරයි.
ලෝක වෙලදපොලේ මිල පහලයාමේ වාසිය ඍජුවම පාරිභෝගිකයාට ලබාදීම සඳහා මෙම තීරණය ගත්බව ලාෆ්ස් ගෑස් සමාගම තවදුරටත් සඳහන් කර සිටින අතර ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරය නව මිල රු 5080ක් වන අතර කොළඹ දිස්ත්රික්කයේ කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 2032 වේ.
පාරිභෝගිකයන්හට දිස්ත්රික්ක අනුව වෙනස්වන මිල ගණන් සහ අදාල අනෙකුත් වැඩිදුර තොරතුරු ලබාගැනීමට ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා අංශය 1345 අංකය හරහා ඇමතිය හැක.
ඉදිරියටත් ලෝක වෙළදපොල ගෑස් මිල වෙනස්වීම් අනුව මෙරට ගෑස් මිල සංශෝදනය කරමින් මෙරට පාරිභෝගිකයාට සහන සැපයීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කරනබවට තවදුරටත් එම සමාගම දන්වා සිටී.
January, 6, 2023
Bodyline ආයතනයේ නිෂ්පාදන අංශය, Intimate Fashions India වැඩසටහන දියත් කිරීමට සහාය දක්වයි
ප්රමුඛ ඇඟලූම් නිෂ්පාදකයෙකු වන MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ්රී ලංකාවෙන් ඔබ්බට ගමන් කර ඇත. ඒ අනුව MAS Eco Go Beyond තිරසාර සංවර්ධන අධ්යාපන වැඩසටහන ඉන්දියාව දක්වා ව්යාප්ත කරන ලදී.
Eco Go Beyond වැඩසටහන කායරඹේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේදී දියත් කරන ලද අතර MAS හි ව්යාපාරික අංශය වන Bodyline ආයතනයේ නිෂ්පාදන අංශයක් වන Intimate Fashions India (Pvt) Ltd, සමඟ එක්ව මෙම වැඩසටහන කි්රයාත්මක කරන ලදී. එහිදී සම්මානලාභී චිත්රපට නිෂ්පාදක සහ අධ්යාපනඥ රාම්නාත් චන්ද්රශේකාර් සමඟ එක්ව දැනුම හුවමාරු කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබුණ අතර තිරසාරත්වය පිළිබඳ ප්රායෝගික අත්දැකීම් තුළින් දැනුම ලබා ගැනීමට හැකි විය.
”MAS හි අපගේ වැඩපොළවල් වටා සිටින ප්රජාවන් අපගේ ව්යාපාරයේ ශක්තිය බව අපි විශ්වාස කරන හෙයින් ඔවුන් අපට ලබාදෙන ශක්තියට සමගාමීවම අපි ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ද කටයුතු කරනවා. මීට වසර 15 කට පෙර තිරසර සංවර්ධන අධ්යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්යතාවය හඳුනා ගත් අපි සමාජය තුළ ඵලදායී වෙනසක් ඇති කිරීමේ අරමුණ සහිතව Eco Go Beyond වැඩසටහන දියත් කළා. මෙම වැඩසටහන ඉන්දියාව දක්වා ව්යාප්ත කිරීමට හැකිවීම ගැන අපි සතුටට පත්වන අතර අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ අත්වැල් බැඳගත් ගුරුභවතුන් හට අපි කෘතඥ වෙනවා.” යනුවෙන් MAS Holdings හි සමාජ තිරසාරත්වයේ ප්රධානී අමන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.
අධ්යාපන අමාත්යාංශය සමඟ එක්ව වසර 15ක් ශ්රී ලංකාවේ පුරා ක්රියාත්මක වන පරිදි Eco Go Beyond වැඩසටහන පාසල් 120කට අධික සංඛ්යාවක සක්රීය කර ඇත. වැඩසටහන සංවේදීකරණය, සක්රීය කිරීම සහ ප්රතිලාභ ලැබීම යන අදියර තුනක් හරහා තිරසර සංකල්ප ඉස්මතු කරයි. පවතින ක්රමවේද වෙනස් කිරීමේදී අධ්යාපන ක්රමය තුළින් සිදුකළ හැකි බලපෑම ඉමහත්ය. අධ්යයනය සඳහාම වෙන් කරන ලද කාලයකදී සම්පත් සහ ගුරුවරුන් සමඟ වඩාත් ඵලදායී බලපෑමක් සිදුකල හැකි ස්ථාන වශයෙන් පාසල් හඳුනාගත හැකිය.
