• Ada Derana BIZ Sinhala
  • LAUGFS
  • sri lanka

ලාෆ්ස් ගෑස් මිල අඩුකෙරේ

January, 6, 2023

ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කරයි.

ලෝක වෙලදපොලේ මිල පහලයාමේ වාසිය ඍජුවම පාරිභෝගිකයාට ලබාදීම සඳහා මෙම තීරණය ගත්බව ලාෆ්ස් ගෑස් සමාගම තවදුරටත් සඳහන් කර සිටින අතර ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරය නව මිල රු 5080ක් වන අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 2032 වේ.

පාරිභෝගිකයන්හට දිස්ත‍්‍රික්ක අනුව වෙනස්වන මිල ගණන් සහ අදාල අනෙකුත් වැඩිදුර තොරතුරු ලබාගැනීමට ලාෆ්ස් ගෑස් පාරිභෝගික සේවා අංශය 1345 අංකය හරහා ඇමතිය හැක.

ඉදිරියටත් ලෝක වෙළදපොල ගෑස් මිල වෙනස්වීම් අනුව මෙරට ගෑස් මිල සංශෝදනය කරමින් මෙරට පාරිභෝගිකයාට සහන සැපයීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කරනබවට තවදුරටත් එම සමාගම දන්වා සිටී.