කායරම්බේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේ දී මෙම වැඩසටහන දියත් කිරීම සඳහා සිසුන්, අධ්යාපනඥයින්, ආරාධිත කථිකයන්, ප්රජා නායකයින් මෙන්ම MAS, Bodyline, සහ Intimate Fashions India හි නියෝජිතයින් ද සහභාගී විය.
MAS විසින් දිරිමත් ප්රජාවන් නිර්මාණය කිරීම සඳහා වන MAS “Plan for change” තිරසර සැලසුමේ කොටසක් ලෙස, MAS සමාගම ක්රියාත්මක වන අනෙකුත් ප්රජාවන් වෙතට පිවිසෙමින් ඉදිරි වසර කිහිපය තුළ Eco Go Beyond වැඩසටහනේ ව්යාප්තිය අඛණ්ඩව කරගෙන යාමට බලාපොරොත්තු වේ.
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 16 ක් පුරා විලාසිතා සඳහා ප්රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇඟලූම් උද්යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.
වසර 35 ක ඉතිහාසයක් හිමි MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා, පරිසර සහ සමාජ සංවර්ධනය වැඩසටහන් මෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් හිමිව ඇත. MAS සමාගම 2022 දී Fast Company’s World Changing සඳහා අවසන් තරඟකරුවෙකු ලෙස තේරී පත් වූ අතර Reuters Responsible Business සම්මාන හි දී ඉහළ පැසසුමට ලක්විය.
නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය මෙන්ම නව්ය නිෂ්පාදන සහ සැලසුම් ප්රදර්ශනය කරමින් ඇඟලූම් කර්මාන්ත ප්රමුඛයෙකු ලෙස MAS සිය නාමය ලොව පුරා බබළවයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

January, 6, 2023
සර්ව ආගමික වත් පිළිවෙත් සිදුකරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව චාරිත්රානුකූලව 2023 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.
මේ වෙනුවෙන් HNB ප්රධාන කාර්යාලයේදී HNB සභාපතිනී, අරුණි ගුණතිලක, HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් සහ HNB විධායක අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ශාන් රොද්රිගෝ යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් පැවති සර්ව ආගමික වතාවත්වලින් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර මේ සඳහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2023 නව වසර වෙනුවෙන් පැමිණ සිටින සියලූ දෙනාට සිය සුභාශිංසන පිරිනැමුවේය.

January, 6, 2023
ශ්රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්රී ලංකා (FACETS SRI LANKA ) ප්රදර්ශනය දෙවසරක නිහැඬියාවෙන් පසු 2023 ජනවාරි මස 7 වන දා සිට 9 වන දා තෙක් කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර Facets Sri Lanka 2023 මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනය ලොව වටා සිටින වෙළඳ සංචාරකයන්, ව්යාපාරිකයන් හා ආයෝජකයන් ආකර්ශනය වෙනුවෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්රී ලංකා ප්රදර්ශනය සංවිධානය කෙරේ. ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්රර්ශනය සඳහා ජාත්යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්ය ප්රචාරණ කටයුතු සිදු කරමින් ප්රදර්ශනය සඳහා සහයෝගය පළ කරයි.
January, 5, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත.
මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, Teams, Office 365, Google Meet, YouTube, Facebook, WhatsApp, TikTok සහ Instagram වැනි ජංගම යෙදුම් රාශියක් රිසි සේ භාවිතා කළ හැකි වේ. තවද පාරිභෝගිකයන්ට කැමති පරිදි සංගීතයට සවන් දීමට හැකිවන ආකාරයට Spotify ද මීට ඇතුළත් කර ඇති අතර, අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා 4G anytime 1GB බෝනස් ඩේටා ප්රමාණයක්ද හිමි වේ.
SLT-MOBITEL Selfcare App එක භාවිතයෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ රු. 280 ක මුදලක් රීලෝඩ් කිරීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සතියක (දින 07) කාලසීමාවක් සඳහා මෙම පැකේජය සක්රීය කරගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම මෙහි රු, 990 සැලසුම ලබාගත හැකි අතර, එය දින 30 ක කාලයක් සඳහා වලංගු වේ. මෙම ගාස්තු වලට අදාළ සියලු බදු ඇතුළත් ය.
Non-Stop Work and Play යනු SLT-MOBITEL Mobile පාරිභෝගිකයන්ට තම ජීවිත වල අනිවාර්ය අංගයන් වන රාජකාරි, අධ්යාපන සහ විනෝදාස්වාද යෙදුම් රිසි සේ භාවිතා කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම එය පාරිභෝගිකයන්ට තම එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගන්නා අතරම සමාජ මාධ්ය ඔස්සේ තම හිතමිතුරන් හා සම්බන්ධ වීමටත් අවස්ථාව සලසා දෙයි.
January, 5, 2023
ශ්රි ලංකාවෙි ප්රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්රමනායක මහතා, පැල්වත්ත සමාගමෙි නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවෙිදින් මෙන්ම පැල්වත්ත නිෂ්පාදන බෙදාහරින්නන් හා නියෝජිතයන් රැසක් සහාභාගි විය.
පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. " අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදිමට හැකිවිම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණ මිල ගණන් යටතේ මෙි නිෂ්පාදනයන් මෙි වසරේ සිට වෙළෙදපලට නිකුත්කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙි සෑම නිෂ්පාදනයක්ම ඉහළ දේශිය කිරි යොදාගනිමින් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තව පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදුකරනවා."
අද වනවිට බොහෝදෙනා කෙටි ආහාර සහා පෙර සුදානමි කරන ලද ආහාර භාවිතයට පෙළෙඹි ඇත. මෙම නිසාම පැල්වත්ත පාරිභෝගිකයන් වෙනුවෙන් නිෂ්පාදන රැසක් හදුන්වාදිමට කටයුතු කර තිබෙි. එසේම මෙදින ලුණු , බැඳපු ස්වභාවික මිරිස් කුඩු සහා මිරිස් කැබැලි යොදාගෙන ග්රෑමි 200 ක ඇසුරුමක් ලෙස නිෂ්පාදිත පැල්වත්ත මිරිස් රසැති බටර් වෙළෙදපලට හදුන්වාදිම සිදුවිය. මෙමඟින් සැර හා ලුණු රසට කැමැති පාරිභෝගිකයන්ගේ ආහාරවෙිලෙහි නව පෙරළියක් ඇති කරනු ඇතැයි පැල්වත්ත සහතික වෙි.
එසේම මෙම වැඩසටහනේදි පැල්වත්ත සිලෝන් බටර් ග්රෑමි 10 ක නව ඇසුරුම ද වෙළෙදපලට හදුන්වාදිම සිදු වු අතර එය 82% පිරිසිදු ශ්රි ලාංකිය කිරි මෙිදය ප්රමාණයක්, 16% ට අඩු ඝන කිරි මෙිද ප්රමාණයක් සහා 1.35% ට වඩා අඩු ලුණු ප්රමාණයක් යොදාගනිමින් 16% වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.එමෙන්ම පැල්වත්ත එළඟිතෙල් ග්රෑමි 500 නව ඇසුරුමක් එළි දැක්විමද මෙහිදි සිදු වු අතර, එය 99% ක පිරිසිදු දේශිය කිරි මෙිදය සමඟින් 0.5 අඩු තෙතමනයක් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයින් වෙත නිකුත් කරනු ලබයි.
සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්, පැල්වත්ත නිෂ්පාදන වලට ප්රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්, වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.


January, 5, 2023
ශ්රී ලාංකීය හරිත ආයෝජන ක්ෂේත්රයේ ප්රමුඛයා මෙන්ම ශ්රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්යාපාරයේ 2021-2022 වාර්ෂික සම්මාන ප්රධානය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී රන්, රිදී, ලෝකඩ සම්මාන ඇතුළු මුදල් ත්යාග 150කට අධික ප්රමාණයක් පිරිනැමීය.
ජනතාවට විශිෂ්ට ප්රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ්රී ලාංකික සමාගමක් ලෙස ජනප්රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම සිය ස්ථාවරත්වය හා ඔරොත්තු දීමේ හැකියාව මනාව පිළිබිඹු කරමින් 'Forestry Award 2022- REDEFINING RESILIENCE’ යන තේමාව යටතේ සංවිධානය කර තිබුණි. සමාගම මෙම සම්මාන රාත්රියේදී කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය, සේවා හැකියාවන් සහ වෙහෙස මහන්සිය හා කැපවීම ඉහළින් අගය කෙරිණි. මෙම විශේෂ සම්මාන උළෙල දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඩ් හි දී සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතාගේ සහ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු 650කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
මෙහිදී 2021/22 වර්ෂය තුළ විශිෂ්ටතා දැක්වූ අලෙවිකරණ කාර්ය මණ්ඩලයට, සම්මාන 150 කට අධික ප්රමාණයක් ඇතුළුව විදේශ සංචාර, මුදල් ත්යාග සහ සහතික පිරිනමන ලදී. මීට අමතරව, අලෙවිකරුවන්ගේ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ‘Most Outstanding’ යටතේ විශේෂ සම්මාන 07ක් ද පිරිනැමිණි.
සම්මාන උළෙලට සපැමිණි පිරිස අමතමින් සභාපති සතීස් නවරත්න මහතා මෙසේ පැවසීය. “අපගේ සේවකයින්ගේ ගුණාත්මකභාවය සහ උද්යෝගිමත්භාවය පිළිබඳව මා නැවත නැවතත් පුදුමයට පත්වනවා. ගෝලීය වසංගතයක් හමුවේ සමස්ත ආර්ථිකයම අර්බුදකාරී තත්ත්වයක පවතිද්දී පවා සිය අලෙවි ඉලක්කයන් සපුරා ගනිමින් විශිෂ්ඨ කර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා. ශ්රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස මෙන්ම පසුගිය වසර ගණනාවක දේශිය අගාවුඩ් වෙළඳපොලේ හොඳම අගාවුඩ් සඳහා වන ගෞරවය අප සමාගම සතු වනවා. 1300කට ආසන්න අපගේ සමස්ත සේවක මඩුල්ල මෙලෙස ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය පිරිනැමීමට අවස්ථාව හිමිවීම මහත් සතුටක්.”
අගාවුඩ් වෙළඳ පොළේ ප්රමුඛතම දේශීය සන්නාමය වන සදාහරිත සමාගම මීට වසර 20කට ඉහත සමාගම ආරම්භ කරමින් ප්රථමයෙන්ම හඳුන්වා දුන් මහෝගනී හරිත ආයෝජනය සඳහා වසර විස්සක් කල් පිරුණු ආයෝජකයින්ට ද මෙම සම්මාන රාත්රියේදී ඔවුන්ට හිමි ප්රතිලාභ ප්රදානය කිරීමට සමාගම කටයුතු කළේය. එහිදී මහෝගනී ආයෝජනයින් සියලු දෙනා වෙනුවෙන් වසර විස්ස සම්පුර්ණ කරන ලද පාරිභෝගිකයින් තිදෙනෙක්ට සංඛේතාත්මකව ඔවුන්ට හිමි ප්රතිලාභ ප්රධානය කෙරිණි. සදාහරිත සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 35,000 කට අධික සංඛ්යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්රතිලාභ හිමිකර දෙමින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්රතිලාභ පිරිනැමීම ද පසුගිය වසරේ සිදු කෙරිණි.
සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින් “අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නගා ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.“ යැයි පැවසිය.
සදාහරිත වැවිලි සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව වර්ධනය වන හෙයින්, පාරිභෝගික සේවාවන් ලබා දීම සදහා ශාඛා 30 ක් සහ 500 කට අධික විකුණුම් කාර්ය මණ්ඩලයක් මගින් එහි තෘප්තිමත් පාරිභෝගික ජනතාවට උසස් සේවාවක් සැපයීමට කැපවී සිටී.
January, 5, 2023
ශ්රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්ය අංශ ප්රතිපත්ති ප්රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව කියා සිටී.
උද්ධමනය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.
January, 5, 2023
ශ්රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිස අතර ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) හා අමුල් (Amul) කිරි සමාගම එක්ව ශ්රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයට අවශ්ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.
ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්ය කෙටි, මධ්ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබිණි.
එම කමිටුවේ සාමාජිකයින් සහ ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ (NDDB) නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර අදාළ වැඩසටහනේ ප්රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.
ඉන්දීය ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ පළමු ලේකම් ආචාර්ය රාකේෂ් පාන්ඩේ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
January, 4, 2023
ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටිමට තීරණය කළ බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට අපි තීරණය කළා” යැයි අමාත්යවරයා පැවැසීය.
Video Story